මලක් කියන්නේ ද්‍රෝහි වීමක් පොහොට්ටුවකට ද්‍රෝහි වීමක් betrayal a bloom is a betrayala betrayal of the bud Translated by Renuka Mendis
Archive > January 2014
ඒ ඔබ වෙන්න බැරිද
උසැති තැනක හුදෙකලා ගසක් යට ඉමිහිරි කටු තුඩක් ඇනුණොත් ඒ ඔබ වෙන්න බැරිද දහසකුත් මතක අතරින්
බළල් රවුලක් තරම්වත් නොවටින
මට ඔබේ සුවඳ දැනෙන රවුල් කොන් සොලවමින් කුඩා බළලෙකු මෙන් ඔබව සොයමි අනෙකෙකු හා ලුහුබදින සෙල්ලමක ඔබ රිබන් බැඳි ගෙළ සොලවමින් දිව යන නම නොදන්නියක සියලු සුවඳ විහිදුවන නිතර අප මඟ හැරෙන බළල් රවුලක් තරම්වත් නොවටින මගේ මේ පෙනී සිටීම බළල් හිසක් උඩ ගඩොල් කැටයක් තරම් බර දැනෙන
පව් නොකර සිටිය යුත්තේ ඔබ නොවෙද
කල් ඉකුත් වූ රෙදි සේදුම් කුඩුය ඉතා කිළිටිව කිවිසුම්ලන වස්ත්‍රය දිය කළ නොහැක දිය වෙන්නට පළමු කැටි ගැසීය පිරිසිදු වෙන්නට බැරිය ඔබෙන් උදව්වක් නොලැබේමය ඒ අතරමැද ජලයය ගලා යන්නට-නොයන්නට තීරණ නොගෙනමය කිළිටිවම සිටුව නොකියා කියන්නේ ඒ නොවෙද මට ගලක් ගසන්නට පව් නොකර සිටිය යුත්තේ ඔබ නොවෙද
සඳෙන් අඩකි
සඳෙන් අඩකි අපෙන් ගිලිහුණු රාත්‍රිය ඔබ තවම මිහිරි බවම පෙන්වන අහසට නගින්නට මං තවම ඉනිමගක් තනන
හෘදයාබාධයක් මෙන්
හෘදයාබාධයක් මෙන් හදිසියේ එන්න මගේ සිරුරේ වැඩ කටයුතු නවතන්න ඔබට ඕනෑ හැටියට ගිමන් හරින්න හෘද නාල අවහිර කරන්න සියුම් රිදුමකින් පටන් ගත් ආදරය අසමාන ශාන්තියකින් අහවර කරන්න හෘදයාබාධයක් මෙන් හදිසියේ එන්න Come like a heart attack Come like a heart attack All of a sudden! Making my body stop, Take a rest as you wish […]
ඒ ඔබේ බළල් ආලය
බළල් නැට්ටක් තරමට වටින කුළෑටි ඥාව් හඬක් තරමට තැති ගැනෙන ඒ ඔබේ බළල් ආලය කොට තාප්පයෙන් මාව බිම වට්ටන සනීප බූල් පුටුවෙන් සිමෙන්තියට බස්සන මටසිළුටු රවුල් ගස් සුළඟේ ලෙළෙන බොම්බයි මොටයි මෙන් සුවඳ හමන ඒ ඔබේ බළල් ආලය කුප්පමේනියා ගසක් මෙන් මා වටා නටන සදාකාලික මත් බවක මා ගිල්ලන සොඳුර බළල කොට්ට අත් සල සලා […]
වියළි පත්රයකට වුව
වැටෙනු හැක වියළි පත්රයකට වුව ආවේණික වේගයෙන්ම තණකොළ ගොල්ලකට තුරුලු කර ගත හැක ඒ පත රෝස කටු ඇති රෝස මල් ගහකට වේලීම නොතකාම සිදුරු කළ හැකි ඒ පත ලොකු හම් සපත්තුවකට කුඩුපට්ටම් කළ හැකි හැම විටම අන්න ඒ පත සියලු අවදානම රැගෙන බිමට වැටෙන්නට යන්නේ අන්න ඒ වියළි පත්‍රය
තනි අයිතියෙන් පොළටය
ඒ මුළු පාරම තනි අයිතියෙන් පොළටය ලෙළවා පස්ස ගමන් යන ත්‍රීවීලර උස්සා පොළොවේ ගසන මෝටර් බයිසිකල හිඟන්නන් මෙන් ඉඩක් ඉල්ලන ගෝවා කොළ නළඟනන් මෙන් ඇඳුම් ගලවා විසි කරන අමු මිරිස් කූඩැල්ලන් මෙන් කකුලේම එල්ලෙන බදාදා පොළ අඟහරුවාදාට උසස්වීමක් ලබාගෙන මහත් නැටුමකි නටන්නේ අතුරු පාරම වසාගෙන
සොරකම් කිරීමට ලක්ව
සොරකම් කිරීමට ලක්ව කිලෝ 59ක් සහිතව නියපොතු-කොණ්ඩා කැබලි ඇතුළත්ව පුළුන් ගුලියක් මෙන් සැහැල්ලුව මෙන්න ඔබ මාව ගෙන යන උඩිනුත්-යටිනුත් ගිනිගන්න පෝරණුවකින් රොටී කන්න වෙඩි බෙහෙත් පරදන මස් හොද්දක් ඇණවුම් කෙරෙන මීක් සද්දයක් නොනඟාම පටු බංකුවක මං ගුලිවී ඉන්න ගොජ ගොජ ගා නටන කේතලයෙන් ‘චායි’කෝප්පයක් මැවෙන සූස් ගා උගුර උගුර උගුරෙන් පහළට කාන්දු වෙන රෝස නගරය […]