Archive > December 2012

අයිරීන් ඇඩ්ලර

අයිරීන් ඇඩ්ලර ඒ ඔබද ආවේ සුදු අශ්වයෙකු පිට මා වයලීනයේ තත් හඬවන ඇතුළු හදින් ගීතයක් ගයන වසඟකාරී කටහඬ සමඟ ඒ ආවේ ඔබද අයිරීන් ඇඩ්ලර බේකර් වීදියෙත් සුදු රෝස මල් පිපෙන ආදර හසුනක් ලියන්නට මගේ හිත බල කරන අත් මේස් නොපැළැදි වෙලාවක ඔබේ වම් අත සිපගන්න මට හිතෙන වනමින් විජිණිපත ඇඟිලි තුඩු අගින ඒ ආවේ ඔබද [...]

Continue reading

හිම වැටෙන

කළුතර උතුර දුම්රියපොළට හිම වැටෙන උල් සපත්තුව අග්ගිස්ස හිම ගුලියකින් කිති කැවෙන අත් කොට බ්ලවුසය දිග අතක් ඉල්ලා වැළපෙන වෙනදාට සුළඟට මැසිවිලි කියන කෙට්‍ටු සුදු ඉද්ද ගස් පොරවාගෙන සීත කබා අල්ලාගෙන අතින් අත බේබද්දන් මෙන් වැනෙන පානදුරයටත් හිම වැටෙන රේල්ලුව මෆ්ලරයක් ඉල්ලන ගාඩ් තැන රවමින් ඒ නොසලකන ඔහේ දුම් දමමින් යන්න අණ දෙන මොර‍ටුවටත් හිම [...]

Continue reading

ප්‍රේමයේ මත්ද්‍රව්‍ය

ප්‍රේමයේ මත්ද්‍රව්‍ය කැමැත්තෙන් එන්නත් කෙරෙන මද ගැස්මක් සමඟ දේදුන්නක් පහළ වන දිලිසෙන දම් පාට විටින් විට නිවී යන වැම්පයර රතු පාට මහත් භීතියක් ඇති කරන ප්‍රේමයේ මත්ද්‍රව්‍ය මාත්‍රාව වැඩි කෙරෙන සමනලුන් පියාඹන සාවුන් ද පියාඹන පක්ෂීන් පියාඹන්නට බෑ කියන උරහිසට පහළින් සිනිඳු අත්ත‍ටු යුගල මතුව එන කුඩා රිදීමක් විටින් විට හට ගන්න විහිලුවට මෙන් පියාඹන්නත් [...]

Continue reading

සියලු වැඩ අතපසු කර

සියලු වැඩ අතපසු කර කියවා ඇත ඔබේ කවි කුඩා කඳුළක් නොවැ‍ටුණත් බිමට ගිනි දල්ලක් නැඟී ඇත හිත වට සුරංගනා කතාවක පටන් ගැන්මක් අතරතුර අවසානයට දිගුවක් එකතු කරමි නිතරම මම මුහුදු වෙරළය නිතර මා කළඹන උයනය නිතර මා සනසන මාරුවෙන් මාරුවට කැළඹීමටත් සැනසීමටත් ගමන් කර ඇත දෙතැනටම මහත් වැස්සේ නැ‍ටුම හින්දි සිනෙ රූ සිහි කරන අපේම [...]

Continue reading

ඔබේ ඔය කටහඬ

කලබල ඇති කරන සීත දිය ඇල්ල දුරකතන ඇතුළෙන් ගලා හැලෙන ඔබේ ඔය කටහඬ කෝච්චියට දුවන අතර වැදගත් දේ ලියන අතර සිහි නැතිව සිහි මදව හොඳින් සවන් දෙන්නට පුරුදු කළ සීත දිය ඇල්ල අද හවසත් කඩා වැ‍ටුණ කලින් කතා කරගත් දෙබසින් කඩින් කඩ නිශ්ශබ්දතාවය පැතිර යන මහත් කලබලයක් ඇති කරන ඔබේ ඔය නොසන්සුන් කටහඬ සීත දිය [...]

Continue reading

මේ අසනීපය,ආලය නම්

බෝවෙන ලෙඩක් මෙන් ඔබෙන් මට මාරු වුණ මේ අසනීපය ආලය නම් කාලය සුව නොකරන සැම ඔසුවකින් රෝගය උත්සන්න වන කොලරා වාට්‍ටුවක නැවතෙන්නත් කැමති හිතෙන අසමාන අසනීපයකි ආලය නමින් බොහෝ අය හදුනන

Continue reading

ඒබ්‍රහම් ලින්කන්ගේ වැම්පයර දඩයම

කුඩා ඒබ්‍රහම් තම සටහන් පොතේ යමක් ලියමින් සිටියි. නිවසින් එළියේ අසාමාන්‍ය මීදුමක් සහිතය. අශ්වයෙකුගේ කුර ගැටෙන හඬක් සමඟ උසැති කළු තොප්පියක් ලාගත් මිනිසෙකු නපුර ‍රැගෙන පැමිණෙයි. තම මවගේ ඇදට උඩින් පිහිටි ඒබ්‍රහම්ගේ ඇද මත බියෙන් තැති ගනිමින් බලා සිටින ඔහු දකින්නේ මවගේ ඇද අසල ඇගේ මුහුණට එබී සිටින ජැක් බාට්ස්වය. පසුදා උදෑසන යටිගිරියෙන් කෙරෙන කෑ [...]

Continue reading

හැම හැන්දෑවම

අදත් ඇතුළු හැන්දෑවරු දෙසිය ගණනක් මිටි කර ‍රැක ගනු නොහැකිව අත්ලෙන් ගලා ගිය ඔබ කැමති කොයි හැන්දෑවටද තවම අසා දැනගන්නත් බැරිව ගිය මම කැමති කොයි හැන්දෑවටද කොපමණ ඇසුවත් පිළිතුරු නොදුන්න මං කොහොම සසදන්නද සුසුමින් පවුරු සාදන්නද මං කොහොම පහදන්නද සිඹිනු බැරි හැන්දෑවක නැවත හමුවෙන්නද ගැහෙන හදවත නවතන්නද කොහොම නොකියා ඉන්නද හැම හැන්දෑවම දේදුන්නක් සේ එළිය [...]

Continue reading

විදුලිය සරි ආදරය

තාප උදුනකින් තම්බා ගන්න නියමිත බිත්තරයක්ව උණු වතුර අතර මැද තැම්බීම පමා කරමින් මද රස්නය ඇති තැනක ලැගුම් ගන්න සිතන අනුවණකම මඟ හැරෙන විදුලිය සරි ආදරය

Continue reading

වෙඩි වැදී

පිලිස්සුම් සහිතව තැනින් තැන වෙඩි වැදී සංග්‍රාම භූමියක එක්තරා ආලයකින් මම නැව් බද කෙලවරක අඩමානෙකට වාඩි ගෙන වෙදකම් නොදන්නා බවට දිවුර දිවුරා කියමින් ඔබ

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com