යකා වැහීගෙන වෙරළට දුව එන චණ්ඩ රළ ඔඩොක්කුවේ ලාගෙන එන සිප්පි කටු හළන්නේ වෙරළ මත බෙල්ල පහළට කකුල් ඉහළට ඇබිත්තන් කකුළුවෝ හාර හාරා කුඩා වලවල් යොමා හිස මදක් එළියට සැකෙන් ඇවිදිති ගස්මාරු පෙතිචෝරු කරනවුන් මෙන් සැනින් එසැනින් ගිලා බසින්නෝ කුඩා වල තුළ හිස හරවා උඩු අතට ඇවිදින්නේ උජාරුවෙන් බූල් ඇති-බූල් නැති බලු පරපුර සිහින් සිනාවකි […]
Archive > June 2013
වතුරෙන් හුස්ම ඉල්ලගෙන
කේතලය තනියම නැටවෙන වතුරෙන් හුස්ම ඉල්ලගෙන බටනලා පිඹින මේ නො ඉවසිල්ල තේ කොළ නොරිස්සන තෙත වතුර උණු වතුර හදේ අහුමුළු හොයාගෙන තම්බ තම්බා වධ දෙවන සීනි කැට අත් අල්ලා වඳිමින සීනී බෝතල බඳේ හැංගෙන ඇලවෙන බෑ කියන කේතලය හුස්ම අල්ලා අතාරින බටනලා හඬ නෑසෙන
බළල් නැටි
කෑරලෙකු දත් පීරි ගානා හඬ ඇසෙන්නේ බළල් ගීතිකාවක් යට කර බළල් නැටි වුවුමනා නැතිද බේතකට හෙම මට ඇහැකි කපාගෙන එන්න හත අටක් හෙට පසුව එකතු කරමි: බළල් නැටි සාරිපොට මෙන් තියාගන්නේ ඒ අය ඔසරි අඳින විට රැළි පොටක්වත් ඇදේ නොයන රණ්ඩුවට යන විට කැරළි ගැසී උඩ යන බළල් නැටි ගහක එල්ලී ඔන්චිලිවත් පදින්නත් බැරි සහතිකේටම […]
මිගදායේ මුවා වෙම්
පොසොන් දා මිය ගිය මිගදායේ මුවා වෙම් ඇනී ඊතළ-සැලී මා ළය සා පිපාසෙන් මිය ගියෙම් වෙම් එතරම් දුක් නොවිඳ ගෙළ වැළලා මිය යන්න සිතම් නිදි පෙති බී දිවි තොර කරගන්න සිතම් පොසොන් දා මිය යන දේශාස්ත්ර කළුතර මුවා වෙම් රෝග පීඩා එක් මිටින් ගෙන දුනු හී මානන්නට පෙරම ගිය පණ ගේන්නට හදවත තෙරපන්නට පෙරම මිය […]
හිම කිරම දන්සැල
නාගස් සපිරි හන්දිය කැහැටු අත් දිගු කර පෙන්වන්නේම හිම කිරම කරස් ගා හැපෙන කෝන ඇතුළට අදිමදි කරමින් ගිලා බසින පොඩ්ඩ බැරි විට දියව වැගිරෙන මෝඩ හිම කිරම දුටු තැන ලෝභයෙන් ඇලවෙන පයින් ඇවිදින අය වම් ඇසින් සිනාසෙන මෝටර් බයිසිකල නලා හඬවා නතර වන දුංතෙල් බත් කන්න යන අය හිස සලමින් ඒ පසුකරන රොටී සහ ලුණුමිරිස […]
ගොරවන්න තහනම්
සිංහ පිළිම දෙක පිළිවෙලින් වම-දකුණ බලාගෙන කළු ගඟෙන් මාළුවෙක් මතු වෙතැයි හිතාගෙන උල් දත් පීරි ගාගෙන මල් ආසනේ ළඟ මල් සුවඳ උරාගෙන විටින් විට කිවිසුමක් අරින්නට හිස සොලවගෙන ඔය ඉන්න විදිහටම දිගටම ඉන්න ඔය අය සිල් ඇත්තන්ට ගොරවන්න තහනම් ඔහේ හට නියපොතු පෑගුවාට ඉවසන්න දිව විකාගෙන ගිලන්පස කෝප්පය වැටුණොතින් පපුවටම කළු ගඟේ සුළඟින්ම වේලගන්න ඒත් […]
සල් ගසත් කල්පනා කරන
සල් ගසේ සල් මල් පිපෙන්න අදි මදි කරන පිපුණු විට හරි කරදර ඇති වන කම්මුලේ අත ගසා සල් ගසත් කල්පනා කරන කඩන්නට බැරි වෙන්න කොහොම මල් පූදන්න කුණ්ඩුමනීලා හිස පීරන පනා සොයන අලුත් මාදිලියේ පනා විකිණෙන ඒත් එක්කම උණ්ඩ සමඟම තුවක්කුත් විකිණෙන මම තවම මල් පිපෙන සල් ගසක් සොයන
පෙලිකනයෙකු බව
හවස හතරයි කාලට පොත අත්සන් කරන්න ලොකු තටුවෙන් ඉගිලෙන්න බේරෙ වැව ළඟ ලයිට් කණු උඩ ලගින්න වැස්සක් ආවොත් හිස පාත්කර ඩිංගක් තෙමෙන්න කන්තෝරු මහත්තයෙකු වාගේ හැසිරෙන්න පෙලිකනයෙකු බව අමතක කරන්න ට්රැෆික් පොලිස් මෙන් හතරමං හන්දියේ නොරැදෙන්න අශෝක් ලේලන්ඩ් දෙසත් කරුණාවෙන් බලන්න ඩීමෝ බට්ටන්ට යන අතක යන්න දෙන්න ඔබේ පෙලිකන බව අමතක කරන්න ගිනි නිවන […]
මම තනි වචනයක්ව
ඔබ නිපාත පදයක්ව උප සර්ගයක්ව මගේ නම ලස්සන කරන්නට හිතන දන්තජ අකුරු මූර්දජ කරන්නට පතන නමක් ලස්සන වන්න නුවමනා බව මන්ත්රයක් මෙන් මැතිරිය යුතුද මේ ගමන නිම නොවන නැවතුන මට නොනවතින ගමනක කුමට පල මම තනි වචනයක්ව අවලස්සනව පවතින්න කැමති වුණ