හිම කුමාරි මේ හිම කතර හරි උණුසුමින් දැන් මගේ දඩයක්කාර ඇස සොය සොයා ඇපල් ගෙඩියක රස අතරමං වීගෙන මරු කතර මැද ඇගේ සුසිනිඳු යටි පතුල තබා ගිය මේ හිම අඩි සළකුණ බොහොම පරණයි සුසුවඳ නොදැනෙන ඉව පාර සොයා ගත නොහැකිව දඩයක්කාර බවකට නොසරිලන මේ සිතිවිල්ල මා ගෙඹි ආත්මයකට ඇද දමන සදාකල් නිදන නිදි කුමරියක මුණ […]
Archive > January 2013
ලා නිල් කෝච්චියේ
නන්නාදුනන පපුතුරක මහත් සෙනඟ මැද සැඟව ඉන්න නන්නාදුනන උරතලයක යන්තමින් හිස හොවාගන්න ලා නිල් කෝච්චිය තව තවත් සෙනඟ ගිල ගන්න විලවුන් පුසුඹය කෙහෙරැළි සුළඟේ යවන මන්දස්මිතයය ක්ලාන්තය වැඩි කරන ඔබේ ෂර්ට් අත ලිප්ස්ටික් තවරන්න මගේ ගෙළ මත රළු කොණ්ඩා පැටලෙන්න ලා නිල් කෝච්චිය තව සෙනග පොඩ්ඩක් ගිල ගන්න බොන්සායි මිනිසුන් තවත් විසිතුරු කරන්න මින්ට් සුවඳැති […]
මඟුල් සක්වල
ඩිස්ට්රස් ලෝන සමඟ ක්ෂණික ලෝනද අතමාරුවට ලක්ෂ කිහිපයක් සියයට විස්සක පොළියට ඉතිරි ටිකද එකට දමා ලොකු ගෝනියකට සොලවා ඇති වෙන්න සල්ලි බැඳ හෝටලයට මල්කරුවන්ට-සිත්තම්කරුවන්ට-සංගීතකරුවන්ට හති හළන විට මොහොතකට රන්කරුවන්ට දිය යුතුය තවත් ටිකක් කල්ප වෘක්ෂය සොලවා තාත්තා ගෙනා මොනර කොළ මිටියෙන්ය දුන්නේ අත්තිකාරම කේක් තට්ටු කිහිපයට වෙඩින් කේක් පන්සීයයක්ය ආරාධනා පත්ර පන්සියය එක්කම හති මහන්සිය […]
තණකොළ මලක් උඩ
තණකොළ මලක් උඩ අදරැති රැයක් ගෙවීමි විසල් පිනි කැට කිහිපයකට තෙතබරිතව මුහුලස විදා සිටිමි පළමු හිරු රැස් දහර උරා බී මත් වීමි මධුය තවත් මල් කැකුළු මත හිස වනන කටුස්සන්ද සැරිසරන මා උපායෙන් ගැලවෙන්න නොදන්න හිංසාවකින් නැලවෙන්න නොදන්න තවත් උදෑසනක් ළඟ බොහෝ කලබලව තණකොළ මලක් උඩම තවම
ඔබේ ඔය මළ ඉලව් සාය
සාදය, මගේ රැළි රැළි දිග සාය ප්රතිශේප කළ සාදය, මගේ තඹ කෙහෙරැලි පිළිකෙව් කළ මළ ඉලව් සාදය මා සමඟ නටන අය පා පැකිලී බිම වැටුණ ඒ අය කිව්වේ ඔබේ ඔය මළ ඉලව් සාය තඹ කොණ්ඩය අපි හැමෝම බිම වට්ටන Ball Ball The one that rejected my maxi skirt Ball The one that refused my coppery […]
කුවේරය
කුවේරය ආලකමන්දාවද පෙනෙන්නේ අර දුර ඈත ගන්න මේ සුරා ඔඩම දුහුල් සළු රූටයි ගිරි මතින ජීවිතය නිතර පදම වැඩි වෙන මෙ’ගිර මා ළය අවුළන දිනක පැන මිය යමි ඔබේ අතැගිලි අගින්ම පණ දෙන්න විටින් විට නෙළුම් ගෙන යන ළඳුන් කිහිප දෙනෙකුට ඉමහත් සාපිපාසාවකිනි දැවෙන්නේ මා ළය දිනක බිත්තියක සැඟවෙමි තෙත් රතු මැට්ටක සිතුවමක් වෙමි කුවේරය […]
බිළාල සංදර්ශන
අඩ අඳුර මැද නියොන් එළි දල්වන කහ,සුදු මෙන්ම ළා සුදු බිළාල කෙටි තාප්පය මැද සර්කස් පෙන්වන නැටි ඔසවා කොඩි මෙන් අහසට ගිනි වළලු මැදින් පනින්න සැරසෙන තාප්පය මැදින් සීතල වතුර ඉගිලෙන සියලු සර්කස මොහොතකට ගල් වෙන කීකරු ළමුන් මෙන් සීරුවෙන් හිටගෙන ලොම් පුරා ඇලවෙන වතුර පිසදන අමිහිරි ඥාව් හඬත් පතුරන බළල් බැණුමෙන් පළාතක් දෙදරවන සියල්ල […]
ලිලිපුට් කුරුලු
තණකොළ ගස් අතර කුරුමිට්ටන්ව ලිලිපුට් නගරයක ඇවිද යන විටින් විට වනමින් හිච්චි හොට තණකොළ මලක් දෙකක් කටට ලන චුයින්ගම් මෙන් හපමින් ළතැවෙන කොණ්ඩ කුරුල්ලන්ගේ උද්දච්චකම් ඉවසන පුංචි කුරුලු සේනාව ස්නානයට වතුර මල සූදානම්ය ඇගලා කුඩා නාන ඇඳුම් දමාගෙන තුවායක් ගෙල වට එන්න ගේ ඉදිරිපසින් ඔබ මිනීමරු බළල් ජනපදය නින්දේය කෙටි තාප්පය උඩ බලමින් එකිනෙකා නෙත් […]
ඇල්පෙනෙති තුඩ
ඇල්පෙනෙති තුඩ මේ දැනුත් ඇස’ග රිදවන කොහොම මා ඔබට බැඳුනාද පිටකවරයක් නැති පොතක ඉටි කවරයක් සේ