ෆේස්බුක් දශකයේ විස්මෘති විනෝදය

137654-1

ෆේස්බුක් දශකය විස්මෘති විනෝදයකින් ඇ‍රැඹියේ යැයි කීම සාධාරණය. තමා තුළ සිටි නොපෙනෙන අනෙකා සොයා ගැනීමේ තදබල ආශාවෙන් මඩනා ලද සාමාන්‍ය ජීවිතය උත්කර්ෂයට නැංවූ සයිබර් මොහොත බිලියන 1.23ක් වෙත උදා කර දෙනු ලැබූයේ මාර්ක් සකර්බර්ග්ය. මේ අඟහරුවාදාට ප්‍රකට ෆේස්බුක් සමාජජාලා අඩවියට දස වසක් සපිරෙයි. එනම් වසර දහයකින් ඒ මහළු වෙයි. සමාජජාලා අඩවියකට වසර දහයක සමෘධිමත් අතීතයකින් කුමක් නම් ඉතිරි වී ඇතිද? හුදෙක් සන්නම් නාමයක් පමණක් නොවන ෆේස්බුක් වැඩිපුරම මිනිසුන්ට බලපෑමක් කළ අජීවී වස්තුවක් ලෙස සැලකීම වැ‍රැදි නොවේ.
බිලියන 1.23ක පරිශීලකයන් පිරිසක් සිටීම යනු ඉන්දියාවේ ජනගහනයට සමාන වීම දෛවයේ සරදමක් නොවේ. මේ වර්චුවල් රාජ්‍යයකි. මාර්ක් සකර්බර්ග් එහි නිළ රාජ්‍යත්වය දරන්නාය. අන්තර්ජාල නව්‍යකරණය ගැන අධ්‍යනය කරන විට ෆේස්බුක් යනු ඒ සඳහා හොඳම උදාහරණ හතරෙන් එකකි. අනෙක් ත්‍රිත්වය වෙබ් ,විකිපීඩියා,ස්කයිප් ය. එහෙත් ෆේස්බුක් යනු පළමු සමාජජාලා අඩවිය නොවේ. ඊට පෙර උපත ලත් තවත් සමාජජාලා අඩවි කිහිපයකි. ඒ අතරින් මයිස්පේස්,ලින්ක්ඩින්,හයිෆයිව්,සික්ස්ඩිග්‍රීස් ප්‍රධානය. මේ අතරින් මයිස්පේස් යනු ෆේස්බුක් වෙත අභියෝගයක් ලබා දීමට සිටි ආසන්නම තරඟකරුය. එහෙත් එහි අන්තර් මුහුණතේ තිබූ අඩුපාඩු මෙන්ම පරිශීලකයන් වෙත ලබා දී තිබුණු අනවශ්‍ය පාලනය කිරීමේ බලය හේතුවෙන් ෆේස්බුක් නිතරඟයෙන්ම මුල් තැනට පැමිණ තිබුණි.

snapchat-5-ios

ඊළඟ කාරණය අනුකරණය කිරීමෙහිලා ෆේස්බුක් දැක්වූ සහජ දක්ෂතාවයයි. සෙසු සමාජජාලා අඩවිවල තිබූ ධනාත්මක දෑ හීන් නූලෙන් අනුකරණය කළ ෆේස්බුක් තවත් කුඩා සමාජජාලා අඩවි සහ ඡායාරූප පළ කෙරෙන අඩවි මිලට ගැනීම ආරම්භ කරනු ලැබීය. ප්‍රකට ඉන්ස්ටග්‍රෑම් අඩවිය මිලට ගනු ලැබූයේ ඒ පෙළඹවීම මතය. ඒ අමෙරිකානු ඩොලර් බිලියනයකටය. ඊළඟට ඔවුන් කුරුමානම් ඇල්ලුවේ ස්නැප්චැට් වෙතය. එහි ලන්සුව ඇමෙරිකානු ඩොලර් බිලියන 03කි. ස්නැප්චැට් යනු ගැටවරයන් අතර අතිශය ජනප්‍රිය වැසටහනකි. මෙහි ඡායාරූප සහ කෙටි පණිවුඩ හුවමාරු කර ගත හැකි අතර තප්පර කිහිපයකින් ඒවා ඉබේම මැකී යයි. ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ සිසුන් නිර්මාණය කළ මේ ඇප්ලිකේෂණය මිලට ගැනීමට උත්සාහ කිරීම හරහා ෆේස්බුක් තම වෙළෙඳ අධිකාරිය ප්‍රකට කළ මුත් තරඟයට ඇති අසීමිත බිය ඒ පසුතලයේ විය.

