Archive > March 2013

ඒ ඔබේ දේදුන්න

සොරුන් ගෙන ගිය දේ අතර කිසිදා නොකියවූ ඔබේ ලියමන ඇති විට සොරුන් දමා ගිය දේ අතර අප සොරකම් කල දේදුන්න ඇති විට කුමකට පළමුව දුක් වෙන්නද ඔබම කියන්න ඒ ඔබේ දේදුන්න මේ මගේ පාට හත

Continue reading

සොඳුර ඔබ දුණු හී දරන

ප්‍රේම කතාවකි කිසි කතාවක් නැති ආල හිනාවකි කිසි තිගැස්මක් නැති සොඳුර ඔබ දුණු හී දරන මුව පොව්වෙකැයි ‍රැවටී ආද නොදුවමි නැවතෙමි ළය පාමි ඊතළ සයෙන් පළමුවැන්නට රුචිමි දුණු දිය අදින්නට පෙරම හදවත නවතමි නැවතෙමි

Continue reading

අල්ලාගත් හැටි

බිමටම වැටෙන්නට නොදී අල්ලාගත් හැටි ඔබ මාව ! සේයාරුව – හිමාලි එන්.ලියනගේ

Continue reading

කඳුළු කැට

රූමත්ය ඒ කඳුළු කැට ඔබේම විසල් අත්ලට වැටෙන විට

Continue reading

ඔව් නෑ බෑ තරඟයක් මෙන්

ලුහුඩු දැන්වීමක් මෙන් ඔව් නෑ බෑ තරඟයක් මෙන් ඉතා කෙටියට ඔබ දක්වන මැලියම් ආලය කො‍ටු රූල් කොළයකට තාවකාලිකව මා අලවන

Continue reading

අලුත් රේල්ලුව

මුහුදුබඩ රේල්පීලි සලිත කර දුවන එකෙකි මේ අලුත් රේල්ලුව තුන්වැනි පන්තියේ ටිකට් ගෙන දෙවැනි පන්තියේ යන මහත්තරු ඉන වටා රෝස රිබන් ගැට ගසන නෝනාවරු බද කිචි කොපමණදැයි මනින මේ පුදුම කිචි මාපක අතින් අත එහේ මෙහේ මාරු වෙන කෝච්චිය මැද ගල් කණු හිටවන පාපුවරුවෙන් ජිම්නාස්ටික් පෙන්වන මහා විස්මලන්තයකි 4.15 මේ අලුත් රේල්ලුව

Continue reading

උවමනාවෙන් නරක් වූ

උවමනාවෙන් නරක් වූ පළිගැනීමෙන් කුපිත වූ හක්කේ දත කම්මුලට ඉදික‍ටු විස්සකින් අනින කණ පාමුලට සියලු වේදනා එකතු කර අධි බලැති වයිෆයි ජාලයක් සකසන සැමට වේදනා බෙදන එම්බා හක්කේ දත නර්ව් ‍ෆිලිනයක් ඉල්ලනු කුමට පුරවා දෙමි දින කිහිපයකින් ඔබව නූලට-තිතට

Continue reading

බෝල බිළාල

*බම්බලපිටිය හන්දියේ කණ්ණාඩි සාප්පුවක දොර සහ වැසූ වීදුරුව ඉදිරිපිට මුහුණ තෙරපාගෙන මහත් උනන්දුවෙන් ඇතුළත බලා සිටින සුදු පැහැති බළල් රාජයෙකි. එතැන බෝල බිළාල තබාගෙන කම්මුල මහත වීදුරුවට කණ්ණාඩි රාමු ‍තෝරන නවමින් අතක කොට්ටා කිහිපයක් හිතින් යමක් ගණන් කරන කලබලයෙන් ගාලු පාර නරඹන බම්බලපිටිය හැන්දෑවෙ අව්ව කීතු කරන මැජෙස්ටික් හෝටලය හිස හොවා මහ පාරට තමන්ගේ සුවඳ [...]

Continue reading

සොරෙකි ගෙතුළත

*යෙහෙළියක් පැමිණිලි කරන්නේ ගෙතුළත සොරෙකු සිටින බව කියමිනි. මේසය මත මල් තබන කැඩුණු ජනේලය සකසන සොරෙකි ගෙතුළත මා යන මඟ මල් පෙති හෙළන කවුරුත් නැති තැන සියුම් හඬ නඟන බඩු මුට්‍ටු බිම පෙරළන මගේ අවධානය පතන රොමෑන්තික සොරෙකි ගෙතුළත පෙත් මඟ හිම ඉවත් කරන වියළි පත්‍ර අමුණා මල්මාල තනන එතරම් භයංකාරත් නැති කිසිදා මුහුණ නොපෙන්වන [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com