ප්රපාතයකි වලාකුළු නැති තැනක
මදක් වැඩියෙන් සිනාවුණොතින් බිම වැටෙන
සිතුවිලි කිති කවනු නොහොබී
තවත් බෝ කල්
වලාකුළු උඩ
ප්රපාතයට පොඩ්ඩක් උඩහින්
නැලවෙන්නැයි ඕනෑ
ඝනැති ඇහි බැම නොසෙල්වා
ඇසක් ඇතුළට ගිලෙන්නැයි ඕනෑ
මදක් රිදුම් දේවි
සෙලවෙන විට මගේ හදවත
ඒ ඔබේ ඇස් ඇතුළෙ
ඉවසීමයි ආදරය
විසි නොකර මා බිමට
නොසෙල්වී සිටීමයි ඔබේ කාරිය
වලාකුළු නැති තැනක
ප්රපාතය ළඟ
අවදානමෙන් තවමත් මම
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "ඉවසීමයි ආදරය"