Archive > July 2013

මේ අනල්ප පිපාසය

මමත් දැඩි පිපාසයකින් පෙළෙමි කෝෆ් සිරප් හැදි දෙක බැගින් ලදිමි උණු කළ ජල බඳුන් ලදිමි බත් කැඳද-මිහිරි සුප් බඳුන්ද ලදිමි නොසි‍ඳෙයි ඒද පිපාසය සුමිහිරි මිදි යුෂක් ලබනු රිසිමි වයින් වැනි නමින් බෞතීස්ම කරන ලද සුකුමාල පාදයෙන් තැලී පොඩිවී ගිය කාලයක් පල් වෙන්නට හැරිය උසැති බෝතල තුළම බහා එවන රතු පාටින් එහා-මෙහා කැළතෙන සුමිහිරිම මිදි යුෂක් [...]

Continue reading

ඔ‍ටුණු සටනේ ම්ලේච්ඡත්වය කියන Game Of Thrones

රොබට් බැරතන් රාජධානි හතක රාජ්‍යත්වය දරයි. ‍රැජින සුරූපී සර්සි ලැනිස්ටර් තම නිවුන් සහෝදරයා සමඟ තහනම් ආදරයකය. ජොෆ්‍රි බැරතන් ඒ අනිසි ප්‍රේමයෙන් හටගත් නරක් වූ ඵලයයි. රාජධානි හතක ඊළඟ උරුමක්කාරයා ඔහුය. නෙඩ් ස්ටාක් රජුගේ පැ‍රැණි සටන් සඟයායි. රජුගේ විස්වාසවන්තයා හෙවත් ‘හෑන්ඩ් ඔෆ් ද කින්ග්’ පදවිය ලැබීමට නෙඩ් සුදුසුකම් ලබන්නේ කලින් විස්වාසවන්තයාව සිටි පුද්ගලයාගේ මරණයත් සමඟය. අනාගතයේ [...]

Continue reading

අනිසි ප්‍රේමයේ සුරූපී වන්දිය

මොන්රෝව ගිනි සිළක් සේ වසර වසර 51ට පසුවත් හමා ඒ යැයි කිසිවෙකු සිතන්නට නැත. එහෙත් ක්‍රේල් වී ගිය ඇගේ තඹ කේෂ කලාපය,සුදීප්ත ශරීරය,ලලාසය සපිරි කටහඬ මෙන්ම ලිංගික සිම්බලයක්ව ලෝකය උඩු යටිකුරු කළ කාල පරාසය මරණයෙන් අමතක කර දමනු නොවටී. ඇගේ කුප්‍රකට අතීතය මෙන්ම සියදිවි නසා ගැනීමෙන් කෙළවර වුණු කෙටි නිළි ජීවිතය වටා තැවරුණු දේශපාලනමය අනියම් [...]

Continue reading

තරුණියනි,කුරුල්ලෙක් වෙන්න

තරුණියනි, සිතෙන්නේ නැතිවාද කුරුල්ලෙක් වෙන්න සෙනසුරාදා-ඉරිදාටවත් කන්තෝරුව අමතක කර කුමන විල්ලුව අසබඩ රස්තියාදු වෙන්න ලංකා අළු කෑදැත්තෙකු එක්ක බහින්බස් වෙන්න වත රතු මල් කොහාගේ කපටි වැඩ බලන්නට හිතෙන්නේ නැද්ද ඔබට ඔසරි අමතක කර බෙල්ලේ මාලයක් දාගෙන පියඹන්න බත් මාළු කටක්වත් කන්නේ නැතිව ජම්බු පළතුරු බුදින්නට ඉදහිට වමාරා කන්නට තරුණියෙනි හිතෙන්නේ නැතිවාද සති අන්තයටවත් එහෙම

Continue reading

රුක්මනී…රුක්මනී අපි ගැලවුණා

රුක්මනී කන්තෝරු යන්න කියලා එළියට බැස්සෙ නැට්ටෙ රෝස රිබන් එකක් ගැටගහගෙන. බෙල්ලට උස් වෙන්න රේන්ද වගේ කබායක් අඳින්න ඕන නිසාම පරණ අරුංගල් දෙකත් මාරු කළා. කෝකටත් කොට සායක්ම අඳිනවා කියලා ඇඳුම් ඉස්තිරික්ක කරන වෙලේ රුක්මනී හිතුවා. හ්ම්…එතකොට සපත්තු දෙකක්? ලක්ෂ්මීස් එකෙන් ගත්ත සපත්තු දෙක දැම්මම කකුල් කැපෙන නිසා මාර ප්‍රශ්නේ. ඒත් හයි හීල්ස් නොදා මේ [...]

Continue reading

උතුරු සුළඟ දැක දැක

ඈ පහන් සිළක් මෙන් සසැලුණු ගමන උතුරු සුළඟ දැක දැක කුණා‍ටුව කැදවන පවුරකට කුමට සුළඟක වග නෙත් පියාගෙන විඳිනවා හැර

Continue reading

දිදුළ මුදුන

දිදුළ මුදුන නිතර පහළ බලමින නීල මුහුලස බැඳි සුමුදු අත්තල දෙස සලා මිණි කිංකිණි හඬ නින්නාද වෙන්නේ කටහඬ

Continue reading

නොලද චුම්බන

සිඹිමි නොලද චුම්බනය සිහි කොට සිඹිමි වැව රවුම වැ‍ටුණු වියලුණු කොළ සොයමි එනු කියා අමතනු නොහැකි බවත් සිතමි දිය ‍රැල්ලකට ඔබේ නමින් අමතමි මේ උමතුවෙන්ම මම මියෙමි

Continue reading

යකඩ කන දුම්රියෙනි

කොළඹ දුවන්නට බෑ හිතුණු යකඩ කන දුම්රියෙනි, වමනය ගඳ බස්වල යනු බැරිය කොන්දාගේ වහසි බස් අසනු බැරිය ජම්පින් සීට්වල පැද්දෙන්නත් අමාරුය මම ගෙදර ඉමි-හෙට නොයමි දුම්රියෙනි, ආලය අඩු නොවනු ඇති ඉඳහිට මෙහෙම වැඩ කෙරුවට

Continue reading

හැන්ඩ්සම් රාස්සයෙක්

නුවර එළියේ ගිය හැන්ඩ්සම් රාස්සයෙක් මාවන් බීඩියක් ඉල්ලන චුට්ටක් රත් වෙන්න වලාකුළක් වගේ දුම් ගුලියක් යවන්න මොකක් හරි බීඩියක් ඉල්ලන අනුෂ්කා වර්මා පැරෂුටයකින් නුවර එළියට පනින කෙස්ස වනාගෙන ඩෙනිමකුත් ඇදගෙන දුමක් සොයන රාස්සයෙක් දකින ඈ දු‍ටු මතින් රාස්ස පෙම කිති කැවෙන ‘අනුෂ්කා මං උඹේ අත පතමි’ රාස්ස තාලෙන් මුරගානු ඇසෙන දිය ඇළිත් එක්වරම ගල් වෙන [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com