කඳු ශිඛර නැත සිරුරු තුළ
මල් පිපෙන ගස් නොමැත කිසිම විට
ස්පර්ශයට හසු නොවන පුංචි දෑ අතර
පැරැණි ඇඟැලුමක සැවැන්දරා සුවඳක් තිබෙන
සරතාකාසයෙන් ළා රත් එළියක් ගෙන
දියැවී යන සබඳකම් පාට කරන්නද
කළුයි සුදුයි ඒත් අපේ මෘදු සුසුම්
දුණුදිය අදින්නේ ඔබයි සිදුරු කරන්නට
බයෙන් ගැහෙන විට රත් දෙතොල
ගැඹුරු දිය ඇල්ලක්ව එවිට සිරුර තුළ
ගල ගලා ගල් පර මතම හැපී කුඩු වෙන
කිසිදා කිසිම විට හඳුනගන්නට බැරි වුණ
ඉතා කුඩා රෝගයකි පෙම්වත් වීම
ප්රතිචාර
Powered by Facebook Comments
One Comment on "ඉතා කුඩා රෝගයකි පෙම්වත් වීම"
Trackbacks
[...] ඉතා කුඩා රෝගයකි පෙම්වත් වීම [...]