කඳු ශිඛර නැත සිරුරු තුළ මල් පිපෙන ගස් නොමැත කිසිම විට ස්පර්ශයට හසු නොවන පුංචි දෑ අතර පැරැණි ඇඟැලුමක සැවැන්දරා සුවඳක් තිබෙන සරතාකාසයෙන් ළා රත් එළියක් ගෙන දියැවී යන සබඳකම් පාට කරන්නද කළුයි සුදුයි ඒත් අපේ මෘදු සුසුම් දුණුදිය අදින්නේ ඔබයි සිදුරු කරන්නට බයෙන් ගැහෙන විට රත් දෙතොල ගැඹුරු දිය ඇල්ලක්ව එවිට සිරුර තුළ ගල […]
Archive > June 2014
ඉහිරෙනා මධු බඳුන් අප වැනිය
කෙතරම් බියසුළුද මේ මොහොත මට ඔබේ ඇකය මත හිස හොවා ඉන්නට බැරි මොහොත ගිලන් බව මා කැබලි කරන මැදියම උරහිස් ගිනි ගන්නා අලුයම ඉතා මෘදුවට ඔබේ හිස තෙරපන්න මා මුහුණත සිරුරකට පුළුවන් තව ඉවසන්න එතකොට කෙතරම් අනාරක්ෂිතද මේ නොපෙනෙන බන්ධනය ඔබට ඇඟිලි විහිදුවා අල්ලන්න බැරි තරම් ගැඹුරකද දැන් මම කාලයේ විසුළු එළි දිගේ ඔබ යන්න […]
නොහඟවා සිටිය හැකි විට
නොහඟවා සිටිය හැකි විට හඟවා-ආදරය නො පිරිමැද සිටිය හැකි විට පිරිමැද-සියුම් තැන් කාන්තාරය තරණයට පෙර සිටිම පෙන්වන්නේ ඇයි ඔබ මිරිඟු දිය The Mirage Showing affection When it is possible not to let know Touching softest spots When it is possible not to have it off Why do you try to make me see the mirage […]
ඩොට් මැට්රික්ස්
ඩොට් මැට්රික්ස් අන්න ඒක මට මතක ප්‍රින්ටරය හරියටම මුල්ම කවියේ පිටපත මැදින් කැඩුණු අකුරු එක්කම හතරට නවා ඔබ’තට දුන්න ඔබට සිනාසෙන්නට අමතකම වුණ අන්න ඒ පිටපත මට දුන්නේ ඩොට් මැට්රික්ස් ප්‍රින්ටරය
අප තවම ගිනි මැළය පිරික්සන
අප තවම ගිනි මැළය පිරික්සන ප්‍රේමය අවුස්සන ඒ අතර මැද අප කැමති දේ උත්කර්ෂයට අනෙකා අපට නිතර මඟහැරෙන අපේ සෙවනැල්ලෙන් අපි අපිට හංගන මේ ඔබේ අත්ල හණ ගසන්නට ඉඩ නොදෙන මේ මගේ පපුව පච්ච කොටන්නට බිය වන ඒත් අපි තවම ගිනි මැළය පිරික්සන
හරියටම ප්‍රේමය උපදනා තැන
කිසිවෙකු හමුව නැත හදවත කීතු කරන්නට දුකක් නැත ඒ ඔබ හිතන හැටි බිමට වැටෙන්නට පෙර පෙනෙන හැටි කිහිප විට හමුව ඇත ඉතා උල් හෙල්ල පහරකි හරියටම ප්‍රේමය උපදනා තැන
ලාලසමය කඳු මුදුන
ආලයේ ලාලසමය කඳු මුදුන වැසී යයි හිම තට්ටුවෙන් ඔබට මා දකින්නට වුවමනාම විට නොපෙනෙන ලෝගුවක් මා මත හමු වී මඟහැරුණු සියලු අය අතර ඔබ යළි යළිත් මතුව එන හරියටම ගින්දරක්ව හිම දිය කරන
පෙම් සිතියම.
අපි ඔබේ පෙම් සිතියමේ තැනින් තැන රටවල් විදිහට මැද්දෙන් ගංගා ගලන්න සලස්වා ඈතින් ගිනි කඳු පිහිටුවා මෑතින් හිම කඳු සිටුවා අති උත්කර්ෂවත් ලෙස අන්තිම පින්තාරුවෙන් අවසන් කරන ලද හෙයිනි මේ පෙම් සිතියම
පින්තූරයක් කියන්නේ මොහොතක්
ඈ වැඩිපුර කතා නොකරයි;පින්තූර පමණක් කතා කරවයි. වචන කෙතරම් බල රහිතදැයි කියන්නට ‘මල් තුහින නොවේ මේ යාපනේ’ සහ තවත් ඡායාරූප ගෙන නයනහාරි අබේනායක සහ සිරිපාල අබේනායක ආයෙන් මහත් ඝෝෂා දනවන මහ පාර ආසන්නයේ සිට අපි කතා කරන්නට පටන් ගතිමු. මේ හෘද සංවාදය ජූනි 19 සිට 22 තෙක් ලයනල් වෙන්ඩ් හිදී පැවැත්වෙන ඔවුන්ගේ අභිනව සේයාරූ ප්‍රදර්ශනය […]