පිනි බිංදුවක් ආදරෙයි කියාගෙන නෙළුමකට වැටුණි මහා ඝෝෂාවක් ඇති කර තරුවක් බිමට විත් ගුගුරන මුහුදු රළ අතින් අල්ලාගත් දින ඉතාම නිශ්ශබ්දව හට ගති ආදරය
Archive > July 2014
ලස්සනම පින්තූරය දුටු දින
ඒ ප්‍රේමය පහළ වීමට පෙර ඉතාම නිශ්ක්‍රීය සමයක ඔබේ ලස්සනම පින්තූරය දුටු දින යන ගමන නවතා ආපසු හැරී එන්නට සිදු විය ඉන්පසුව කිසිදු ගමනක් යන්න වූයේද නැත වඩාත් ප්‍රීතිමත් ඇස් දෙකෙන් අනන්තයක් නරඹන ඔබට මුහුදු කිහිපයක් මෑතින් සිටින්නෙකු නොපෙනෙන්න ඇත බාගදා අහස වසාගෙන වැහි වලාකුළු තිබෙන්නට ඇත ඉන් පසුව නැව් රාශියක දුම් බට අහස අපිළිවෙළ […]
එතරම් භයානක දේ
ආදරය එතරම් භයානක දේ පුරුදු කර නැත අන්සතු සිනා අතර දුක් වීම මඟ බැලීම හැරුණු විට එතරම් භයානක දේ නැත
ඔබට අයිති දවසේ වැඩ රාශිය
කෙසඟව කෙස්ස ෂැම්පු සත්කාරය ඉල්ලන කඩා හැළෙන සිරුරක දිගු ඇඟිලිය කෙස්ස අග පිරික්සන පමණට වඩා උස පුටු මත වඩා හිඳවා මා හිසම මද වශයෙන් හුමාලයෙන් තම්බා ඇස් වසා සීතල පුළුන් රෙදි අලවා මුහුණද මද සීතලෙන් පොඟවා උවමනා නැති නින්දකටය හෙළන්නේ *ඩ්රක්කර් නුවාර් සුවඳ ගලන ගෙළ පෙදෙස ඔන්න මා අගාධයට තල්ලු කරන සිහින් තෙරපුම් කම්මුල් දෙපස […]
බැරිම විට
සාක්කුව ඇතුළත ඉර එළිය නොලබන තැනක තිරය නිවාගෙන ඔබ ඉන්න නොකියවූ පණිවුඩ පෙම් කවිද බිල් ගෙවනු කියන සිහි කිරීම්ද රහසේම දරාගෙන ඔබ ඉන්න සෙනඟ උතුරන තැනක සාක්කුව දෙදරමින් අනේ මා වඩාගන්නැයි නැවත ඉල්ලීම් නොකරන්න මේ සුළු කවිය;මේ මහ කවිය මේ නම් ඔබට ලියූවකි ඒ කතා නම් නොකියන්න වෙහෙස වී දුම්රියේ තල්ලු වන විට කිසිවෙකුට මෘදු […]
මේ ඔබේ වීදුරු හදවත
මාළුවෙකුටත් වතුර පොවන ගිලෙයිදැයි බයෙන් ළතැවෙන මේ මහා සාගරේ මොනවා කනවා ඇති දැයි සිතන මේ ඔබේ වීදුරු හදවත බිම වැටී කිහිප වර සීරීම් බහුලව ඒත් තවමත් මලක් මෙන් මෘදුව සිනාසෙන මේ ඔබේ වීදුරු හදවත මං බොහොම ප්‍රවේසම් කරන
පරිධියක සිහිනෙකි
මගේ ලෝකය තහනමින් වැසී ඇත ආදරය කළ හැකි පෙන්වීම යුතු නැති කවි ලිවිය හැකි ප්‍රසිද්ධ කළ නොහැකි මගේ ලෝකය ගෝලාකාර නැති හිතූ විට ඕනෑම කෙනෙකුට කඩා බිඳ දැමිය හැකි සමතලා පෘෂ්ඨයකි පරිධියක සිහිනෙකි
╰▶ ගහක්
මට හිතෙන්නෙ මම ගහක් කියලා. හැබැයි ඒ තරම් විසාල එකක් නෙවෙයි. යන්තම් හෙවනට ඉන්න පුළුවන් තරමේ ගහක්. මෙහෙමයි දවස පටන් ගන්නේ. හරිම සරලයි වගෙයි පේන්නේ. ඒත් මට නම් හරිම ව්‍යාකූලයි. පැටලුම් සහගතයි. එලාම් එකක් කණ අයිනෙන් වදින්න පටන් ගන්නවා. ඒක අලුත් ලුමියා ෆෝන් එකකින් තියපු එලාම් එකක්. නිකං වතුර ගලනවා වගේ සද්දයක් තමයි මූලිකවම ඇහෙන්නේ. […]
මුහුලස මුදමින්
වෙනකෙකු සහ අනිකෙකු අතර දෝලනය වෙමින් කඩා වැටෙමින් මුහුලස මුදමින් මම තවකෙකු සහ කිසිවෙකු සමඟින් කන්දක් නඟිමින් ගිමන් හරිමින් බෑවුම මඟ හරිමින් ඔබ
වෙන්න ඇති
නොදන්වා ගෙදරකට ආව වගේ පුදුමයෙන් හැමදාම ගිලෙන්න දෙන්නෙත් නැතිව අතක් දිගු කරගෙන හැමදාම එහෙම නොකර බැරි වෙන්න ඇති මං ඔබේ හිතේ ලාටුවක් වගේ ඇලවෙනවත් ඇති සමහරවිට නැතුවත් ඇති මේ මගේ හිතලු වෙන්නැති ආදර කණ්ණාඩිම දාන මට ආදරේම පේනවත් ඇති එහෙ මෙහේ යන අතරතුර අහම්බෙන් ඇගේ හැප්පුණා වෙන්නැති සමාවෙන්න කියන්න හැරෙන්නැති එහෙම කියන්නත් ඇති මට එහෙම […]