හා...කෝ බලන්න ඇස් දෙක
ඔය තියෙන්නෙ ලෙඩේ පේන්නම
එක ඇහැක එක මූණ ගාණෙම
හරියට බබළන මුහුණු දෙකක්
ඔහේ ආදරෙන් බැදිලා
එකවර දෙන්නෙකුට
දැන් දිගටම උණ ගනියි තමයි
හංගන්න බැරි කැස්සක් තමයි
කැස්ස පැණි?
නෑ.නෑ.කැස්ස පැණි පලක් නෑ
ශල්‍යකර්මයක් විතරයි උත්තරේ
පරිස්සමට වී අකුරට පපුව පළලා
ගන්නෝනා හදවත එළියට
ගෙදර ගෙනියන්න?
නෑ.නෑ.දෙන්න බෑ ගෙදර ගෙනියන්න
යවන්න ඕනෑ ඒක ලොකු පරීක්ෂණේකට
ඔහේට ඕනේ ලෙඩේ සුව වෙන්නද
හාං...අත්සන් කරන්න මේං මෙතනින්
කැමතියි පපුව පලන්න
හදවත දෙන්න
කුරුල්ලෙක් වගේ පියාඹලා යන්න
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "හදවත දෙන්න"