අනුන්ගේ නිවසක බද ටිකක් තැලිච්ච කේතලයක රත් වෙවී හිටියේ එක තේ කෝප්පයක් තේ නොබොන ඔබ තේ බොන වෙසෙස් මොහොතක් ගොරෝසු අතකින් කලබලෙන් තේ හැදෙන වෙලාවක් කලබලම වෙලාවක තොල් නොපිට පෙරලා කම්මැලියි කියන අරුම මොහොතක් නිකටින් දුම් අතර මින්ට් ටොෆි හපන සැඳෑවක් ඉටිපන්දම් එළි අතර මගේ හෙවනැල්ල පෑගෙන වෙලාවක් ඔව්! මේක අරුම ආලිංගනයක්
Archive > March 2014
සිකුරු තරුව
මතක නැතැයි සිතන විට රත් පිහි තලයෙන් පුළුස්සා මතක් කරවන අහසම බදු අරගෙන මතුවෙන සිකුරු තරුව නොපායා ඉන්න බැරි ඇයි ඔබට
අන්තිම දුම්රියත් වැරැදී ගිය රවුල්කාරයා
ඒ රවුල්කාර මගියාට අන්තිම දුම්රියත් වැරැදී ගියෙන් වෙනත් දුම්රියකට නඟින්නට සිදු විය. ටිකැට්ටුවක් අත නැතිව,වාර ප්‍රවේශපත්‍රයක් අත නැතිව නම නොදන්නා දුම්රියක නැඟි හෙයින් ද, 99 වැනි ඉතා නරක වයසක නතරව සිටි හෙයින් ද ඔහුට තම ගමන සම්පූර්ණ කරන්නට නොහැකි විය. ඒ සුවිසල් එන්ජිම නතර විය. රතු පාට දුම්රිය මැදිරිවල ගාගෙන,තට්ටු තුනේ අසුන් මත නිදි […]
දනිමි
දනිමි අන් අයට මල් කලඹ යවන බව දුටුව විට අත්සන හැබෑවට කැලඹෙන්නේ ඇයි යටි හිත දනිමි අන් අයට පෙම් කරන බව දුටුව විට දිලිසෙන බව ඔබේ ඇස ඒ අය අස හුස්ම ගන්නට අමතක වෙන්නේ ඇයි මට දනිමි අන් අය වෙනුවෙනුත් ලියන බව ඔබ කියවන්න ලැබුණු විට අකුරෙන් අකුරු ආදරය නිෂ්ක්‍රීය වෙන්නේ ඇයි මගේ හදවත
මා ඔබ පුරවන්නේ නොවේ
දඩයක්කාර ගති නැති වීද අන් අයට විදින හීයෙන් ළය පසාරු කරගන්න දුහුල්ය මේ සිහිනය ලිහිල්ය මේ බන්ධනය මා ඔබ පුරවන්නේ නොවේ ඔබ මගෙන් පිරවෙන්නේද නොවේ මා හිස්ව සැනසෙන්නේද නොවේ පමා වැඩි බව දැනුම් දෙන්න ඉල්ලාගෙන ළය දවටා ගත් හීයකින් නොව ඉලක්ක කළ විසකින් කැටයම් කළ මිටකින්
නුවමනා ආලිංගන
නුවමනා ආලිංගන නළල දාබිඳු නංවන නොදන්නා මලක සුවඳක් ඔබේ උරහිසේ තවම තැවරීගෙන උවමනා නම් උරහිස තවම සුවඳ සෑහේ හුවමාරුවට නළල දා බිඳු වලට හිමාලි එන්.ලියනගේ සමඟ
රහසින්ම පවු කළ
රහසින්ම පවු කළ රහසින්ම පව් සමා කළ ප්‍රේමයක් යැයි වැරැද්දෙන් නම් කළ අකුණු සැර තවම සිරුරේ තැන් තැන්වල පිලිස්සුණු තැන් සුවව කැපී වෙන් වුණ තැන් හාව අලුත් සිරුරක් පරණ හැව සමඟින්ම මා එක්ක ඇදි ඇදී එන හෙවනැල්ල මෙන් වෙන් නොවන අකුණු සන්නායක මඟ හරින තැනිතලාවක කුඩා මල් සමඟ සෙල්ලම් කරන මේ උමතුව කිසි විට සුව […]
බොන්සායි උයන
ගස් විසි හතරක බොන්සායි උයනක් මීගමුව-කළුතර කෝච්චියේ උදේට යන හෑන්ඩ් ලූම් සාරි ඇඳි කාන්තාවෝ ගස් මාරු පෙතිචෝරු කරන ස්ලිම් ෆිට් කමිස කලිසම් ඇඳි තරුණ මහතුන් ආසි,හේරා,පොරෝ,බූරු විසි කරන බැගී කලිසම් කමිස ඇඳි මහතුන් පුවත්පත් අකුරු ගිලින කොට සාය ඇඳි තරුණ නෝනාවරු වයරින් කර සුමුදු කණ සිංදු අසන ගස් විසි හතරක බොන්සායි උයන කළුතර-මීගමුව කෝච්චියේ හවසටත් […]
මේ පුදුම වනාන්තරය
නිල් පාටින් රාත්‍රියට මල් පිපෙන මල් මල් ඉඟටියෙන් ඇන තප්පරෙන් තප්පරය උනුන් කිති කවා ගන්න රේණු නොසලමින් සිනා නඟන මැදියමේ කෙට්ටු ගස්වලට දුක හිතෙන ලොකු ගසක පපුවේ මුහුණ හොවා හඬන මේ පුදුම වනාන්තරය සෑම හාස්කමක්ම සිදු කරන ඒත් මට ඔබේ මුහුණ නොපෙන්වන This marvelous forest In the night, flowers blooming in blue Bumping into each […]