කොණ්ඩාවලට පාට ගාන්නට කතා කරන
රැළි දිග හරින්නට පොළඹවන
ෆේෂල-ක්ලීනප්-අයි මසාජ්-ත්රෙඩින්ග්
මහත් වට්ටෝරුවක් අපිට පිරිනමන
සුකුමාල කොල්ලන් කොණ්ඩා සෝදන
ඉමිහිරි සුවඳ විටින් විට මුහුණට හෙළන
ඔබේ මුහුණට ඉතා ආදරේ කරන
වීදුරුවක් මෙන් ඒ පිරිසිදු කරන
සුර ලෝකයක් තනි තට්ටුවක මවන
කුහුඹුවන් මෙනි මේ සියලු දෙන උදේ සිට
දුකක් එහෙම නැතිවාද අනුන්ගේ මුහුණු පිරිමදින ඔබට
කැතක් එහෙම නැතුවාද අපිරිසිදු කොණ්ඩ හැඩ කරන ඔබට
විටින් විට බලන්නේ ඔරලෝසුව
මට නැතුවාට බඩගිනියි නේද මහ ගොඩක් ඔබට
රිදෙනවා නේද ඇඟිලි තුඩු ඉවසන්න බැරි තරම
හිනාවී ඉවසනා ප්රීතිමත් මුහුණු සාක්කුවේ දමාගෙන
නො එන්නට තිබුණා නේද මට මේ හවස
කුමක් කරනවා ඇතිද රතුව ඇති ඇඟිලි තුඩුවලට
කුමක් කරනවා ඇතිද වෙහෙසකර ඇස්වලට
සුකුමාල කොල්ලනි හිනා නොවියන් මේ තරම
දුකක් සතුටක් කර ජීවිතේ පටන් ගන්නා විටම
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "සැලූනයකදීය"