යදමින් බැඳුණු කුඩා හදවත් කිටි කිටියේ තෙරපෙමින් උනුන් තුළම කිමිදෙමින් අත් හරිනු නොව පලවා හරිනු රිසි රහසක්ව මෘදුව වැතිරෙන විට වෙල්වට් ආසාවකින් ඔබම හිත පුරා එතෙන යොදුන් දුර වෙහෙසින් ගමන් කර ආපසු හැරී ඉසිඹුවකුදු නොලබාම සොයා එනු ඇත වෙල්වට් මතකය කෙටි නින්දකට
Archive > October 2013
මේ අල්ප මාළු මරණය
විසාල ආපනශාලාවක් ඇතුළත රවුම් මේසයක ඇසට ඇස මුණ නොගැසෙන විලස සැප දුක අසන මැරෙන්නට නියමිත මාළු යුවළ ළවණ ජලයද අහිමිව ස්වල්ප බුබුළුද දරමින මාළු කෑම මුවින් ඇන පසෙකට කරමින කොරල් පරයක සැඟවෙන දමා ආ කුඩා දරු රොත්ත විටින් විට රූප පොතක මෙන් උස්ව නැඟෙන සටන් කළ නොහැකිද අසන අල්ලපු ටැංකියේ අසල්වැසි කොට මාළු තෙම වරලින් […]
ද්රැකියුලාවත දවුන්ලෝදින
ද්රැකියුලාවත තවම දවුන්ලෝදින ලන්දනය ද්‍රෝහි වී ඇත දශකයකට පෙර මේ මිනීමරු මහතාට දැනට එපමණ දවුන්ලෝදින තවම
ඒ ලියමන
දුම් දමන්නේ තේ බඳුන කරමින් හෙමිහිට තර්ජන නොලීවොත් මැදියමේ ඒ ලියමන අමතක කර දමන බවට ඔබ හා බැඳි සියලු මතක ලෙයින් හා තීන්තෙන් විටින් විට ලිවිය හැක තැපෑලට දමනු නොහැකිය කියවන්න දෙනු නොමැනය අතරමඟ උවදුරුය අකුරු කිසිවක් වසඟයට ගනු නොරිසිය මෙවන් ඉල්ලීම් ඔබ වන් කෙනෙකුට නොසරිලන ගඟ ගලා යන බව පෙනෙන්නට ඇතිම විට මල් දියේ […]
ඉසියුම් එන්නතක් මෙනි
රෝහල්ගතව සිටින විට අකමැත්තෙන් අත් පසාරු කරන ඉසියුම් එන්නතක් මෙනි මේ මොහොත සුව වනු රිසි මුත් වේදනාවට අකමැති
සුළු චරිතයක්
කියැවූ පැරැණි පොතක මඟ හැරුණු සුළු චරිතයක් අලුත් කතාවකට පැමිණ මතක් කර ගන්න බැරි තරමට දුර්වර්ණව අලුත් කර ගන්න බැරි තරමට පැරැණිව නීරසයි මේ කියැවීම කෝ කොහිද ඔබේ පුදුමය මගේ ඇස් තවම හරිම අන්ධව
මේක සොඳුරු ඇබ්බැහියක්
පැහැදිලි නැති හිස්තැනක් ඒක ආලෝකය ඇති තැනක තවත් කුඩා ඉටිපන්දමක් වගේ මා ඔබව දල්වන්න සිතන විට ඔබ තනිව දැල්වෙනවා සියලු ආලෝක කදම්බ පසු කර කාන්දම් බල අනන්තයක් කැටිව මං ඔබ සොයා එනවා අපරිමිත පරිශ්‍රමයකින් අතරමඟ නතර වෙනවා ඒක හරියට කන්දකින් පහළට පනින අවසන් තප්පරය වගේ මං පාලනය වෙනවා පහළට නොවැටී ඉන්නවා ඔබ තුඟු කන්දක් වෙලා […]
ආරංචියක් ලැබුණු තැන
තුටිනි ඔබ අවාරයේ ආ වැස්සක් මෙන් රළු පොළොව සනසන බව හිතා තද සීත වැහි බිංදු හෙළන ළයත් සීරී නොදන්නා සෘතුවක ගිලී යන පෙනෙන්නට එන විට සිකුරු තරුව මෙන් ඉතා අහඹු රැයක වුව කම් නැත සැගවෙමි එවන් හැම රැයකින්ම බැස යන තෙක් උදෑසන අහසින් ආරංචියක් වුවමණා නැත ඔබව දකින්නට සූදානමක් නැත තුටිනි මම මේ විදිහට තවත් […]
ප්‍රයිවට් බසයකි පොත් රාක්කය
මගේ පොත් රාක්කය ප්‍රයිවට් බසයකි සෙනඟ උතුරන කොන්දොස්තර තැන ‘ගේම් ඔෆ් ත්‍රෝන’ එළියට එබී ඇතුළු වෙන්නයි කෑ ගාන්නේ අන් අයට අද ආපු ‘ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලරා’ දූවිලි ගෑවෙතැයි මහත් අපුළින් තටු අකුලාගෙන රාක්කයේ උඩුබැලිව පැණි වළලු නිහතමානී කැපකිරිමෙන් ඔසවාගෙන කවි පොත් කිහිපයක් ‘කුරුලු හදවත’ හොටින් ඇන කිතිකවන්නේ ‘තාරා මගේ දෙව්දුව’ ‘මාගම් සෝලියේ’ කර […]