Archive > July 2013

හද උයන හැරදමා

මගේ මුහුණම ඔබේ උරහිස මත මහත් උණුසුම් තාලයකි වැයෙන සොඳුර, හද උයන හැරදමා එමි මම ඔබ සමඟ

Continue reading

නො ආ ලියමන

නො ආ ලියමන මුහුඳක් මැද වැටී ඇතැයි සිතෙන විට රිදුම් දෙයි හදවතේ වම් පස කඩියෙකු කනවාක් මෙන් වේදනාවෙන්

Continue reading

සඳේ ඔබ මත්වෙලා වාගෙයි

සඳේ ඔබ මත්වෙලා වාගෙයි ඉහිර ඉහිරා දිව යන්නේ එළිය හැම තැන මේ මෙතැන මම අඹ ගහ පාමුල කලින් වළලපු කවියක් හොයන්න ආ ගමන සීරුම් සළකුණු මුකුත් නෑ දැන් ඉතිරිව හිස්ම හිස් ඉරි කොළයක්ය තනියෙන් හැඬූ එළිය පොඩ්ඩක් විසුරන්න මෙතැනට ආදරෙත් ඇති පස් අතර හරි හිරවීගෙන සඳේ මට ඕනෑ බලන්නට ඔබෙ මුහුණ තනිවූ පෙම්වත් කවියෙකුට පෙනෙනා  [...]

Continue reading

ලොලිපොප් සුවඳ

ලොලිපොප් සුවඳ අරගෙන ක්‍රේල් කොණ්ඩේ තවත් මුදු කරගෙන රවුල් කොට, කොට කරගෙන උරහිසට උඩින් එබුණේ සඳ අරගෙන

Continue reading

පොපියන දෙතොල ගැස්සෙන

උණු තේ මට ඔබව මතක් කරන පොපියන දෙතොල ගැස්සෙන

Continue reading

සිතුවමක් යට

සැඟවූ සිතුවමක් මත මොන තරම් දේ තිබිය හැකිද සොරකම් කළ සිතුවමක් යට කොයි තරම් රහස් වැළලිය හැකිද ඔබේ රළු මහපට ඇඟිලි සළකුණ සිතුවමේ උරහිසින් අල්ලා සිටිය බව නියෝන් එළි නැතිවම කියමි මම සිගරට්‍ටුවක අළු බිඳක් ගෑවී නොගෑවී ඒ මත තප්පරෙන් පංගුවක් විතර තිබෙන්නට ඇත නිසැක පළුඳු වූ සිතුවමෙන් ඇද කම්මුල් පහර දුන් මොහොතේ සිට කඳුළු [...]

Continue reading

මම ඔබම සිඹින

සොරකමකි විටින් විට සිදු කරන මේ දැන්ම එනු එතැයි සිතාගෙන කවුළුවෙන් හිස යොමන සිහින් පොද තල්ලු වී මුහුණ සිඹින පාට වියැකී ගිය මෆ්ලරය දුර්වලව කහින මේ සෘතුවෙන් වැඩක් නැති බව අඟවන වැසි කාලයේ ඔබ නො එන බව කියන ඒද සොරකමකි ම’විසින් විටින් විට සිදු කරන කහ ගැහුණු සේයාරුවක් සපත්තු පෙට්ටියක පතුළක හිදින ඒ මත අවර්ණ [...]

Continue reading

ආදරයේ වරදවා හැසිරෙන

ආදරයේ වරදවා හැසිරෙන පැමිණිලිකරුවන්ය සතර අත ජීවිතාන්තය තෙක් දඩුවමට කැමති බවම පෙන්වන

Continue reading

ලේන නැටි දෙකක්

උළු වහල මත ලේන නැටි දෙකක් මහා සෙල්ලමක පසුපසින් විත් හූ කීම ගෙල පෙදෙස බදා පෙ‍රැළීම නැට්ටෙන් නැට්ට ඇඹරීම ඉන් පසුව එළැඹෙන විවේකය කුරුල්ලන්ගේ බත් උණ්ඩි සොරකම යට ලීමේ ඒ තැන්පත් කෙරුම සිනිඳු යට ඇඳුම් සොරකම වැ‍රැදි කුරුල්ලන්ට නරක ඔත්තු දීම යළිත් ලේන නැටි සෙල්ලමක ලේන දත් විදහා සිනාසෙන අතරම උළු වහල කෙලවර උස ගැන [...]

Continue reading

පෙම සාහසිකය

පෙම සාහසිකය විටෙක වදනකුදු නොබිණන ගලක් මෙන් නොසැලෙන සැහැල්ලුවෙන් උස්සා පොළොවේ ගසන පෙම මනෝරම්‍යය තහනම් ඇපලයෙන් දෙව්ලොව පමුණුවන වලාකුළු මත ඇවිද්දන සර්ප විස වුව මිදි යුෂක් කරලන උභ‍තෝකෝටිකය සරු පොළොව මත පහළ වුණ

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com