Archive > April 2013

බවුන්සරයකි ඔබ

බවුන්සරයකි ඔබ දිවා රාත්‍රී තරඟයකදී මගේ හිස දෙපලු කළ

Continue reading

ලේන වැඩ මොනතරම් නින්දිතද

ලේනෙකු බූල් වලිගය සොලවමින් බැණ වදින්නේ කාට දවල් දොළහට රස්නය වැඩි තාප්පය උඩ සුන්බුන්ය ජම්බු ගෙඩියක හිසේ ගසමින් ලේන අත් ඉල්ලා සිටින්නේ ජම්බු ගෙඩියද ලේන වැඩ මොනතරම් නින්දිතද සොරා කන තරමට ඒ හිච්චි ජම්බු ගෙඩියක

Continue reading

නිති මිටි පහර දෙන

ප්‍රේමය හිස බුන් වූ පරාල ඇණයකි එපා කීවද නිති මිටි පහර දෙන

Continue reading

පා මුදුවකින් හිත බිඳින්නට

කවුරුත් සිටියේම නැත උදුරා ගන්නට මා වසන්තය මුහුදු රළ මෙන් චණ්ඩ වෙන්නට සුළං සර මෙන් මිහිරි වෙන්නට පා මුදුවකින් හිත බිඳින්නට වළලු හඬකට කැළැඹී යන්නට

Continue reading

මරණයට වංචා කළ ජීවිතයේ විය නොහැක්ක

මුහුද තමන්ගේ බල පරාක්‍රමය ගැන වුවමණාවට වඩා ඉතා ඉහළින් තක්සේරු කර තිබුණි. සාමාන්‍ය මට්ටමින් දිය ‍රැළි පෙරළමින්,වෙරළට විත් මදක් නැවත,ඉදහිට උසැති දිය ‍රැල්ලක් නිමවා යළිත් දියඹට යන ලාස්‍ය ලීලාව අමතක කර තිබුණි. එදා මුහුද තාණ්ඩව සිරියක් ගෙන මහත් භයානක නැ‍ටුමකට ලෑස්තිව සිටියේ ඇයිදැයි කිසිවෙකු දැන සිටියේ නැත. නත්තල් නිවාඩුව සංචාරකයන්ව නිදැල්ලේ පියාඹා යන පක්ෂීන් මෙන් [...]

Continue reading

හෘද රෝගයක් තරමට

හෘද රෝගයක් තරමට දරුණුවට අකුණක් සේ හදිසියෙම ආ හැටි අමතකද

Continue reading

අන්තිමටම දැනගමි

අන්තිමටම දැනගමි පළමුව මෘදු සැනසිල්ලකින් ‍රැවටෙමි කාලයෙන් තරු රටා කපන අතර වලාකුළකටත් ‍රැවටෙමි වැසි ලැබෙන බව සිතමි ඉදහිට මිරිඟු පසුපසත් දුවමි අන්තිමටම දැනගමි අත්හැර දමන ලද බව

Continue reading

රිඳුම් දෙන කැපුමකි හද මත

සොඳුර රිඳුම් දෙන කැපුමකි හද මත බක් මාසයෙන් බක් මාසයට අලුත් වන අලුත් සඳ සේ කාන්තිය පෙන්වන ඉමහත් ශෝකයෙන් ඇතුළු හද නහවන ශක්තිමත් පිටත බිත්තියකින් විනිවිද නොපෙනෙන මේ සොඳුර කැපුම ඔබෙන් මට මිස මගෙන් ඔබට මාරු නොවන සොඳුර කොතෙක් වෙදකම් කළද සුව නොවුණ ඉතා පියකරු මතක වරුසාවකින් නහවන ඒ අල්ප කැපුම හද මත රතු පාටින් [...]

Continue reading

සඳ වන් හද සොරාගෙන

කවුළු කිහිපයකට ඈතිනි සඳ වන් හද සොරාගෙන ගියේ කැටයම්කාර දොරක් ඇර ඉවතට ගත් සේද සළුවෙනි මුවාකරගෙන ගියේ ඇස් සීරුමෙන් වැලි කුණා‍ටුවකින් ස්වල්ප රුදුරු තර්ජනය සොයා නො එනු සරුංගලයක් සේ ලිහී ගියා සිතනු බ‍රැති පා සළකුණකව මිහිරි මධු බදුනකව උන් කියන්නා සේ සරුංගලයකව කොහි ගියද සඳ ළඟ හුන් හද?

Continue reading

ඔබ මගේ ප්‍රියතම රිදුම

ඔබ මගේ ප්‍රියතම රිදුම ඇස් අගින් පටන් ගෙන හදවතින් ඉවර වන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com