කවියෙකු නොවන කෙනෙකු
ආදරයෙන් අසිපත් තනන
පෙම් සටන් ඇති තැන්වලම
රන් කාසි මල්ලකට කඩුවක් දෙන
කිසි කවියෙකුට අසිපතක් නොදෙන
කිසි කවියෙකු අත රන් කාසි නොතිබෙන
කිසි කවියෙකුට අන් පෙමක් හිමි නොවන
මම
පෙම් සටනකට මැදි වෙන
ඒ අයව අත් හරින්නට බැරිව
ආදර අසිපතක් සොයන
රන් කාසියක් මදිව සිඟමන් යදින
පෙම් සටන් පරදින
කඩු සටන් නොතේරෙන
මේ මෝඩකම
තවත් ආත්මයකට ගෙන යන්න කියන
ඔබේ වංචාකාර ප්‍රේමය
කොහේ හෝ කන්දකින් වැටී මිය යා යුතු
මේ ආදර සාපය
ආදරයෙන්ම කරන ලද
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "ආදරයෙන් අසිපත් තනන"