පිළිකාවක් මෙන් මා තුළ වැඩෙන
අතු රිකිල්ලක් මෙන්
නුවමනා තැන අතු බෙදී යන
මේ අපිළිවෙල සිතුවිල්ල
ගසක මුලක් මෙන් ගලවා දමනු රිසිමි
මම ඔබට ජලය නොදෙමි
හිරු එළිය නොපෙන්වමි
අවසානයක් නැති බව වැටහෙන
මහත ඉරක් මෙන් ඇදී යන
දිගු රේල් පීල්ලක මෙන්
තවත් දුර මා කැදවා නොයනු
සතුටම ඇති උස් කදු මුදුනකදීම
මට සමුදෙනු
ගසක මුලක් මෙන් තනිව ඉදිරී යනු
ප්රතිචාර
Powered by Facebook Comments
05/04/2013 at 2:11 am Permalink
හ්ම්ම්… ඔය කිව්වට ජලය දේවි.. හොරෙන් හොරෙන් හිරු එළිය පෙන්නාවි… අවසානය නොදන්නා රේල්ල පීල්ල මත සමබරතාවය රැකගන්න හදන උත්සාහය ඒ මොහොතේ සතුටක් ගෙනේවි.
05/04/2013 at 4:44 pm Permalink
හ්ම්…හ්ම්…එහෙම වේවි !