කහ ඉරෙන් පැන පුරුදු විලවුන් සුවඳ ඔබට පෙර මගේ කම්මුල් සිඹින ගෑවෙන-නොගෑවෙන දුර කැරළි කෙස් මගේ මුහුණට පනින වහින්නට එන අහස මට සුවඳ අතහැර යන්නම කියන ඇසළ මාසය අන්තිම දවස මෘදු සිනහවකින් මුද්‍රා තබන කම්මුල් ලතැවෙන එසැන වැසි වැටෙන පෙම එතැන තෙමෙන
Archive > July 2013
නගුල් තරුව ඔබ,ප්‍රේම්
තනි තරුය නුබ ගැබ එදා සිට අදටත් ඉන්න කියන්නට පෙර යන්න යන නෙතඟක පැටලෙන්නට පෙර නිවී යන ඒ සා තරු අතර නිවන්නට බැරි නගුල් තරුව ඔබ ප්‍රේම්
රහස්
රහස් ඇත දෙතොලින් කම්මුලට මාරු වන කම්මුලෙන් දෙතොලට යළිත් මාරු වෙන තවත් රහස් දෙතොලින් දෙතොලට මාරු වෙන කිසිදා නොකියන මුද්‍රාව තැබෙන
කුඩා ඉටි පහන්ව
අපි එකිනෙකාගෙන් දැල්වෙන කුඩා ඉටි පහන්ව සුළං අධිකව හමන බෝ ගසක් පාමුල මුවා වනු නොහැකිව සිනා වනු නොහැකිව දැවි දැවී එළියම දෙමින් රැයෙන් රැය-දහවලෙන් දහවල කුඩා ඉටි පහන්ව
දීප්තිමත් දෑසින්
හිස අතගාන්නට සිතමි මුහුදු ගණනක් ඈතට අත විහිදුවමි ඒද දුර වැඩි විට කරබාගමි ඔබට ඇසෙන්නට පැරැණි කවියක් කියවමි දෙතොල් නොපියවා සිනාසෙනු ඇතැයි සිතමි ඇස් වසා ඉමි නොපෙනෙන දුරින් පෙනෙයි ඔබව මට මහත් දුක මැද දීප්තිමත් දෑසින් ලෝකයටම ආලෝකය විහිඳවමින් ඉන්න
මිණි ගෙඩියකි සිත තුළ
මිණි ගෙඩියකි සිත තුළ එහා මෙහා හැරෙන විටත් නාද වෙන විලවුන් කුප්පියක් ඔබ ළඟ මුහුඳු හතෙන් පැන මට සුවඳ ගෙනෙන
අත් අත හැරුණු වෙලාවක
රතු කුඩය නන අගින් බෝරිච්චි කළ නමාගෙන හිස අංශක අනූවට වට රවුමකින් පාර මාරු වෙන නොතෙමෙන එක ගැන තමන්ගේ පුංචි උරහිස මහා ළතැවිල්ලෙන් අහසක් තරමට කුඩයකුත් නැතිවම ක්‍රේල් කොණ්ඩයක වැහි බිංදු තවරගෙන හැල්මේ දුවන ලස්සන ඇස් දෙකක් මේ එකම ග්‍රහලොවක අත් අත් හැරුණු වෙලාවක
රැක ගන්න මා සොඳුර
එක ගිම්හානයක පත්‍ර වයසට ගිය උයනක තරුණ මලකට සිතුණි ඉගිලෙන්නට විදා ලිහුණු පෙති දෙපස මඳ සුළඟ එනතෙක් නො ඉද පියාසැරියකය දෙතොලත් පියාගෙන වරා මල් උඩු සුළඟ සමඟ එමින් සිටියේ පොළොව වෙත බඹර තුඩු කිහිපයක් තියුණු කරමින මුවහත එල්ලය බලා මලක ළය මත තැබූ මොහොතින් නතර විය ඒ මොහොත අන්න ඒ ගිම්හානය එන්න ළඟයි මා සොඳුර […]
ඇස කැවෙන දුහුවිල්ල
ඇස කැවෙන සිහින් දුහුවිල්ල නිතර මා අවදියෙන් තබන සිහිනයෙන් මට ඔබ ළඟට එන්නත් ඉඩ නොදෙන