උද්‍යාන ගේට්ටුව අසල දිග ලී බංකුවක් උඩ අඩමාන කෙළවරක දැන් එතැයි බොරුවට සිතාගෙන එක හුස්මෙන් දිගටම මඟ බලමි මම විලවුන්ය ළා පුසුඹ පතුරන ඔබ වැළඳගත් තැන හදවත සැලෙයි පිරිමදින විට දර්පනයක්ය මේ මගේ ඇස් දෙක ඔබ දකින්නේ මොනවාද ඉන් ඉදහිට මන්දහාසය යළිත් මා නලවන උද්‍යානය සොරෙකු මෙන් බිම බලන ආවත් ඔබ රැදෙන්නේ නැති බව නොකියන […]
Archive > December 2013
හීලෑ අශ්වයෝ ගැන
අත් පිටපත කීප පාරක් කියවලා,ඉතා අපරික්ෂාකාරීව ටයිප් කරපු පීඩීඑෆ් ගොනුවක් තවත් කීප පාරක් කියවලා,අක්ෂර වින්යාසෙ වැරදි හොයන්න ආයෙ කියවමින් මං සෑහෙන්න කාලයක් මේ පොතත් එක්ක කාලය ගත කළා. එහෙම කියවීම පොතක කීවෙනි හරි පාර්ශවකරුවෙක් වීමක් කියලා මං හිතන්නෑ. ඒත් මට මේ පොතත් එක්ක පැහැදිලි කරලා කියන්න බැරි සම්බන්ධයක් ඇති වුණා. සමහර විට තුන්වැනි පාර්ශවයක් නෙවෙයි […]
බුන් වූ සිහිනයකින්
සමනල තටු කොතෙක් තිබිය හැකිද පියාඹන්නට ගොස් කැඩී බිම වැටුණ තණකොළ ගොල්ලක් මත රතු සිමෙන්ති පොළොවක පරවෙන්නට ළඟ විසාල මලක් උඩ සුන්බුන් එකතු කරගන්නට තවත් සමනලුන් එනු ඇත විනිවිද පෙනෙන තටු උඩ සීරුවට හොවාගෙන ගෙන යන්නට කඳු මුදුනක තැන්පත් කරන්නට උස් තැනක හැමදාම නිදන්නට සමනල තටුවකින් යළි ඉපදෙන්නට බුන් වූ සිහිනයකින් අවදි වෙන්නට
හිම
මං හිටියේ හරි සීතල ගලන තැනක. එතකොට හිම වැටෙන්න ඔන්න,මෙන්න තිබ්බේ. ඒත් හිම වැටෙන්නේ කොහෙන්ද කියලා මං දැනං හිටියේ නෑ. අහන්න කෙනෙක් හිටියෙත් නෑ. නමුත් කොයි වෙලේ හරි හිම වැටේවි කියලා පුංචි නරක බලාපොරොත්තුවක් තිබ්බා. එහෙම හිම වැටුණොත් අපි කරන්නෙ මොනාද කියලා අවසාන තීරණයකට එන්නත් අපිට පුළුවන්කමක් තිබ්බෙ නෑ. ඒත් යෝජනා කිහිපයක් තිබ්බා. 1.කාන්තාරෙකට පැනලා […]
මේ රහස
රහසිගතය වචනයෙන් කියන්නට බැරි බොහෝ දේ මගේ මුහුණින් සොයා ගනු බැරි සිනහවෙන් සුවඳ නොදැනෙන දේව කතාවක් තරම් අභව්‍ය මේ රහස දැනගෙන කුමන පලක්ද ගලන අතරමඟ අයිස් වුණ වැටෙන අතරමඟ මඟහැරුණු දිය ඇළිද-වැසිද හැම තැනම එහෙම විට කුමට කියන්නද මේ රහස ඔබට.
රන් කිණිස්ස
රන් දෙවොලින් ගෙනා වක් වූ රන් කිණිස්ස ඉදහිට හින්දියෙන් කතා කරන ආලයෙන් මුහුණ සූරන කැටයමින් මිට සැරසුණ වක් වූ රන් කිණිස්ස දීවාලි දා පිපිරූ මල් වෙඩි අතර සැනින් ආලෝකවත් වී නිවී ගිය වමතේ ඒ කැපුම් පහර ආලයේ කුරිරු සැත් පහර මැකී ඇත්ද දස වසකට පසුව තනි තනිව සඳ බලන අද වෙනකොට අල්මාරිය අඩිය පීරා හතරට […]
බිම වැටුණු වීදුරු කැඩපත
ඕවලාකාර කුඩා කැඩපතකි. කැටයමින් නොසැරසුණු කැඩපතේ බද, මදීබාගේ වමතට හිරවී ඇත. බොකුටු කොණ්ඩය සුදෝ සුදුය. දෑස විඩාබර මුත් තීක්ෂණය. සටන්කාමීය. හොඳින් බූ ගෑ රවුල සඟවන සුදු රවුල් ගස් අවසානය ළඟ බව අනතුරු හඟවා ඇති සෙයකි. මේ සා වසක් බෝ දුක් පිරිපත සේම ජීවිතයේ ආනන්දය අත් විඳි නෙල්සන් මැන්ඩලාවන්ගේ අවසන් ඡායාරූප ගොණුව ට්විටර පණිවිඩයකින් පීරා සොයා […]
ඉවසීමයි ආදරය
ප්රපාතයකි වලාකුළු නැති තැනක මදක් වැඩියෙන් සිනාවුණොතින් බිම වැටෙන සිතුවිලි කිති කවනු නොහොබී තවත් බෝ කල් වලාකුළු උඩ ප්‍රපාතයට පොඩ්ඩක් උඩහින් නැලවෙන්නැයි ඕනෑ ඝනැති ඇහි බැම නොසෙල්වා ඇසක් ඇතුළට ගිලෙන්නැයි ඕනෑ මදක් රිදුම් දේවි සෙලවෙන විට මගේ හදවත ඒ ඔබේ ඇස් ඇතුළෙ ඉවසීමයි ආදරය විසි නොකර මා බිමට නොසෙල්වී සිටීමයි ඔබේ කාරිය වලාකුළු නැති තැනක […]
කුමන දෙතොලින්ද
ආලය නම් අදිසි නිලා කූරක් වැනිය දැල්වේ නිවේ නිසි අනිසි බොහෝ තැන්වල ලෝකයේ ඇබිති ඉතා රසවත් තැන්වල එකම එළියකි නිවී අවසන් වන විට පල් වෙන්න හැරි මිදි යුෂකි ඉදහිටක අවුරුද්ද කුමක්දැයි ඇඟිල්ලෙන් ඇන කවුරුන් හෝ අසන අතර මම අසමි, කුමන දෙතොලින්ද ලැබුයේ රසවත්ම චුම්බනය ඔබ? Heavenly Kiss Love is like a sparkler stick burns at […]