මැකී ගිය විට ප්‍රේමයේ මෘදු පැල්ලම කිළිටක් වීය මා ළඟ සිතන්නේ කොහොමද සෝදා නොසෝදා රැක ගත්තාට වසරින් වසර ඉබේ මැකෙන්නත් පුළුවන බොහෝ විට අත් හරිනු ලැබ තිබූ සුසුවඳ වස්ත්‍රයක් නොවෙද යළි ඇඟලන්න කියන්නේ ඔබ මට සිඹින්නට කිසිත් නැති හිස් යමක් මගේ ළඟ දෝත පා ගෙන යන්න ඔබට මං දෙන්න නියමිත මැකී ගිය විට ප්‍රේමයේ මෘදු […]
Archive > November 2013
ඇගේ රහසිගත දෙවැන්න
ඕ එක් නවකතාවක් පමණක් ලියා අප්‍රමාණ ප්රහර්ෂයක් කියවන්නන් හට අත් පත් කරදී බොහෝ කලකට නිහඬව උන් තැනැත්තියකි. ඒමතුද නොවේ, තමා ලියූ පළමු නවකතාව උදෙසා 1997දී බුකර් සම්මානයද ලබා ගනිමිනි. ‘ද ගෝඩ් ඔෆ් ස්මෝල් තින්ග්ස්’ ඉන්දියාවෙන් පටන් ගෙන නොයෙකුත් දේශසීමා තරණය කළ අපූරු නවකතාවකි. ඒ ශ්‍රී ලංකාව තරණය කළේ ‘සුළු දෙය ඇසුරු කළ දෙවියා’ නමිනි. වසර […]
ආදරයටත් වඩා සුමුදු
ලුහුබඳිනු නොහැකි තුනී මීදුම කුඩා කාමරෙන් එපිටට ගලන රැයෙන් රැය ජිග්සෝ ප්‍රහේලිකාවකින් මට දමා ගසන නොකියා සඟවා ගත් ඒ වචනය ලබනු නොරිසිය මෙහෙම ළතැවිල්ලක පසු වීම ආදරයටත් වඩා සුමුදුය
ඔබ ජීන් පෝල් සාත්රේද?
සම්මානලාභී නවකතාකාරිණියක,ප්‍රකට පරිවර්තිකාවක වන සුමිත්‍රා රාහුබද්ධ ළමා සාහිත්‍ය ලේඛනයේ ද මුද්‍රා තැබූ තැනැත්තියකි.මේ සා අත්දැකීම් සමූහයක් සපිරි ඇගේ වෘත්තීමය ජීවිතයද අභියෝග සහ අත්දැකීම් රාශියකින් සපිරුණකි.’දැක නෙක විලස’ සුමිත්‍රා රාහුබද්ධගේ අභිනව ග්‍රන්ථයයි.තිස්පස් වසරක් රාජ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළ ඈ තම ජීවිතයේ මතක සටහන් ලියා තබන්නට තෝරා ගත් ‘දැක නෙක විලස’ ප්රස්තුත කොටගෙන කළ හෘද සංවාදයකි මතු […]
රනින් කළ මංජුසාවක
රනින් කළ මංජුසාවක පැරැණි සිනහවක් ඇති බව මතකයට නැඟෙන විට සීතල දිය පහරක් යට මෘදුව ගිලෙන්නට හැක
මං නොයන්නේ ඒකයි කඳුකරයට
කොලරා කාලයක් පසු නොකරම දුර්වර්ණ ආලයක් බිත්තියක තනියම කැටයමක් කර හද බිතෙහි සඟවන්න සියුම් නියනක් සොයන්නේ වසර වසර ගතකර මං නොයන්නේ ඒකයි කඳුකරයට බැටළුවන් වුණත් කරදරයි ළඟ දැවටෙන එක හරිම මෘදු ලොම් ඇවිත් මුහුණේ දැවටෙන විට මට මතක් වෙන්නෙම ඔබේ සුසිනිදු සයනය බෙරි පොකුරු පිපෙනා ගණ කැළයක අතරමං වුණොත් එහෙම ඔබ හවසක වස සහිත ඉත්තකින් […]