රන් කිණිස්ස

226623_455664341170369_328117091_n

රන් දෙවොලින් ගෙනා
වක් වූ රන් කිණිස්ස
ඉදහිට හින්දියෙන් කතා කරන
ආලයෙන් මුහුණ සූරන
කැටයමින් මිට සැරසුණ
වක් වූ රන් කිණිස්ස

දීවාලි දා පිපිරූ මල් වෙඩි අතර
සැනින් ආලෝකවත් වී නිවී ගිය
වමතේ ඒ කැපුම් පහර
ආලයේ කුරිරු සැත් පහර
මැකී ඇත්ද දස වසකට පසුව
තනි තනිව සඳ බලන අද වෙනකොට

අල්මාරිය අඩිය පීරා
හතරට නැවූ මුම්බායි ලේන්සුවේ ඔතා
තනිව සැතපෙන
වක් වූ ඒ රන් කිණිස්ස
නරඹන්න පොළඹවන්නේ
නෑසෙනා ඔබේ රන් සිනහව

සීතලෙන් සීත වුණ කැටයම් මතකය
මෙන්න මෙහෙමයි ඇවිලෙන්නේ ඉදහිට
දකින විට
නොදැකිය යුතු ඔබේ රන් සිනහව

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "රන් කිණිස්ස"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com