Archive > March 2013

සමුදෙනු

පිළිකාවක් මෙන් මා තුළ වැඩෙන අතු රිකිල්ලක් මෙන් නුවමනා තැන අතු බෙදී යන මේ අපිළිවෙල සිතුවිල්ල ගසක මුලක් මෙන් ගලවා දමනු රිසිමි මම ඔබට ජලය නොදෙමි හිරු එළිය නොපෙන්වමි අවසානයක් නැති බව වැටහෙන මහත ඉරක් මෙන් ඇදී යන දිගු රේල් පීල්ලක මෙන් තවත් දුර මා කැදවා නොයනු සතුටම ඇති උස් කදු මුදුනකදීම මට සමුදෙනු ගසක [...]

Continue reading

වසන්තයෙන් පැන දුවමි

මම ඔබේ වසන්තයෙන් පැන දුවමි මල් පිපෙන්නට කම්මැලි ගසක් මෙන් උස යන්නට බය කුඩා පැළෑටියක් මෙන් ඔහේ මුළුගැන්වී සිටිමි ගලන අතරතුර ගල් වී ගිය කුඩා දිය ඇල්ලක් මෙන් නොගලා තරමක් මවිතව බලා සිටිමි එවිටත් මම ඔබේ වසන්තයෙන් පැන දුවමි ගසක් මෙන් දිය ඇල්ලක් මෙන් මහත් බියසුළුව

Continue reading

ගින්නක රිදුම්

උරහිසක යටට ගිලී ගිය දෙතොල් සලකුණක් ඇති විට ගිනි ගොඩක් මෙන් ඒ පිලිස්සුම් දෙන විට සීතල වතුරක ගිලී පල නැත ඇවිලෙන්නටම ඉඩ දී ගින්නක රිදුම් මතකයේ ගබඩා කරගත යුතු

Continue reading

ගිනි කඳු

ගිනි කඳු නොහදුනයි එකිනෙකා නො ඉල්ලයි අනෙකාගේ ගිනි හුදෙකලාවම සෙමෙන් දැවෙමින් තමන් නිවෙමින් යළිත් දැවෙමින් පුපුරා යයි කඳුළු නොදෙමින්

Continue reading

අන්සතු වස්තුවක

අන්සතු වස්තුවක හා ආදරෙන් බැදෙන්න හිත තදින් හිර කර හුස්ම ගන්නත් අමතක කර දුක ඔබේ ගෙළ සිර කරනු ඇත සිහින් ඉඳික‍ටුද තියුණු උල් ආයුධද හෘදය මාංශය කීතු කරනු ඇත යන යන තැන නොයන ඔබ නොයන තැනට යන අන්සතුකම ඔබව ලෝදිය ගංගාවකට හෙළනු ඇත ප්‍රේමයේ මධුර තනුවක ඔබේ ගොලුබව ගිලී යනු ඇත

Continue reading

නාටකීය කිවිසුම

නාටකීය කිවිසුමකි හිස මුදුනෙන් පටන් ගත් මේ සෑම විටම දෙලොවක් අතරය මම අතීරණාත්මකව මේ සා කිවිසුමකින් පලවා හරිම්ද සිතමින් තදින් හුස්ම ගනිමින් ඔබ රදවා ගන්න සිතමින් දෑස තෙමමින් කිවිසුමක් මෙන් ජීවිතය කෙටි කරන්න ඉඩ නොදෙමින් නාටකීය සළු පිළි හිතින් ඇදගෙනය ගීතයක් මුමුණමින කිවිසුමක් මෙන් ගලා යන්නට ඉඩ නොදෙමිනය එදා සිට අදටත් ඉතාමත් අනුවණව

Continue reading

ඔට්‍ටු සෙල්ලමක් මෙන්

ඔට්‍ටු සෙල්ලමක් මෙන් විනෝදයක්ද මෙය තිස්තුන්දහක විදුලියක් එහා මෙහා යවන්නට කාරණා සිදු කරන ඔබේ ඔය විදුලි කාර්මික වැඩ ඉවසමින් සනසමින් ඉන්නටම මා පොළඹවන

Continue reading

අසාධ්‍ය රෝගියෙකු මෙන්

අසාධ්‍ය රෝගියෙකු මෙන් මරණයට අත වනන එක්තරා නැවතුමක නොනැවතීම මඟ බලන හදිසියේම මා සුවපත් වන හරියටම සිනාවක් මතුවන තැනින් සිහිනයෙන් ඇහැරෙන

Continue reading

ආලයෙන් ආලය නසන

දොරක් හැර මතු වෙතැයි සිතමි ගීතවත් වචනයක් කියනු ඇතැයි සිතමි කාලයට ඉහළින් තවත් දේ තිබෙනු ඇත ආලයට පහළින් සියලු දේ ‍රැදී ඇත බැදෙනු නොහැකිම විට හදවත උඩින් ඇවිදිනු නොහොබී පිය සටහනකින් මා උමතු කරනු නොවටී පසු බසිනු පෙම්වත මේ අන්තිම දැනුම්දීම ආලයෙන් ආලය නසන එකම ක්‍රමය Destroy love with love I wish you’ll emerge through [...]

Continue reading

වැ‍ටුණු තැන කොතැන

වැ‍ටුණු තැන කොතැන සුවඳ කළ පැ‍රැණි ලියමන අගිස් නැවී දියවී ගිය දාතමත් ආමන්ත්‍රණයත් මැකී ගිය කටපාඩමින් ඡේද කැඩෙන තැන් මතක ලියමන මගේ සිහියේ නියම තැන් හරිගස්සන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com