ගුම් ගුම් නඟන
ළය තැලුණු කේතලය
උරුවම්බාන වරින් වර
පිළිස්සී ඇති බව කියන්නට
රවුම් මේසය
උඩ කකුල් රැදවූ
නිල් නිය සායම් ගෑ තැනැත්තියට
හිසෙන් අඩක්
වේවැල් පුටුවෙන් බිමට යොමාගෙන
සිවිලිමේ ඇස් දෙකින් සිතුවම් අඳින්නී
ගැස්සෙන්න වුවමනා විට
බර බූට් සපත්තුවකට
ගස්සා හිස වම් පසට
සිනාසෙමින් සොයන්නී ඔබේ කම්මුල
කේතලය එතකොටම අල්ලාගෙන ළමැද
කැස්සක්ය මතු කළේ කුඩා ලිප උඩම සිට
තේ කුඩුද තැන තැන පුංචි දූපත් හදාගෙන
පිච්චෙන්න අකමැතිව මේ තරම් වේලාසනක
මේ ඔබේ කලබල
වේවැල් පුටුවකටත් කිති කැවෙන තරමට
දැන් කේතලය ඔක්කෝම වතුර ඉහිරවාගෙන
පුම්බ පුම්බා ළය
සපා කන්නේ කෙල්ලකගෙ සිනිඳු වම් අත
අනේ මේ ඔබේ කලබලය
පෙම්වතුන්ගේ ළපටි කම්මුල් කරදරේ ලන
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "ළය තැලුණු කේතලය"