Archive > August 2013

හඳකට වුණත්

මුහුදු වෙරළ රැළි එක එක අරගෙන අතට විසි කරන්නට හදන්නේ හඳට පැන පැන එක් එක් අතට ලුණු ‍රැල්ලෙන් මුවා වෙන්නට හදන්නේ හඳ හිතුවක්කාරෙට උස ගිය සීත සිසිලස ගස් කිහිපයක් ඇත පින්තූර අදින විට ඔබේ කැමරාව ඒ අයත් හිට ගන්නේ මුවා කර එහේ මෙහේ පනින සඳ ඊයේ වාද්දුවෙන් පැන නැංග රවුම් හඳ මේ වෙනකොටත් නිව් ජර්සියෙන් […]

Continue reading

මහා කාව්‍යකට නිගා කළ පත්‍ර මිනිසුන්ගේ සුළු කාව්‍ය-Epic

මහාචාර්ය බොම්බා බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙකු මෙන් අමුතු උපකරණ රාශියක් පැළැදගෙන ඇති සැටියකි. නිල්ල නිලන වනාන්තරය පුරා ඔහු කගවේනෙකු මෙන් දුවන්නේත්,හිටි වනම ගෙම්බෙකු මෙන් බිම ඇද වැටෙන්නේත් හිස පැළැදි අමුතු හෙල්මටයට සම්බන්ධිත දුර බලන විප්‍රකාර දර්පන හේතුවෙනි. අති සූක්ෂම දෑ පෙනෙන ඒ දර්පන ඔහුට ළඟ නොපෙන්වයි. කපුටන් තිදෙනෙකු මාරාවේෂයෙන් ලුහු බඳින්නේ කුඩා පක්ෂියෙකි. ඒද මහාචාර්ය බොම්බාගේ […]

Continue reading

හිස් තැනක්ව පවතින්න

තප්පර ක‍ටුවකින් හදවත සූරන්න එතරම් ළඟකින් කාලයේ අඩුව පුරවන්න හිස්තැනක්ව දිගින් දිගටම පවතින්න මට පිරෙන්නට ඉඩ නොදෙන්න වාරකන් කාලයක මා මුහුද මැද අතරමං කරන්න පීනාගෙන දිවි ගලවාගත් විට දුර දක්නයකින්ම ‍රැළි අතර ගිළෙන මා නැරඹූ බව කියන්න ඔබේ මොහොත මට නොදෙන්න මගේ සියලු කාලය පැය ක‍ටුවලින් ණයට ගන්න ඒ ණය නොගෙවන්න ආදරයම බොල් ණයක් බව […]

Continue reading

මට පව් කරන්නට ඉඩ දෙන්න

මට පව් කරන්නට ඉඩ දෙන පතුලක් නොමැති කළු කුහරයක්ව සදාකල් ඉන්න දූලි අංශුවක් කර මා උරා ගන්න ආකාසයෙන් මා නොගලවන්න ඇලෙනු පිණිසම විටින් විට පෙනී සිටින්න කෙලවරක් නැති මුදුවක්ව ආදරයේම අනන්තය පෙන්වන වංචාකාර මඟ ලකුණක්ව ඔබව මග හැර යන මොහොත නවතන්න මට පව් කරන්නට ඉඩ දෙන්න

Continue reading

තේ

උණු වතුර ඉල්ලන්නේ තේ කුඩුය බුර බුරා නැ‍ඟෙන ගිනියමක කැබැල්ලෙන් කැබැල්ල දිය කර ගන්න තමන්ටත් වෙනත් පාටක් වෙන්න තේ වතුර ඉල්ලන්නේ සීනි කැට සීයක්ය කදිම පැණි රසකින් සිත් සේ නැළවෙන්න ඇස් පියාගෙන ඔහේ දියවෙන්න කාගේ හෝ දෙතොලකින් වෙනත් රාජධානියකට තාවකාලිකව මාරු වෙන්න

