උද්‍යාන ගේට්ටුව අසල
දිග ලී බංකුවක් උඩ
අඩමාන කෙළවරක
දැන් එතැයි බොරුවට සිතාගෙන
එක හුස්මෙන් දිගටම මඟ බලමි මම
විලවුන්ය ළා පුසුඹ පතුරන
ඔබ වැළඳගත් තැන
හදවත සැලෙයි පිරිමදින විට
දර්පනයක්ය මේ මගේ ඇස් දෙක
ඔබ දකින්නේ මොනවාද ඉන් ඉදහිට
මන්දහාසය යළිත් මා නලවන
උද්‍යානය සොරෙකු මෙන් බිම බලන
ආවත් ඔබ රැදෙන්නේ නැති බව නොකියන
අඩමාන කෙළවරින් බිමට වට්ටන
ඉමිහිරි රිදුමකි තවම ඔබ මගේ හිත පතුළ
ප්‍රතිචාර
Powered by Facebook Comments
No Comments on "ඉමිහිරි රිදුමකි තවම ඔබ"