ලේන නැටි දෙකක්

ea0907f038d2f42bfb74d69884f0affd

උළු වහල මත
ලේන නැටි දෙකක්
මහා සෙල්ලමක

පසුපසින් විත් හූ කීම
ගෙල පෙදෙස බදා පෙ‍රැළීම
නැට්ටෙන් නැට්ට ඇඹරීම
ඉන් පසුව එළැඹෙන විවේකය

කුරුල්ලන්ගේ බත් උණ්ඩි සොරකම
යට ලීමේ ඒ තැන්පත් කෙරුම
සිනිඳු යට ඇඳුම් සොරකම
වැ‍රැදි කුරුල්ලන්ට නරක ඔත්තු දීම

යළිත් ලේන නැටි සෙල්ලමක
ලේන දත් විදහා සිනාසෙන අතරම
උළු වහල කෙලවර
උස ගැන නිච්චියක් නැතිවම
තග්! හඬින් බිමට පෙ‍රැළෙන

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

2 Comments on "ලේන නැටි දෙකක්"

  1. asoka
    14/07/2013 at 7:16 pm Permalink

    උළු වහලයක නොවුනත්,ඇදුම් හොරකම් නොකලත් මේ ලියල තියෙන්නෙ අපේ ගෙදර ලේන නැටි දෙක ගැනද කියල මට හිතුන.මේ බ්ලොග් එකට ආව තෙවෙනි වතාව.පූසො ගැන කවි ටිකත් ලස්සනයි.සුභ පතනව දිගටම ලියන්ඩ :)

  2. බොහොම ස්තූතියි.
    මේක මේ අපේ ඉස්සරහා ගෙදර වහල උඩ හැමදාම හවසට සෙල්ලම් කරන ලේන්නු ඩබලක් ගැන.
    ඇඳුම් නම් හොරකම් කරන් ගිහින් තියෙන්නේ අපේ ගෙදරින්.එයාලට කූඩු හදන්න.

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com