Archive > April 2014

එතකොට ඔබ එන්නෙ නෑ

එතකොට මං මල් කළඹ විසි කරන විට ඔබ එන්නෙ නෑ අහුලන්න මල් කළඹ වැ‍රැදී අත ‍රැදුණයි ලැජ්ජා මුහුණින් අන් අයෙකුට දෙන්න ඔබ එන්නෙ නෑ මුදුවකින් මා ගැට ගසන විට එහි බර දැනගන්න නොහඬා සිනාමුසු මුහුණින් ඉන්න ඔබ එන්නෙ නෑ හඬ හඬා සමුගන්නා විට හොඳම සේයාරුවක් කරගෙන මාව මතකේ තියාගන්න එතකොට ඔබ එන්නෙ නෑ

Continue reading

කල්පනාවක මෘදු මුල් ටිකක්

කල්පනාවක මෘදු මුල් ටිකක් ඉස්සි ඉස්සී හොයන්නේ ජල බිඳක් ඒත් මං තවම කාන්තාරයක්

Continue reading

සොඳුර ඔබ දුර දුරම

සොඳුර මම, ඔබ දකින ආසාවෙන් බෝංචි වැලට ගොඩවුණ අතරමඟ කවියෙකු හමු විණ අත්ල මත ලියා අවසන් කළ කෙටිම කවියෙන් ඔබව අමතක විය යළිත් හැරෙන්නට පෙර පා පැකිලින දැන් මා වෙනත් බෝංචි වැලක් මත රැකවලට මකරෙකු සිටින පැයෙන් පැයට ගිනි විදින සොඳුර මා කුමක් කරන්නද කවියෙකුට ‍රැව‍ටුණ හෙයින්ම රන් බිජු දමන කිකිළියද ලත් හෙයින්ම අවසන

Continue reading

අන්තිම කවියට පෙර

අන්තිම කවියට පෙර ඇඟිලි තුඩු ගැහෙන්නේ මෙහෙමද ඉතා තියුණුයි කඳු මුදුන පනින්නට පෙර හිතෙන්නේ මෙහෙමද ආදරේ කළ අය දු‍ටු විට ළය රිදෙන්නේ නැති විට වැ‍රැදී වැළඳ ගනු කුමටද අපි තවම එකම මඟ තැන් දෙකක අත්ත‍ටු නොදෙනු පියඹනු නොහැකි අය වෙත මේ දුරත් දුර වැඩියි අහසක් නොමැති අයෙකුට

Continue reading

ලාලසාවකි

මහත් සෙනඟ මැද ඇසින් මා අවුළුවන ලාලසාවකි ඇඟිලි තුඩු පවා රිදුම් දෙන මෘදු රමණයකි සෝපාව දෙකලවර වාඩි වුණු අප අතර ඔබ මා රිදුම් ඇති කරන ඔබ මා රිදුම් මද කරන සාහසිකද සිරුරක් උරා බීම ජීවිතය තව පොඩ්ඩක් වැගිරෙන බව දැනීම ඔබ එතන සෝපාව කෙලවර මගේ ඇගිලි තුඩු පිරිමදින සුරාවක් මෙන් ඉබේ මත් වෙන දවස් දෙදාස් [...]

Continue reading

ඔබම පමණක් නිවී කුමටද

ප්‍රේමය හුඹස් මැටියෙන් තැනූයේ නොවේ දෙව් ලොවින් අත් හළේද නොවේ ඉතා කුඩාවට ඉතා මිහිරියට අපම සැදුවේ වෙයි පුළුන් ඇති තැන සියලු ගින්දර දරාගෙන ඔබම පමණක් නිවී කුමටද

Continue reading

ළඟ ළඟම බැමි බි‍ඳෙන

ළඟ ළඟම මධු බඳුන ඉහිරෙනු ඇති පා ඇඟිලි තෙමී යනු ඇති මා සිනිඳු සේලය සඳ දැක දැක විළි වැදෙන ඉසියුම් අඳුර මා සිත ආලෝක පුංජයක මත් වෙන ළඟ ළඟම බැමි බි‍ඳෙන මේ අලුයම ඔබ අලුත් වෘතයක

Continue reading

අතිරික්ත ආලය

සදාහරිත වනාන්තරයක් මෙන් මල්ම පිරිනමන නුවමනා වෙලාවටත් වැසිම බිම හෙලන මේ අතිරික්ත ආලය කවදා හෝ ගොඩගන්න රහසිගතව වැළලිය යුතු වෙයිද

Continue reading

ගිවිසුම්

මේ ආත්මය ඒ ආත්මයෙන් බැඳ තබා ඇති වැසි ඇති තැන දියබත් වෙන්නත් දුක් ඇති තැන එහි ගිලෙන්නත් ගිවිසුම් තිබෙන්නට ඇති නිවී යන්නට මොහොතකට පෙර ඔබ දකින්නත් ඇති බැ‍ඳෙන්නට කල් මදි වෙන්න ඇති

Continue reading

ස‍ඳෙන් සොරකම් කළ

ස‍ඳෙන් සොරකම් කළ මෘදු වචනයක් ඔබ මෙතෙක් කල් පොළොවේ සිට විසි කළ දස දහස් වචන අතර සැඟව තිබුණිද සැඟවූවාද ඒ අය මෘදුම වචනය ස‍ඳෙන් සොරකම් කළ

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com