Continue reading

හවස | 5.20 pm

ඉස්ටේෂමෙන් දූවිලි කන්දක් උරා බී පුංචි ගුරු පාර දිග පාවෙම් මේ කුඩා ඉඩකඩ හරියට දෙකට බෙදාගෙන වම් පැත්තෙන් සැතපෙන ‘බව් බව්’ ජනපදය දකුණු අත පැත්තෙන් ක්‍රිකට් ගහන්නෝ කළු-උස-කොට-සුදු-පොඩි-ලොකු කොළු කුරුට්ටෝය ප්‍රවේසම ඔබ අතය වම් කන අයිනෙන් ටෙනිස් බෝලය ඉගිලෙන වළලුකර මැද්දට හෙණ හඬින් ඒ පතිත වන ඇස් ලොකු කර පිතිකරු බලා සිටින බුරාගෙන පනින්නත් -සිනා […]

Continue reading

ප්‍රේමයේ නිද්‍රාවෙන් සිදු කළ චිත්‍ර හොරකම-TRANCE

මිලියන 27ක් සහ පවුම් 50,000කට ගෝයාගේ ‘විචස් ඉන් ද එයාර්’ ප්‍රකට සිතුවම කලා වෙන්දේසියකදී මිල නියම වෙයි. අවසන් ලන්සුවත් සමඟ ලී මිටිය මේසයේ වැදෙන්නේ ලන්සු තබන්නන්ගේ අහිමි වීමේ දීර්ඝ සුසුම් සහ සිතුවම ලබා ගත් තැනැත්තාගේ හෘද ස්පන්දනය වැඩි කරවමිනි. සියල්ල පටන් ගන්නේ එතැනිනි. කලා වෙන්දේසියේ මහත දොරවල් ශක්තිමත් පා පහරින් විවර වෙයි. වෙන්දේසිය පැවැත්වූ කුඩා […]

Continue reading

මිනීමරු පෙම්වතෙකු මෙන්

උද්‍යානය මලින් මලට මිය නොයන්නැයි කියන තුඩින් තුඩඟ බඹර විස පතුරුවන සිඹින්නටම ඉඩ දෙන දිනෙන් දින විස පැතිරෙන්නටත් ඉඩ දෙන උද්‍යානය සාන්තුවරයෙක් මෙන් හැසිරෙන ගසකින් කොළ හැළෙන්නටත් ඉඩ දෙන රළු සපත්තු අඩියකටත් පෑගෙන්නට හරින උයන්පල්ලාට ඉදහිට ගතු කියන වතුර මලකට අසලකට එන්නට ඉඩ නොදෙන පර වෙන්නටත් පෙරම මල්ම පොඩිකර හරින උද්‍යානය හිරු එළියටත් කිසිත් නොකියන […]

Continue reading

දුම් !

තොල් සායම් ගෑ දෙතොලින් දෙතොල් මුද්‍රා තබමින් සුසුදු බද අග නිකටින් තැවරුම පිරුණු මින්ට් සුවඳ හමන සිගරුට්‍ටුව රදවම් රිදී පැහැ ලයිටරය ඔබ අත ඒ මත ජගුවර රුවකි ඇතුළට ගිලුණ හිස ඇල නොකර දකුණතේ මහපටගිල්ලෙන් දල්වනු ගිනි දළුව පළමු හුස්මෙන් දල්වා ගත යුතුය සුසුදු අග සුළඟට පි‍ටුපා සිටිය යුතුමය ඔබ එවිට ඇස් පියන්නට පෙර පළමු දුම් […]

Continue reading

ආලයේ නම පමණක්ම ඇති

සිහිනෙක ඔබ හිටි බව නොකියාම ඉමි එක්ව යනු නොහැකි වෙන්ව දිවි ගෙවනු නොහැකි මේ ද සාපයකි ආලයේ නම පමණක්ම ඇති

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com