Archive > May 2014

ප්‍රේමයට ප්‍රේමයම ඇති

පිනි වැටෙනු ඇත පත්‍ර කිසිත් නොකිව්වාට පොළොව තෙමෙනු ඇත ඒ තෙතක් නො ඉල්ලුවාට ප්‍රේමයට ප්‍රේමයම ඇති කිසිම වරදක් නොකළාට

Continue reading

මකරෙකුට මහන්සි දැනුණම

මකරෙකුට මහන්සි දැනුණම එක සීරුවට ගින්දර විදලම යනවා ඇවිදින්න කුඹුක් ගස් කැලෑවට වඩාගෙන දං පොකුරක් කනවා එකින් එක කට දම් වෙන්න නාන ළිඳ ළඟ මැණිකෙ හිටියොත් ඈටත් දං ගෙඩියකින් ගහගෙන ‘නෙළුම් මලේ පෙති කඩලා’ තාලෙට උරුවම්බාගෙන ඒ හැම සැරේකම කිවිසුමක් ගානේ යවාගෙන මකරෙක් යනව ඇවිදින්න කුඹුර ළඟටම ආවම කොක්කු රෑනම විසිල් ගා පන්නගෙන පඹයට ඇහැකුත් [...]

Continue reading

ආදර සූදුව

ටික දවසකට මං මගේ ආදර සූදුවේ පරදින පැත්තටම උමතු ඔට්‍ටු අල්ලමින රතු බල්බ් එළි මැදම කැරකි කැරකී ‍රැයෙන් දවාලට පොඩි නින්දක් ඉල්ලගෙන දිනන අය අත දමා ළය මැදින් ලබ් ඩබ් ගගා ගැහෙන හදවතම එළියට අදින වම් අතින් මා හදවතම ඇතුළට තෙරපන සාගරය පරාදයි රළ හැපෙයි නියොන් එළි ළඟ මං මුහුද අසලම යළිත් පැරදෙන ඔට්‍ටුවක පැටලීගෙන [...]

Continue reading

ළය තැලුණු කේතලය

ගුම් ගුම් නඟන ළය තැලුණු කේතලය උරුවම්බාන වරින් වර පිළිස්සී ඇති බව කියන්නට රවුම් මේසය උඩ කකුල් ‍රැදවූ නිල් නිය සායම් ගෑ තැනැත්තියට හිසෙන් අඩක් වේවැල් පු‍ටුවෙන් බිමට යොමාගෙන සිවිලිමේ ඇස් දෙකින් සිතුවම් අඳින්නී ගැස්සෙන්න වුවමනා විට බර බූට් සපත්තුවකට ගස්සා හිස වම් පසට සිනාසෙමින් සොයන්නී ඔබේ කම්මුල කේතලය එතකොටම අල්ලාගෙන ළමැද කැස්සක්ය මතු කළේ [...]

Continue reading

වැසූ දොර

වැසූ දොර පසුපස කම්මුලක් තෙරපූ පහර ඇත සමාන්තරව ගැලූ කඳුළු ඇත ඒ දොරේ අනෙක් පස මැකී ගිය අඩි ලකුණු ඇත මට අමතක වු සිනහවක් යළි හමුව ඇත

Continue reading

කිරිල්ලියක වුව

ත‍ටු කැපූ විට කිරිල්ලියක වුව ඇවිදින්න ඉගෙන ගත යුතු පියාඹන අන් අය අතර කිරිල්ලියක්ම වෙන්නට

Continue reading

පෙම් කතා

සොරකමකි පෙම් කතා කිහිපයකි පුළුන් සහ ගිනි අතර සෙමින් ගලා යන දිය පහරකි

Continue reading

සොරකමම හැර

සොරුන් වෙද සොරකමම හැර අන් යමක් සිදු කරන පෙම්වතුන් වෙද පෙම් නොකර අන් දෙයක නියැලෙන

Continue reading

හිතේ ගැඹුරුම තැන

මම නිතර අතරමැද මට මා වෙන්න බැරි රික්තකයක ඔබේ උරහිස අතර විසාල ඉඩ නිතර අන් කෙනෙකු විත් වැතිරෙන දින ගණන් විලවුන් සුවඳ මට දැනෙන හදවත් රෝගියෙකු මෙන් කොහේදෝ තැනක් රිදුම් දෙන අපට සිප ගන්න බැරි ඉඩ අතර පරවුණ මලක් මට පෙනෙන ආදරය පිපෙන්නට බිමක් නැති විටෙක මම ඔබව ‍රැගෙන යමි හිතේ ඉතාම ගැඹුරු තැන සඟවගෙන

Continue reading

ඔබ ඔතන ඉන්න එක

ඔබ එතන ඉන්න බව තව කෙනෙක් දන්න එක උනුන් මත වැතිරිලා මුමුණන්න බැරි රහසිගත ප්‍රමෝදයක් ඔබ ඉන්න තිරය මෑත් නොකර දැකීම, අයිති වීමක අනතුරු ඇඟවීමක් මට ඔබව සොයා ගන්නයි වුවමණා හරියටම ටිකක් සියුම් විදිහට ඔබ ඔතන ඉන්න එක ඒක මං දන්න එක අන්න ඒකයි ප්‍රමෝදය

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com