Archive > April 2013

කෙස් ගස් සීයක්ම ඉල්ලමි

පුදුම පහන පිරිමැද කෙස් ගස් සීයක් නැවත ඉල්ලමි අසමාන ලෙස කොදු නාරටිද නැවී ගිය එකෙකුට එකෙක් නැති එහෙත් රතට හුරු කළු පැහැයකින් හැඩවුණ එකම හිසකින් කැපී වෙන්වුණ කෙස් ගස් සීයක්ම ඉල්ලමි දුඹුරුවට හුරු දිගු ඇගිලි යුහුසුලෙන් නව නවා වක් හැඩයට ඇඹරෙමින් කපා වෙන්කර බිම පතිත කළ බොහෝ රතු කෙස්ගස් හතලිහක පොළොව අල්ලා යාදින්නක්ය කියන අලවනු […]

Continue reading

බඹර කලාපයක වැළපෙන

වසන්තයේ පඩිපෙළින් ගිම්හානයට වැ‍ටුණ මලක් සිඹින්නට පෙර වස්සානය ඉවර වුණ ඒ ඔබද මේ බඹර කලාපයක වැළපෙන්නේ අතින් අත අල්ලා අත් නෑර නවතින්න කඳු මුදුන්ම වුවමනා නැත පුංචි සිතුවිල්ලකට නතර වෙන්නට ඔය වෙස් මුහුණ බිම දමන්න ඇත්ත මුහුණින් සිහිනයට මුහුණ දෙන්න ගඟක් මෙන් කොහේ හෝ ගලා යන්නට වැලක් මෙන් තව කොහේ හෝ එතෙන්නට පුංචි හදවතක් ඕනෑමයි […]

Continue reading

නතර නොවන්න

ඇසක කැවෙන රොඩ්ඩක් මෙන් දිව ගිලෙන දහවලක් මෙන් මිරිඟුවක් මෙන් එන්න යන්න නතර නොවන්න

Continue reading

මල් පෙළකි

නෙළා ගත් පසු සුවඳයි කියන මල් පෙළකි මලින් මල වෙන් නොකර මාලයකින් එකට තුරුළු වී සිටින ගෙලින් ගෙල දැවටී හිදින මල් පෙළකි එකින් එක පෙති වැටෙන කුණු කූඩයක එකට ඇලවී ඉන්න ශේෂයකි නුඹ මල් පෙළකි නෙළා ගත් පසු සුවඳයි කියන

Continue reading

කොකිස්

බුබුළු නඟින දහවල අයිස් කැට දමා ගසන බීම හළ ‍රැවටීමෙන් මා මන්මත් නොකරනු කොකිස් අච්චු ඇති තැනක් පෙන්වනු මලකි හැඩයකි මා සිත බැදෙන සමනල හැඩ අහරට ගන්නේ කෝම ඉරට ඉස්මුරුත්තාව හැදෙන දහවල කුඩා කඩවලින් ඇඳුම් එළියට පනින බෑ කියන විට හො‍ටු හූරමින් හඬන අසරණ මා නොමඟ නොයවනු කොකිස් අච්චුවකට මඟ කියනු දෙවරක් තෙලෙන් නහවා සැලකුම් […]

Continue reading

ස්වල්ප කැස්සකට අධිපති

භූතයෙකි ස්වල්ප කැස්සකට අධිපති ආදර දෙවගනකගේ උසුළු විසුළුවට නිතර ලක්වන ‘විටමින් සී’ ද මල්ලක දමාගෙන ‘කොරෙක්ස් ඩී’ ඉල්ලා වැළපෙන එහෙන්-මෙහෙටත් මෙහෙන්-එහෙටත් පාපන්දුවක් මෙන් පෙ‍රැළී යන භූතයෙකි ස්වල්ප කැස්සකට අධිපති වැරදීමක් මේ ආදරය යැයි සිතන

Continue reading

කස තැලුම්ය

කස තැලුම්ය දිගු ඇස් මත ඔබත් හසුවීද සැඩ සුළං මැද හමා ආ රහසකට මිදි යුෂක් මෙන් කුස කලතන ක‍ටු තුඩක් මෙන් සිරුරම කැළඹෙන මුදු දෙබස මගෙන් අන් හැම වසන් කරවන යළි යළිත් බැදෙන ලිහෙන්නට අවසර ඉල්ලන සුමුදු වරපට පුළුන් රොදකින් මා බැද තබන

Continue reading

අද අසුබ දවසක්ද

ගෙල පුරා විස දල මුහුලසය ඒ කිසිත් නො ඉවසන මට මගේ ලවනත වාරු නැත සුබ අසුබ දවසක්ද මේ හැටිම මං කලබල

Continue reading

ප්‍රේමයෙනි

ප්‍රේමයෙනි සඳ කැබලි කළ ඔබේ සිතුවමට යාන්තමින් සිනාවක් සමඟ පිරුණු දෙතොලක් පෙන්වන ඔබේ මායම්කාර බැල්මෙන් ලිස්සා වැටිණ තරුවක්වත් නොපෙනෙන කවාකාර පොළොවට

Continue reading

මල් නෝක්කාඩුවෙන්:

සිඹින්නට නැවෙනවා පමණයි කොපුලතට සිඹින්නේ නැති සුවඳ ඉහිරුවන්නාට හදනවා විතරයි දොතොලට සුවඳ ඉහිරුවන්නේ නැති පුරාජේරුකම් විතරයි සුළඟ සිඹින්නට බය මේ අපේ කොපුලත

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com