Indian_social_networks_of_2013

වඩාත් උනන්දුසහගත සිදුවීම වන්නේ ස්නැප්චැට් හිමිකරුවන් සකර්බර්ග් ගේ ඩොලර් මිලියන 03 ලන්සුව ප්‍රතික්ශේප කිරීමයි. එනම් ස්නැප්චැට් හිමිකරුවන් තම අනාගතය ගැන අනාවැකි දැන සිටීමයි.
'ඔවුන්ට ස්නැප්චැට් සල්ලිවලට ගන්න බැරි වුණා. ඒකෙන් ෆේස්බුක් පුවත්පත් සිරස්තල මැවුවා. ඒත් ලජ්ජාවත්,අපකීර්තියත් වසා ගන්න ඔවුන්ට ක්‍රමයක් නෑ.'
ඒ අන්තර්ජාල විශ්ලේෂකයෙකු වූ බ්‍රයන් බ්ලවු ගේ අදහසකි.
මේ සියල්ලෙන් කියැවෙන්නේ ෆේස්බුක් දැඩි අන්‍යනතා අර්බුදයකට පත්ව ඇති  බවය. එනම් වසර දහයක් මුළුල්ලේ සයිබර් සුවිසැරියට මුදා හළ දෑ නවමු නොවන බවයි. මන්දයත් ෆේස්බුක් සමාජජාලා අඩවියේ ඉලක්ක කණ්ඩායම වූයේ ගැටවරයන්ය. එහෙත් පසුගිය වසර කිහිපය තුළ ගැටවරයන් ෆේස්බුක් හැර යාමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණි. ඊට හේතු වශයෙන් පැවසුණේ තව දුරටත් ෆේස්බුක් යනු ගැටවරයන්ට ගැලපෙන තැනක නොවන බවයි. තමන්ගේ පෞද්ගලිකත්වය ඉන් සු‍රැකෙන්නේ නොමැති බවයි. මවුපියන් මෙන්ම පවුලේ සෙසු සාමාජිකයන් තමන්ට මිතුරු පණිවුඩ එවන බවත් ඒවා තව දුරටත් පිළිගැනීමට නොහැකි බවත් ඔවුන්ගේ පොදු මතයයි. එනම් තමන් ෆේස්බුක් හැරදා වඩා ප්‍රකට අකුරු 140 ට්විටර් මිනි බ්ලොගින් සේවාව වෙතට,ස්නැප්චැට්,ඉනස්ටග්‍රෑම්,වට්ස් ඇප්,සෝෂල් රේඩාර් ආදියට මාරු වීමට කත් තීරණය එතරම් කුරිරු නැති බවයි.

theres-a-turf-war-between-the-major-social-networks-over-second-screen-real-estate

'දැන් මේකයි ප්‍රශ්නේ, තරුණයන්ගේ සාදයකට අතරමඟදී අම්මයි,තාත්තයි ආවම වැඩේ ඔක්කොම කණපිට හැරෙනවානේ. අන්න ඒකයි මේ වෙලාවෙ සිද්ධ වෙලා තියෙනේ. ඒක භයානකම අවස්ථාව තමයි ගැටවර වියේ ඉන්න පුතාට හෝ දුවට තමන්ගෙ අම්මගෙන් හෝ තාත්තාගෙන් මිතුරු ඉල්ලීමක් පැමිණීම. මේ අවස්ථාව ඔවුන්ව පිස්සු වට්ටවන සුළුයි. ඒ කියන්නේ මෙන්න මේ මොහොත තමයි ෆේස්බුක්වල තීරණාත්මක අවධිය. සම වයසේ අය එක්ක වගේ තමන්ගේ මවුපියන් එක්ක තාරුණ්‍ය අත් විඳින්න බැරි බව ඔවුන් දන්නවා.
ඒ වගේම තමයි හැම නව පරම්පරාවක්ම අලුත් සමාජජාලා අඩවි සොයා ගන්නවා. දැන් ෆේස්බුක් සොයාගත් පරම්පරාව ඉවරයි. ඔවුන් වියපත් වෙලා. කොටින්ම කියනවා නම් සකර්බර්ග්ටත් මේ අවුරුද්දට වයස අවුරුදු 30යි. ඔහුටත් තව දුරටත් තරුණයෙකු සේ සිතීමේ හැකියාව ක්ෂය වෙලා ගිහිල්ලා. ඉතින් ෆේස්බුක් කියන්නේ තව දුරටත් නැවුම්-ආකර්ශණීය දෙයක් නෙවෙයි'
මේ අදහස බෞතික සංස්කෘතීන් පිළිබඳ මහාචාර්යවරයෙකු වන ඩැනියෙල් මිලර්ගේය.

