Archive > September 2013

හදවත දෙන්න

හා…කෝ බලන්න ඇස් දෙක ඔය තියෙන්නෙ ලෙඩේ පේන්නම එක ඇහැක එක මූණ ගාණෙම හරියට බබළන මුහුණු දෙකක් ඔහේ ආදරෙන් බැදිලා එකවර දෙන්නෙකුට දැන් දිගටම උණ ගනියි තමයි හංගන්න බැරි කැස්සක් තමයි කැස්ස පැණි? නෑ.නෑ.කැස්ස පැණි පලක් නෑ ශල්‍යකර්මයක් විතරයි උත්තරේ පරිස්සමට වී අකුරට පපුව පළලා ගන්නෝනා හදවත එළියට ගෙදර ගෙනියන්න? නෑ.නෑ.දෙන්න බෑ ගෙදර ගෙනියන්න යවන්න [...]

Continue reading

සැලූනයකදීය

කොණ්ඩාවලට පාට ගාන්නට කතා කරන රැළි දිග හරින්නට පොළඹවන ෆේෂල-ක්ලීනප්-අයි මසාජ්-ත්‍රෙඩින්ග් මහත් වට්ටෝරුවක් අපිට පිරිනමන සුකුමාල කොල්ලන් කොණ්ඩා සෝදන ඉමිහිරි සුවඳ විටින් විට මුහුණට හෙළන ඔබේ මුහුණට ඉතා ආදරේ කරන වීදුරුවක් මෙන් ඒ පිරිසිදු කරන සුර ලෝකයක් තනි තට්‍ටුවක මවන කුහුඹුවන් මෙනි මේ සියලු දෙන උදේ සිට දුකක් එහෙම නැතිවාද අනුන්ගේ මුහුණු පිරිමදින ඔබට කැතක් [...]

Continue reading

පිළිහුඩුවියක කෝච්චියට පියඹන

පිළිහුඩුවියක උදේට කෝච්චියට පියාඹන රැළි ‍රැළි නිල් පියාපත් විටින් විට සකසන අඩි උස සපත්තුවට නැමී අවවාද කරන ‘කැඩෙනවා එහෙම නෙවෙයි ඔන්න මට බෑ ලැජ්ජා වෙන්න’ සපත්තුව ‘හා හොඳයි’ නොකියන පිළිහුඩුවෙකු ටයි පටිය ගලවා දමන උල් සපත්තුව බොරුවට පිස දමන ජෙල් සාත්තුව අතර අතැඟිලි යවන ක්‍රේල් කොණ්ඩය සුළඟටම ගතු කියන නිල් කමිසයේ අත් කොණක් හිනැහෙන අළු [...]

Continue reading

රවුමක් වෙන්නත් මට හිතෙන

ගල්කිස්ස කේ.එෆ්.සීය බස් රථ කවුළුවෙන් මට අත වනන අන්තයක-උඩු මහළක-රවුම් ආසන දෙකක් ඇසින් මට පෙන්වන කොන්දොස්තරට චා‍ටු හිනා පා කරන දොරක් ඇර මා බිමට හළන්නට ඉඟි කරන කුරුමිණියෙකු මෙන් මා හිස බිම ඔබා සිටින හැකැ‍රැල්ලෙකු මෙන් ආසනය මත රවුමක් වෙන්නත් මට හිතෙන ඒ රවුම් ආසන මඟහැරම ඉදිරියට යන්න පතන කරදරකාර කේ.එස්.සීය නොයෙක් මතකපට ගබඩාවෙන් ගෙන [...]

Continue reading

බිළාල කිවිසුමක් සේ

බිළාල කිවිසුමක් සේ නොසලකා හැරෙන මගේ මේ උද්යෝගය කරදරයි නේද ඔබට

Continue reading

අනතුරු ඇඟවීම

මිදුණු දිය ඇල්ලකින් ගලා යාමක් ඉල්ලන ඔබේ නොවැඩුණු සිත ප්‍රවේසම් කර ඊළඟ වසන්තය තෙක් මුදා හරිමි කාන්තාරයට රළු වැලි කුණා‍ටුවකින් ජල බිඳක් සොයා ගන්නට චණ්ඩ ඉර පතනයකින් පිණි බිඳක් පෙරා ගන්නට එකම වසන්තයක යළි අතරමං නොවන්නට අනතුරු ඇඟවීමක් කරන්නට

Continue reading

සැංගී-නොසැංගී

ඔබ කාමරය තුළ සැංගී-නොසැංගී ඉනු ඇතැයි දැනේ පොත් රාක්කය පි‍ටුපස අල්මාරිය ඇතුළත කිළිටි කූඩය තුළ විටින් විට ඔබ ඇතැයි සිතෙයි ඇඳ රෙදි අතර සිහින් කොට්ටා අතර පත්තර කොළයක් මෙන් සිහින්ව වැතිරී-සැඟවී ඇතැයි සැකයකි එහෙම විය හැකිද ඔබට සැඟවිය හැකිද මට දැනෙන්නට මට නොපෙනෙන්න මේ පුංචි කාමරය තුළම ඉතාම කුඩාවට

Continue reading

වැතිරෙන්නට උවමනා නැත

සිනිදු නැත මිහිරි කොපුල් රතු කරවන සුළුය මේ ඇද රෙදි සිනිදු නැත මට එකත්පස්ව බලා සිටිය හැක පුළුන් කොට්ටයක මල් ගැණිය හැක ඇද අද්දරම පොත් රාක්කය නැරඹිය හැක සන්සුන්ව සිවිලිමේ සිහින් පටි විමසිය හැක ඔබට කම්මුල් රිදවා ගන්නට අවැසි නැත දම් පාට බිත්තියට හේත්තුව අයිපෝඩය ක්‍රියාත්මක කළ හැක මටත් නො ඇසෙන්නට ගී ඇසිය හැක තවත් [...]

Continue reading

මිත්‍යා කතාවක

කිසිවෙකු එනතෙක් බලා සිටීම සුළඟක්ව හමා යන තෙක් අල්ලා නොගැනීම නැති වූ යමක් මෙන් යළි සොයා නොගැනීම එයයි මගේ රාජකාරිය ඉතා හොඳින් ඉ‍ටු කරන පැමිණිලි කිසිත් ගොනු නොකරන පරමානන්දව අකුණු සැර ඉල්ලන අල්ප මාත්‍රාවක ලුහුබැඳීමක් වුවමනා වන වරා මලක ගති ලක්ෂණ ආරෝපනය වෙන කිසිවෙක් එනතෙක් බලා සිටින මිත්‍යා කතාවක චරිතයක් මම.

Continue reading

මේ ගමන ඉවර නොවන

වෙනදාට ඈතින්ම පෙනුණ වතුර වැඩි දියසායම් චිත්‍රයක අපැහැදිලිම රුව මෙතෙක් පණ නොලැබුව පොතකින් පොතකට ඇවිද නොයන මෙ’කව් කුමටදැයි අසන්නට බිය වන මේ බැඳුම් ඒ තරමටම මා කළඹන බොර වතුරකින් මගේ රුව සොයන සුපැහැදිලි දිය පාරකින් මේ ගමන ඉවර නොවන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com