සොඳුර
මම,
ඔබ දකින ආසාවෙන්
බෝංචි වැලට ගොඩවුණ
අතරමඟ කවියෙකු හමු විණ
අත්ල මත ලියා අවසන් කළ
කෙටිම කවියෙන්
ඔබව අමතක විය
යළිත් හැරෙන්නට පෙර
පා පැකිලින
දැන් මා වෙනත් බෝංචි වැලක් මත
රැකවලට මකරෙකු සිටින
පැයෙන් පැයට ගිනි විදින
සොඳුර
මා කුමක් කරන්නද
කවියෙකුට රැවටුණ හෙයින්ම
රන් බිජු දමන කිකිළියද ලත් හෙයින්ම
අවසන
ප්රතිචාර
Powered by Facebook Comments
One Comment on "සොඳුර ඔබ දුර දුරම"
Trackbacks
[...] සොඳුර ඔබ දුර දුරම [...]