ශ්‍යාමලී ගෝමස්ගේ නැට්ට

ශ්‍යාමලී ගෝමස්ගේ නැට්ට තරමකට කොටය. ලේනෙකුගේ පාටින් යුක්තය. ඇස් දිලිසෙන කොළ පාට බැවින් රාත්‍රියට සැබෑ බැබළීමක් සහිතව කොට්ට සහිත පා තබමින් ඇවිදිනු බලන්නට හැඩය.
කෙසෙල් ගාල පාමුල පෙම්වතෙකු විසින් ඈට හොර ලියුම් හංගා තබන හෙයින් සෑම රාත්‍රියකම ඒ අසල සැරිසරන්නේ සෘංගාරය මුසු පුරු පුරුවක් සමඟය.
ඇගේ පෙම්වතා කවුරුන් විය හැකිදැයි මිසිස් සමරසිංහ සමඟ ඇගේ පුත්‍රයා තර්ක කරන්නට වූයෙන් හාත්පස සිලි සිලිය කාටත් නෑසී යන්නටම විය.

'රිචඩ් පාකර් තමයි'
'පිස්සු අනේ!රිචඩ් පාකර් කියන්නෙ කොටියෙක්'
'මේ රිචඩ් පූසෙක්!හැබෑම පූසෙක්'
'මං හිතන්නෑ. ඔය වගේ මෝඩ නමක් තියෙන එකෙකුට ශ්‍යාමලී ගෝමස් වගේ කෙනෙක් කවදාවත් කැමැත්ත දෙයි කියලා. අනික ලියුම් ලියාගන්න තරම් සීරියස් වෙන්න.ම්හු...මම නම් ඕක විස්වාස කරන්නෑ.'
'හා..හොඳයි අම්මා කියන්නෙ එතකොට කවුරු කියලද?'
'අර රස්තියාදු මූසලයා කියලද?'
'ඔයා ඔය රස්තියාදු මූසලයා කියන්නෙ අර සුමන අක්කලගෙ කට රතු බළලටද?
'නැතුව,වෙන මොකාටද?ඌට තමයි. මම දැක්කනෙ ඌ වලක් හාරලා ලියුමක් දාලා යනවා'
'අනික ඌට හැම තැනම ගෑනු ඉන්නවා. වල් බළලෙක්. හැම තිස්සෙම අනුන්ගෙ ගෑනුන්ට සිංදු කියලා වැටවල් ළඟට ගෙන්න ගන්නවා. ඉන්නකෝ මං එයාට ජම්බු දෙන්න'

සංස්කෘතික එදා නිදා ගත්තේ පාපිස්ස උඩය. ටයිල් පොළොව තරමක් සීතල හෙයින් සංස්කෘතික හිතුවේ අනිත් පාපිසි දෙකත් මිසිස් සමරසිංහ එළියෙන් තියනු ඇතැයි සිතාය. ඒත් ඈ නයිටියක් සහ කැහැපට ගහගත් හවුස්කෝටයක් ඇදගෙන වෙරි වූ නාකි මිනිසෙකු මෙන් වැනීමෙන් යුක්තව දොර ඇර අනෙක් පාපිසි දෙක ගෙට ගත්තීය.
'සංස්කෘතික....ඔය පාපිස්ස එහෙම ජරා කරන්නෑ. ඇහුණද?'
'බව්ව්...බව්ව්ව්ව්...'
සංස්කෘතික කේන්තියෙන් පිළිතුරු දුන්නෙන් මිසිස් සමරසිංහ මෙල්ල වූවාක් වැනි විය.
'හ්ම්...සංස්කෘතිකත් දැං ඕනවට වැඩියි. හරියට හිතට අරං. මුකුත් අවවාදයක් දෙන්න බෑ,ඩෝං යනවා'

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "ශ්‍යාමලී ගෝමස්ගේ නැට්ට"

  1. asoka
    04/07/2013 at 4:50 pm Permalink

    අහම්බෙන් බ්ලොග් එකට ආවෙ.ගොඩක් වෙනස් විදියට ලියල තියෙනව.ඔක්කොම කියවන්ඩ දැන් වෙලාවක් නැතත් ආයෙත් ඇවිත් ඔක්කොම කියවනව.දිගටම ලියන්ඩ .සුභ පැතුම්….. :)

  2. බොහොම ස්තූතියි කියවන්න ආවට.
    ඒ වගේම කමෙන්ට් කරපු එක ගැනත් සතු‍ටුයි.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com