උඩු ‍රැවුලක මරණීය වටිනාකම

789820-pakistan-lifestyle-hair
'මට මගේ පවුල දාලා යන්න පුළුවන්. කොටින්ම කියනවා නම් පාකිස්ථානෙ වුණත් දාලා යන්න පුළුවන්. හැබැයි මගේ උඩු ‍රැවුල නම් කපන්න බෑ'
මේ සා ආදරයක් උඩු ‍රැවුලකට තිබීම අසංස්කෘතික යැයි කිව හැකිද? අමානුෂික යැයි කිව හැකිද? කිසි දින අත් නොහරින බවට ශපථ වෙමින් විවාපත් වූ ප්‍රිය භාර්යාව හා දරුවන් දස දෙනා අතැර ස්වකීය ‍රැවුල ‍රැක ගන්නට පුරුෂයෙකු පොළඹවන මේ සා විසාල බන්ධනය කුමක් විය හැකිද?
බොහෝ විට ඒ අභිමානය විය යුතුය.
තලෙයිබානයට මිත්‍ර පාක්ෂික සංවිධානයක් වූ ලාක්ෂයර් ඉ ඉස්ලාම්වරුන්ට අනුව මලික් අෆ්‍රිඩීගේ මේ උඩු ‍රැවුල මුසල්මානු ආගමට පටහැනිය. ඔවුන් අණ කර සිටින්නේ ඒ බූ ගා දමන ලෙසයි. සෙන්ටිමීටර් 76ක් දිගට වැවුණු මලික්ගේ ‍රැවුල් ප්‍රශ්නයට යැයි නොකියමින් මසකට ඩොලර් 500 බැගින් කප්පම් ගත් අතර අවසන මලික් ඒ ගෙවීම ප්‍රතික්ශේප කරන ලදී. අවසන් තුරුම්පුව ලෙස ලාක්ෂයර් ඉ ඉස්ලාම් සංවිධානය මඟින් ඔහුව පැහැරගෙන මාසයක් මුළුල්ලේ රදවා ගන්නා ලදී.
ඔවුන් අණ කර සිටියේ මුස්ලිම් ආගමට පටහැනි උඩු ‍රැවුල කපා දමන ලෙසයි. ජීවිතයත් ‍රැවුලත් අතර දෝලනය වූ මලික් අ‍ෆ්‍රීඩි එවර රේසරය අතට ගත්තේ ජීවිතාශාවේ ගින්දරෙන් ඔහුව පිලිස්සී ගිය හෙයිනි.
'මං රේසරය අතට ගත්තේ ඔවුන් මාව මරලා දාවි කියලා බය හිතුණ නිසයි. ඒ නිසයි මගේ උඩු ‍රැවුල කැපුවේ'
එහෙත් පසුගිය වසරේදී යළිත් ඔහු උඩු ‍රැවුල වවන්නට තීරණය කළේය. සෑම දිනකම විනාඩි 30ක් මුළුල්ලේ ‍රැවුල පීරමින්,කොට කරමින් සහ නොයෙකුත් ආකාරයෙන් සාත්තු කරමින් මලික් යළිත් තම මරණීය සෙල්ලම ආරම්භ කරන ලදී. පොතේ හැටියට නැවතත් ඔහුට මරණීය තර්ජන ගලා එන්නට විය. මේ ඇමතුම් වඩාත් දරුණු අතට පරිවර්තනය වන විට හේ සිය පවුල සහ නිවස අත් හැර මාර්ගයට පිවිසුණි. අන් දිනවල සුලබ දසුනක් වූ උඩු ‍රැවුල්කාර මලික් අ‍ෆ්‍රීඩි දැන් අතිශය දුලබ දසුනකි.
රැවුලේ ගල්වන සුගන්ධ තෙල් වර්ග,සබන් ආදිය මිලදී ගැනීමට මලික්ට මසකට ඩොලර් 150ට ආසන්න මුදලක් වැය වේ. ‍රැකියාවකුදු රහිතව ඒ සා මුදලක් මසක් පුරා වැය කිරීම අපහසු බව සැබවි. ඒ හේතුවෙන්ම කයිබර් පක්‍ටුන්ක්වා පරිපාලනය විසින් ඔහුගේ ධෛර්යය සහ පුරුෂත්වයේ උදාරම්බව වෙනුවෙන් 'උඩු ‍රැවුල් සහනාදාරයක්' ලෙස ඩොලර් 50ක් ලබා දේ. ඒ ප්‍රමාණවත් නොවූවද ඔහු මුහුණ පා සිටින අකරතැබ්බයේ තරමට වටී.
සැබැවින්ම මේ උඩු ‍රැවුල් ප්‍රශ්නයේ සැබෑ මුහුණ කුමක්ද?
ආගමික විස්වාසයන් සහ සංස්කෘතික අනන්‍යතාවන් පෙන්වීම පිණිස විවිධාකාරයෙන් ‍රැවුල භාවිත කරන ජන සමාජයකට ‍රැවුලක්ම මේ සා ගැටලුවක් වූයේ කෙලෙසකද? රස්තෆාරිවරුන්,හින්දු පූජකයන් මෙන්ම සීක් ජාතිකයන් මෙලෙස ‍රැවුලෙන් තම ආගම සහ සංස්කෘතිය පෙන්වන වුන්ය.
ක්‍රිස්තියානු දහමට අනුව ඒ ඉතිහාසය හඹා යන විටත් මේ ආකාර ‍රැවුල් ප්‍රශ්න හමු වේ. ඒ කෙසේද යත් රෝමානු ක‍තෝලික පල්ලිය විසින් වරෙක පූජ්‍ය පක්ෂයට සහ ගිහියන්ට උඩු ‍රැවුල වැවීම තහනම් කරන ලදී. එම නීතියට අනුව උඩු ‍රැවුල මුළුමනින්ම මුඩු කිරීම අත්‍යවශ්‍ය විය. ඒ නොසලකා හරින්නන් හට පල්ලිය විසින් දඩුවම් පනවන ලදී.
නමුත් ග්‍රීකයන් සම්බන්ධයෙන් වූයේ වෙනත් නීතියකි. පූජ්‍ය පක්ෂය උඩු ‍රැවුල වැවීමට නියම විය. මේ උපුටා දක්වන්නේ කොලම්බියා සරසවියේ ඉතිහාස මහාචාර්ය රිචඩ් බූලියට්ගේ අදහසකි. ඔහු අල් ජසීරා රූපවාහිනියට පැවසූවේ මෙවැන්නකි.