fdd

ෆේස්බුක් ඉපදෙන්නේ මේ තරම් විසාල වෙන්නට සිතාගෙන නොවීම අපි සලකා බැලිය යුතු අනෙක් කාරණයයි. මීට දස වසකට පෙර දේවදූතයෙකුගේ මෙන් පෙනුමක් ඇති තඹ කැ‍රැළි සහිත කොණ්ඩයක් සහිත 19 හැවිරිදි හාවර්ඩ් සරසවි සිසුවාට වුවමණා වූයේ එකිනෙකා අතර සහ සම්බන්ධයක් ඇති කර ගත හැකි ආකාරයේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමයි. ඒද සරසවිය ඇතුළත පමණි. ඒ අනුව වර්ෂ 2004 පෙබරවාරි 04 වැනිදා සරසවි සිසුන්ට පමණක් සහභාගි විය හැකි අයුරින් ෆේස්බුක් නම් නවමු වෙබ් අඩවිය ඇරඹිණි. සරසවිය පුරා වසංගතයක් සේ පැතිරී ගිය මේ අපූරු වෙබ් අඩවිය අමෙරිකාවේ සරසවි කිහිපයක්ම ආක්‍රමණය කිරීමට සමත් විය. මේ නව පෙ‍රැළියත් සමඟම සමාජජාලා අඩවිකරණයට පිවිසෙන ලෙස සකර්බර්ග් තරුණයාට ඇරයුම් ලැබුණි.

Indian_social_networks_of_2013

මාර්ස් සකර්බර්ග්,ඩස්ටින් මොස්කොවිට්ස්,ඉඩියුරාඩෝ සෙවරින්,ඇන්ඩෲ මැක්කොලම්,ක්‍රිස් හියුග්ස් යන අය විසින් සොයා ගන්නට යෙදුණු ෆේස්බුක් අරඹයා අයිතියේ ගැ‍ටුම නොබෝ දිනකින් කරළියට පැමිණිනු අතර ඉන් එහි ජනප්‍රියත්වයද වැඩි වුණි. අවසන මාර්ක් සකර්බර්ග් එහි ප්‍රධාන විධායක නිළධාරියා වූ අතර 5800ක් තරම් සේවක සංඛ්‍යාවක් ඔහු යටතේ සේවය කරනු ලබයි. භාෂා 70න් භාවිත කිරීමේ හැකියාව ඇති අතර ඇලක්සා පෙළ ගැසීම් අනුව ෆේස්බුක් ඇත්තේ සියලු වෙබ් අඩවි අතර අංක දෙකටය. පළමු වැන්නා ගූගල්ය. තෙවැන්නා යූ ටියුබ්ය. හතර වැන්නා යාහූය. ට්විටරය ඇත්තේ අංක 10ටය. තම්බ්ලර් ඇත්තේ අංක 32ටය. ඉන්ස්ටග්‍රෑම් ඇත්තේ 83 වැනියාටය. එනම් ගූගල් භවතුන් ෆේස්බුක් පැරදවීමට ඇරඹූ ගූගල් ප්ලස් තවම පසුපසිනි. ෆේස්බුක් විජයග්‍රාහී දෙවැනි අංකයෙන් පහළට දැමීමට තවම ජගතෙකු පහළ වී නොමැත.

facebookdecadeheader

මාර්ස් සකර්බර්ග්,ඩස්ටින් මොස්කොවිට්ස්,ඉඩියුරාඩෝ සෙවරින්,ඇන්ඩෲ මැක්කොලම්,ක්‍රිස් හියුග්ස් යන අය විසින් සොයා ගන්නට යෙදුණු ෆේස්බුක් අරඹයා අයිතියේ ගැ‍ටුම නොබෝ දිනකින් කරළියට පැමිණිනු අතර ඉන් එහි ජනප්‍රියත්වයද වැඩි වුණි. අවසන මාර්ක් සකර්බර්ග් එහි ප්‍රධාන විධායක නිළධාරියා වූ අතර 5800ක් තරම් සේවක සංඛ්‍යාවක් ඔහු යටතේ සේවය කරනු ලබයි. භාෂා 70න් භාවිත කිරීමේ හැකියාව ඇති අතර ඇලක්සා පෙළ ගැසීම් අනුව ෆේස්බුක් ඇත්තේ සියලු වෙබ් අඩවි අතර අංක දෙකටය. පළමු වැන්නා ගූගල්ය. තෙවැන්නා යූ ටියුබ්ය. හතර වැන්නා යාහූය. ට්විටරය ඇත්තේ අංක 10ටය. තම්බ්ලර් ඇත්තේ අංක 32ටය. ඉන්ස්ටග්‍රෑම් ඇත්තේ 83 වැනියාටය. එනම් ගූගල් භවතුන් ෆේස්බුක් පැරදවීමට ඇරඹූ ගූගල් ප්ලස් තවම පසුපසිනි. ෆේස්බුක් විජයග්‍රාහී දෙවැනි අංකයෙන් පහළට දැමීමට තවම ජගතෙකු පහළ වී නොමැත.

