Archive > August 2013

මා කළඹන

උවමනා විට පැමිණෙන සුවඳ නොමනා තරමට විසුරුවන මා එහි පටලවන සේද සළුවෙන් දෑස වසන යළිත් පැන දුවන ඔබේ මේ හිතක් පපුවක් නැති විහිළුව හිසේ සිට දෙපතුලට මා කළඹන

Continue reading

හෙළුවැලි වීදුරු

උඩගුකමට තනිව හැසිරෙන ෂැම්පේන වීදුරු බදින් බද හප්පන වයින් වීදුරු බඩ මදක් ඉදිමුණු බීර වීදුරු හෙළුවැලි වතුර වීදුරු නිතර කෙලින් කටින් සිටින වෙන වෙනම කතා කියන එක එක බෝතල ගැන

Continue reading

රහස් ඉඟියකින් කුල්මත්ව

රහස් ඉඟියකින් කුල්මත්ව රෝස පැහැ ෆලූඩා බීමක් මෙන් අලංකාරව හැසිරෙන්න වීදුරුව පතුලේ ගිලුණු ජෙලි කැබලි මෙන් සිතුවිලි ගිල්වන්න කස කසා ඇට දුසිමක්ව තැනින් තැන පාවෙන්න මදි පාඩුවට හිම කිරම කුට්ටියක්ව සීතල පතුරන්න සෑම ඉඟියක්ම දියවෙන්න ඉඩ නො හරින්න ඔබේ පැණි රස ඔබේ ළඟම සඟවාගන්න තවත් කෙනෙකුට ෆලූඩා බීමක් වෙන්නත් ඉඩ දෙන්න

Continue reading

උඩු ‍රැවුලක මරණීය වටිනාකම

‘මට මගේ පවුල දාලා යන්න පුළුවන්. කොටින්ම කියනවා නම් පාකිස්ථානෙ වුණත් දාලා යන්න පුළුවන්. හැබැයි මගේ උඩු ‍රැවුල නම් කපන්න බෑ’ මේ සා ආදරයක් උඩු ‍රැවුලකට තිබීම අසංස්කෘතික යැයි කිව හැකිද? අමානුෂික යැයි කිව හැකිද? කිසි දින අත් නොහරින බවට ශපථ වෙමින් විවාපත් වූ ප්‍රිය භාර්යාව හා දරුවන් දස දෙනා අතැර ස්වකීය ‍රැවුල ‍රැක ගන්නට [...]

Continue reading

යතුර සොයා දෙන්න

මෝහනයකින් නැති වූ යතුර සොයම් හද අගුල් ලා ඇති සියවසක් තරම් කාලයක් ආලයක් එහිම පැ‍රැණිව පොසිලව මමියක් වනු රිසිව ඇති යතුර සොයා දෙන්න

Continue reading

උපසර්ගයක්ව මම

පිරුණු වචනයක්ව ඔබ උපසර්ගයක්ව මම තනිව වර නැගෙන්නට බැරිව කිසි හැඩයකින් තොරව ඉකි බිඳිමින් වචනයක් එන තෙක් මා ළඟට මඟ බලන උපසර්ගයක්ව මම

Continue reading

නොබැදෙන්න පෙරම

දිය නාන අතරතුර නාන බාල්දියක අත් වැ‍රැද්දෙන් ගිලෙන්නා සේ එහි ගැඹුරට කිමිදුන වරද ඔබ හිත තුළ බුබුළකින් හුස්ම නැති වී මිය යා යුතුද නොබැදෙන්න පෙරම මා ඔබ වෙත ඇඟිලි තුඩකුදු නොගැටී අත් හැරිය හැකි වෙද මේ ඇසුර අසුරු සැනකින විල් තෙරක දිය නැතිව හුස්ම අල්ලන මීන මුවකට කෘත්‍රිම හුස්මකුදු වටනේය බෝ විට අල්ලන්න පෙර ඇඟිලි [...]

Continue reading

බිනර

කොළ පාටෙන් ලාවට පාට අරගෙන එයින් පොඩ්ඩක් න‍ටුවේත් ගාගෙන ඉතිරි ඔක්කෝම කොළවලට දන් දීගෙන දිව්‍යමය නිලකින් මල් පෙතිත් සරසගෙන කහ අත්තටම රේණුත් හදාගෙන බිනර පිපෙන එක පුදුමයක් මේ තරම් නිල් පාටට සේයාරුව – අමිල චානක

Continue reading

සපත්තු කන් රතු කරගෙන

පටි ගලවාගෙන ලැජ්ජාවට ඒ අතින් අල්ලාගෙන රතු සපත්තුවක් කන් දෙකම රතු කරගෙන කළු උස බූට් සපත්තුවක කන් ගැට්ටක් ගැලවී නැමෙන්නට අකමැතිව වෙන අයට සීරුවෙන් සිටගෙන කබල් බංකුවක් උඩ කුඩා ළමා සෙරෙප්පුව සෙල්ලමේදී අඩිය ගැලවුණ මලක් ගෙන ගසාගෙන ඇගිලි කරුවක මුලම හැදුවොත් හැදුවාවේ කියාගෙන තවත් මුල්ලක සිරිස් බිරිස් සද්දෙට විසාල හමක් කපන කහ පාට ඇඟිල්ලෙන් ගම් [...]

Continue reading

මගේ ඇගිලි තුඩු පුලුස්සන

සාදය මගේ ඇගිලි තුඩු පුලුස්සන සාදය මගේ දෙතොලතර ගින්දර තබන ඔබත් සැර මත්පැනක් මෙන් මා සිහි නැති කරවන අයිස් කැට වැස්සකට ආසා නොකරම මේ ගින්දරෙන් ඔබත් පිච්චෙන්න එන්න ඔය නැ‍ටුමෙන් ගැලවී මවෙතට එකට පිලිස්සෙන්න

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com