le-pakistanais-malik-amir-mohammad-khan-afridi-et-sa-celebre_1227616

'විස්වාස කළත් නොකළත් ඒ කාලේ මේ ‍රැවුල් නීතිය ගැන පුදුමාකාර සටන් තිබුණේ.'
ඒ අනුව මුසල්මානුවන්ද අදහන යම් නීතියක් තිබේ. එනම් තම ආගමට අනුව,මුහම්මද්තුමාට ගරු කරනු පිණිස උඩු ‍රැවුල මුළුමනින්ම බූ ගා දැමිය යුතු අතර යටි ‍රැවුල ඔබේ කැමත්තේ ප්‍රමාණයට වැවිය හැකිය. මුසල්මානුවෙකුට සුන්නි මුස්ලිම්වරයෙකු වීමට නම් කළ යුත්තේ එයයි.
එනමුත් මලික් අ‍ෆ්‍රීඩි නොසලකා හරින්නේද එවන් ඉස්ලාම් නීතියකි. ඔහු ආගමෙන් දමනය කළ නුහුණු මිනිසෙක් ලෙස උපුටා දැක්විය හැකිද? එහෙත් අන් කිසිදු ආගමික නීතියක් කඩ නොකරන භක්තිමත් මුස්ලිම් අනුගාමිකයෙකු වන ඔහු පසුපස ලුහු බදින ලාක්ෂයර් ඉ ඉස්ලාම් ආගමික සංවිධානය තම සීමාව ඉක්මවා කටයුතු කරන්නේද?
මලික් අ‍ෆ්‍රීඩි නොනවත්වා පවසන්නේ එකම දෙයකි.
'මට කෑම බීම අතාරින්න පුළුවන්. හැබැයි ‍රැවුල අතාරින්න බෑ. මේ මගේ ජීවිතය. මගේ උඩු ‍රැවුල මගේ කොටසක් නෙවෙයි. මුළුමනින්ම උඩු ‍රැවුල කියන්නෙ මම'
ඔහු මේ ප්‍රකාශය කර ඇත්තේ පිලීබියර්ඩ්.කොම් වෙබ් අඩවියටය.
ඔහුගේ උඩු ‍රැවුල කප්පාදු කරන,ඊට සාත්තු කරන බාබර් පවසන්නේ අනෙකකි.
'මම නම් කැමති නෑ උඩු ‍රැවුලෙන් මාව හඳුන්වලා දෙනවට. ඔයාට ‍රැවුලක් තියෙනවා. ඒ කියන්නෙ ඔයා මුස්ලිම් ජාතිකයෙක් වගේ සරල යෙදුමකින්,සරල හඳුන්වා දීමකින් මාව විස්තර කරනවටයි මං අකමැති. මගේ චරිතයෙන්,පෞර්ෂයෙන් සහ හැසිරීමෙන් තමයි මගේ ආගම ගැන ඕන කෙනෙකුට අදහසක් එන්න ඕනා. නැතුව මගේ ‍රැවුලෙන් නෙවෙයි'
උක්ත ‍රැවුල් ගැ‍ටුම යළි යළිත් නිවෙමින්,ඇවිළෙමින් පැවතියත් මලික්ගේ පවුලේ උදවියට වුවමණා කර ඇත්තේ ඔහු යළිත් පාකිස්ථානයේ ඇති ඔහුගේ නිවසට පැමිණීමයි. අවුල්ජාලයක්ව පවතින තම ජීවිතය සරල රේඛීයව ගමන් කරන සේ යළි සකසා ගැනීමයි.
එනමුදු මලික් අ‍ෆ්‍රීඩි නම් උඩු ‍රැවුල්කරුවා තවම පෙර තීරණයේම එල්බගෙන සිටී. හේ තම උඩු ‍රැවුල අන් කිසි හේතුවක් මත බිළි දීමට රිසි නැත. අකීකරු මුසල්මානුවා පවසන්නේ තමන් ජීවිතය පරදුවට තබා උඩු ‍රැවුලම ‍රැක ගන්නා බවකි.
මේ උඩු ‍රැවුල් ප්‍රේමයේ අවසානය කුමක් විය හැකිද? ආගමික විස්වාසයකින් දමනය කළ නුහුණු ඔහුගේ චිත්ත ධෛර්යය ඔහුව ‍රැගෙන යන්නේ කොතැනකටද? ඒ මම නොදනිමි,සමාවී ඔබට පැවසිය හැකිද?

කාංචනා අමිලානි

පුවත්පත් සබැදිය

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "උඩු ‍රැවුලක මරණීය වටිනාකම"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com