Archive > February 2013

සිනමා වසන්තයේ සම්මාන උත්කර්ශය

සටන උණුසුම්ව පැවතුණ බවට කිසිම සැකයක් නැත. රිචඩ් පාකර් තම සිංහ බව අමතක කර පයිසින් මොලිටර් පටෙල් සමඟ ජීවිතාරක්ෂක බෝට්ටුවක පාවෙයි. මහලු වයසෙත් දියවී නොගිය ආදරය කියන අමොර් තවත් පැත්තකය. ටෙහරහානයේ සිරවී සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනෙකු බේරා ගන්න ව්‍යාජ සිනමාපටයක් රූගත කරන්නට යන රහස් ඒජන්තයෙකු හිස ගිනිගෙන තවත් තැනකය. ඒබ්‍රහම් ලින්කන් බරට අඩි තබමින් [...]

Continue reading


සේකර විතරයි

තුංමං හන්දියෙ උසට උසේ සේකර විතරයි හිටගෙන පෙරේත ත‍ටු සිය ගාණක් නෙළුම් පොකුණ ළඟ ටවුන් හෝලය ළඟ ඔදාලය ළඟ කැම්පසය ළඟ විරිත්තමින්-හිස කසමින් බුලත් කෙළ පහර ලේලන්ඩ් බසයේ පිටකොන්ද දිග රතට රතේ කැතට කැතේ සේකර විතරක් හිටගෙන තුංමං හන්දිය ළඟ ඊයම් කොළයක් ගුලි කරගෙන දකුණතින් කොළ රෝළක් කිහිල ගන්නගෙන ලේලන්ඩ් බස් හැටට හැටේ ඔදාලය ළඟ [...]

Continue reading

ස්වල්ප ඇල්මක්

රහසක්ය යළි යළිත් අසනු බැරි තුඟු ගොඩනැඟිලි මතින් දේදුන්න කඩා වැටෙන්නට පෙර එනුවර-මෙනුවර වෙන් කරන්නට පෙර මෙඩූසාට ඔබේ ඇස බලන්නට ඕනෑ වෙන්නට පෙර කිව යුතුය සියල්ල දැවී හළු වී යන්නට පෙර කොඳුරා කිව යුතුය මට නවතින්න බැරි බව පියාඹන්නට බැරි බව අත්ත‍ටු තෙමී ඇති බව මේ ස්වල්ප ඇල්මක් පමණක්ම බව ඒ නුවර සිට මේ නුවරටම.

Continue reading

උත්කර්ෂයකි මේ දැක්ම

සෙමින් දැවෙමින් නිවෙමින් සෙවනැල්ල වටා නටමි ආලෝකය මා වටා අතුරන්න ගසක කදක් මෙන් කඩා වැටෙන්නට ඔබ වෙතට උත්කර්ෂයකි මේ දැක්ම ඇඟිලි තුඩු පවා කිතිකවන සුළඟක්-සීතක් නැතිව හීගඩු පිපෙන ඉසියුම් උන්මාදයකි මේ බැල්ම පාවීමකින් මවෙතට එන්න සරත් පතක් මෙන් සිලි සිලිය නඟන්න ‍තෝර ‍තෝරා රසවත්ම වචන තෙපලන්න මේ උත්කර්ෂයෙන් මා නහවන්න පෙම්වත ගසක කදක් මෙන් ඔබ [...]

Continue reading

ප්‍රේමයේ ඉමිහිරි ඉස්මුරුත්තාව

සතුරන් අත මිතුරු පණිවුඩ මට ඔබෙන් පලා යන්නට වුවමනා විට සතුරු කරදර නන්චකුවක් කම්මුල් තලා දමන සිඟිති කිනිස්සක් නිය තුවාල කරන වෙඩි උණ්ඩයක් ළය කීතු කරන ප්‍රේමයේ ඉමිහිරි ඉස්මුරුත්තාව නෞකාවකින් බිමට වැ‍ටුණ වෙඩි උණ්ඩ පරදන මේ පණිවුඩ කාලතුවක්කුවකින් පිටව ගිය

Continue reading

සංතුෂ්ටිය පතුළ

හිංසාව වැරදි නැත කම්මුලක් රතු වුණාට කමක් නැත කිසියම් මොහොතක ‍රැළි නඟනු ඇත ගිලී යනු ඇත සංතුෂ්ටිය පතුළටම

Continue reading

මුකර්ජිත් රාණිය

මුකර්ජිත් රාණිය භූතයෙකුට ආල සිතින්ය ඇල්ලීම තහනම්ය සිඹින්නත් තහංචිය මුකර්ජිත් රාණිය භූතයෙකුට ආලයෙන්ය

Continue reading

හිතක බිහිසුණු කෙලවරක

හිතක බිහිසුණු කෙලවරක සුවඳ විහිදෙන දිය පොකුණක් ඇති ගිලෙන්නටත් හැකි ස්නානයටත් ඉඩක් ඇති මුදු මුහුණ තෙරපා ඉවුර ළඟ ඔබේ ලස්සන බලන්නත් හැකි හිතක බිහිසුණු කෙලවරක

Continue reading

රන් වුව

රන් වුව දිලිසීම නතර කළ හැක එක්තරා කාලයක කැපී පෙනී වෙහෙස වූ පසුව මට වුව ප්‍රේමයෙන් මිදිය හැක පිරී’තිරී ගිලී යනතෙක් එහිම ගිලුණ විට

Continue reading

වසන්ත නිද්‍රාව

අප හමුවෙන්න පෙර දවසට පැය තුනක් මම වසන්ත නිද්‍රාවට පත් වන වරල් අකුලා ළය සුසුම් පුපුරා අංශුවෙන් අංශුව පාවී යන ඒ අප හමුවන්න පෙර දැන් මම නිද්‍රාවට පත් වන පියවි සිහියක් නිතර නොලබන වසන්තය-ගිම්හානය පැටලෙන ළය ගැස්ම හොඳටම වැඩි වෙන අන්සතු වරලකින් පවා වෙරළකට ළඟා වන්නට සිතන භයංකාරය මේ තරම් සසැලීම වසන්ත නිද්‍රාවකින් අසංඛ්‍ය ආලයක [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com