Archive > February 2014

මුහුදුබත් වනු රිසි වෙම්

සොඳුර මුහුදුබත් වනු රිසි වෙම් රළ චණ්ඩ වන පළමු මොහොතේම රෑ ඇඳුම පිටින්ම අවුල් කොණ්ඩය සකසමින් උඩ තට්‍ටුවේ සිට පැද්දෙන යට තට්‍ටුවට කම්පනයෙන් පැමිණිය හැකිය කොම්පාසුවක් රෑ ඇඳුමේ සාක්කුවක ලාගෙන සැහැල්ලුවෙන් කුණා‍ටුවට මුහුණ දිය හැක සොඳුර කුණා‍ටුව එන්නේ කවදාද කියව නොපමාව

Continue reading

ආදර සිතියම | The Map of love

ආදර සිතියම කිසි තැනක ගිනි කඳු ලකුණු කර නැති එහෙත් සියලු තැන ලාවා වැගිරෙන The Map of love Map of love without a single volcano marked on yet lava flows everywhere Translated by Himali N.Liyanage

Continue reading

ඔබ දෙතොල

ඔබ දෙතොල වැ‍රැදීමකින් ගැටී ඇත මගේ කම්මුලක ඒ ඉතා සාමාන්‍ය දවසක ඔබ අන් අයෙකු හා උමතු පෙමක පැටලී හුන් කාලයක හෘද රෝගියෙකු මෙන් හුස්ම ගැනීමේ කලබලයෙන් කුඩා නිවසක කලබල ඉස්තෝප්පුවක මිහිරි අඳුරක තනිව සිටියා මතකයි මට සිරුරෙන් ගලන්නට හැකි සියලු වේදනා කැටිකොට සතු‍ටු බුබුළක් මවා අනෙක් කම්මුලෙන් තබන්නට සිදු විය දැනුදු ඉදහිට ඒ සතු‍ටු බුබුළ [...]

Continue reading

අපි කොහේ යන්නද

අපි කොහේ යන්නද සියලු තැන් කිසිම තැන නැති විට බම්බලපිටිය හන්දිය සඟවාගෙන හුන් පොඩි චීන අවන්හල ගලවා එතැන සවිකර වෙනත් දෙය සිසිල දුන් ආනන්ද බෝධිය වටා සවිකර සිමෙන්ති පවුරක අරලිය ගස් බිම බලාගෙන උත්තර කියන්නට බැරිම විට අපට වජිර පාරේ බබ්ල් ක්වීනය අත්හැර ගොසිනි තායි ළඳුන් සේරම ඇලුමිනියම් පු‍ටු මේස ඔක්කොම වීදුරුවෙන්වත් නොබලයි ගාලු පාර [...]

Continue reading

කිමිදෙමි මුහුදු පතුළට

අනිත් අය අතර ඔබ නැති එක සහනයක් වෙන පුංචි මොහොතක කිමිදෙමි මුහුදු පතුළට අතීතය කොහිදැයි සොයන්නට

Continue reading

වැ‍රැදි කෙලවර

වැ‍රැදි කෙලවර ඔබ ඉන්නකොට මට පුළුවන්ද හරියට හැසිරෙන්න

Continue reading

ඔදාලය

ඔදාලය එළිමහන් කෑම කඩය වඩාගෙන සීත පිනි විටින් විට වගුරන මධ්‍යාහ්නය ගින්දරක් තාර පාරටත් ඉසින ‘මැන්ගෝ ට්‍රී’ කුළුබඩු සුවඳ දරාගෙන කන්න කැමති දේ ඇසින් විමසන මල් දරන්නට වරම් නැති තරබාරු අරලිය ගස අබ්බගාතයෙකු මෙන් අතු කප්පාදු කර කුඩා රවුම් මේසයට එබීගෙන ඔබත් එනවා ඇතැයි සිතාගෙන විටින් විට මගේ මුහුණට එබෙන දුම් දමන බුරියානියක් තනිව මේසයට [...]

Continue reading

ලේන වලිගය

ලේන වලිගය හිස් කරන සමුදුර සොය සොයා මුතුවක් පෙර දිනක තම’තින් අත් හැරුණ නොදන ඒ වෙනත් සමුදුරක බව

Continue reading

පෙරේත කූඹි ඒ අය

නිකංම කූඹි නෙවෙයි ඒ පෙරේත කූඹි බහින්නෙ කෑම මේසෙට උස්සගෙන සරොම් පැත්තකින් ‘අඩෝ කෝ පැණි රස?’ අහන්නේ අන්න එහෙම අම්මාගෙන් සැරයක් දෙකක් කරකවා උඩු රවුල සීනි කැටයක් වහ ගන්නේ පිළිවෙලට කේක් කුඩු අධි කාන්දම් බල සහිත පට ලේන්සු වනමින් එන්නේ චණ්ඩි ටික දැන් හවස තේ වෙලාවට මහලු අය එන්නේ මදක් සැර බාල කර පැටිස් දාර [...]

Continue reading

මිසිස් සමරසිංහ

මිසිස් සමරසිංහ මෙහෙ එන්න ඇවිත් මේ ඉඳුණු පළතුරු කන්න සිහිල් දිය බොන්න මගෙත් එක්ක අනන්තෙට පියාඹන්න අත්ත‍ටුවට ෂොපින් බෑගයක් බැඳ ගන්න උඩු හුළං එන්නේ මකර වෙස් අරගෙන මිසිස් සමරසිංහ අපිට බෑ එක් වෙන්න එත් පුළුවන් ජෝඩු දා පියඹන්න මගේ හීනෙට විලවුන් පොඩ්ඩක් ඉහින්න අර ලේන්නු ඩබලට බෑ අපිව වෙන් කරන්න ඔබේ පුසුඹින් මට ඇහැකි මකරෙක් [...]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com