bilde

මේ සා විසාල ෆේස්බුක් සමාජයට කළ බලපෑම සැකවින් කිවහොත් ඒ සන්නම් නාමයකි. තමා තුළ නැති අනෙකා සොයා ගැනීමේ මහා ක්‍රියාන්විතය සේ පෙනෙන්නට තිබෙන,වඩා හොඳ කෙනෙකු සේ අතත්‍ය ලෝකයේ හැසිරෙන්නට දෙවැනි අවස්ථාවක් ලබා දෙන්නකි. එහෙත් යථ ඊට වඩා නපුරු සහ අවලස්සන බව මේ පරිශීලකයෝ දනිති. ෆේස්බුක් ගිණුමක් නැති වීම අඩුපාඩුවක් සේ සැලකෙන වඩාත් පරිපූර්ණ සමාජයක් ප්‍රාර්ථනා කරන ලෝකයක සිට අපි බලා සිටින්නෙමු. එනම් අතත්‍ය අවකාශයක සිට තත්‍ය ලෝකය දෙස බලා සිටින්නෙමු.
එහෙත් වයස නොයන්නේ යැයි සිතූ නාඹර ෆේස්බුක් වයසට යෑම ගැන අප පසුතැවිලි විය යුතුද? නැත. පසුතැවිලි වීම යුතු නොවේ. ඩිජිටල් වයස වඩා ඉක්මන්කාරීය. ෆේස්බුක් දැන් තරුණ නැත.
 ෆේස්බුක් පසු කළ සංධිස්ථාන
2004 පෙබරවාරි
මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ විශ්වවිද්‍යාල සඟයන් වූඩස්ටින් මොස්කොවිට්ස්,ඉඩියුරාඩෝ සෙවරින්,ඇන්ඩෲ මැක්කොලම්,ක්‍රිස් හියුග්ස් යන අය විසින් විසින් ෆේස්බුක් නිර්මාණය කිරීම. මේ වන විට හාවර්ඩ් සරසවි සිසුන්ට පමණක් මෙහි පරිශීලකත්වය සීමා වී තිබුණි.
 2005 මැයි
ඇක්සෙල් හවුල්කරුවන් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 12.7ක් ෆේස්බුක් වෙත ආයෝජනය කිරීම. ඇක්සල් හවුල්කාර ජිම් බ්‍රේයර්ස් තමන්ගේ මුදලින් අමෙරිකානු ඩොලර් මිලියනයක් ආයෝජනය කිරීම.
2005 සැප්තැම්බර්
ෆේස්බුක් සමාජජාලා අඩවියට උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට ඇතුළත් වීමට අවස්ථාව ලබා දීම. මින් වසරකට පසුව ෆේස්බුක් අඩවිය සියලුම දෙනාට විවෘත වීම.
2010 සැප්තැම්බර්
'ද සෝෂල් නෙට්වර්ක්' නමින් ඩේවිඩ් ‍ෆින්චර් විසින් ෆේස්බුක් නිර්මාතෘගේ ජීවිත කතාව සිනමාවට නැඟීම. මෙය අතිශය ජනප්‍රියත්වයටත්,දරුණු විවේචනයටත් ලක් විය.
2012 අප්‍රේල්
ප්‍රකට සේයාරූ මුදා හැරීමේ ඇප්ලිකේෂනයක් වූ ඉන්ස්ටග්‍රෑම් ෆේස්බුක් සමාගම විසින් මිලදී ගන්නා බව ප්‍රසිද්ධ කිරීම. මේ සඳහා ඔවුන් වැය කළ මුදල අමෙරිකානු ඩොලර් බිලියනයකි. ජංගම දුරකතන ඇප්ලිකේෂනයක් ලෙස ප්‍රකට ඉන්ස්ටග්‍රෑම් වෙනමම සන්නම් නාමයක් ලෙස වැඩි දියුණු කිරීමට සකර්බර්ග් අදහස් කරන බවත් නිවේදනය කළේය.
කාංචනා අමිලානි
ද ගාර්ඩියන් ඇසුරිනි

පුවත්පත් සබැදිය

 

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

No Comments on "ෆේස්බුක් දශකයේ විස්මෘති විනෝදය"

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com