Archive > August 2014

හුස්ම හිර කර කර

වියළි කැස්සක්ව හුස්ම හිර කර කර රැයෙත්-දවාලෙත් ඔබ ඉන්න

Continue reading

සිඹ බලන්නම ඕනෑ

ඔබට එන්න බැරි තැනක සිඹ බලන්නම ඕනෑ සුවඳක් තිබෙන පසුව කියමි: පොඩි ගහක හදිසියේ පිපුණ මලක

Continue reading

උද්‍යානයට නෑවිත් අතරමං වෙන්න

උද්‍යානයට නෑවිත් අතරමං වෙන්න මලක්වත් සිප නොගෙන වතුර මල ළඟ වාඩි වී ඉන්න කුරුල්ලන් කියාවී පැයෙන් පැය උයනෙ තතු ඒ ඔබට කැමති තොරතුරු හද පාර නොගන්න විසිතුරු

Continue reading

ශීතාගාරයක පැය අටක්

ශීතාගාරයක පැය අටක් ගෙවන අයිස් ලූ මසුන්ය අප හුස්ම ගත්තේ කරමලිනි උනුන සඟවනු තරම් වටිනා දේ සන්තකද මා ළඟ ඇස් අග නලියන මේ කඳුළ මහත් වැස්සකය වැ‍ටුණේ බිමට රිදුණු තැන් නොපෙනෙන විටම මේ දැනුත් ඉතා ගැඹුරු ශීතාගාර කුටියකය මම

Continue reading

පුපුරා යන්නට පෙර ජීව බෝම්බය

අතිරික්ත කාලය අවසන්ය වසර කිහිපයකි මා සන්තක නාස්ති කළ නොහැක මඟහැරෙනු කැමැත්තෙන් පුපුරා යන්නට පෙර ජීව බෝම්බය

Continue reading

දනී නම් රශ්මිය

කිසිවෙකු වෙනුවෙන් ඉතා සමීපයෙන් ඉතා දුරස්ථව වෙන් වෙන්ව දැල්වෙන බොහෝ දන නොදැල්වී තැවෙනු ඇත දනී නම් රශ්මිය නැවතුන තැන දැනෙන

Continue reading

පින්තූරයක් වෙන්න

ආදරය ඇති කෙනෙකු ළඟ පින්තූරයක් වෙන්න දුක්බර මුහුණකටත් සියුම් සිනා ඉරක් පෙන්වන්න මදක් අවුල්වුණ කොණ්ඩය පැති පෙනුමකින් පිළිවෙල කරන්න ඒත් මදි නම් මාව කළු සුදු කරන්න වර්ණවත් දුකක් අඳුරු පාටින් හංගන්න

Continue reading

හංස විලක්

හංසයෙකු අත එවා පනිවිඩ මා තුඩඟ තබා මෘදු විලඳ රස කැළඹුවේ ඇයි ඔබ මුළු විලම එකවර රසෝඝය ඔබ බැඳුණු තැන නොව බැඳුණු තැන අත්හැරුණු මොහොතය පියාපත් හැම බිඳුණු මැදියම තුඩින් තුඩඟට නොදෙන් මී රස කුමුදකය මම දියට බය වෙන හංසයා ඔබ කිරත් වෙන් කළ

Continue reading

පව් කිහිපයක් කරන

උන් පුදුම මිනිසුන් පින් කියා පව් කිහිපයක් කරන නිතර අත් සෝදන එහෙම්මම පව් සමාවෙන සිහිනෙනුත් ධර්ම ගැටලු විසදන නූල් බෝලෙක ධර්මය පටලවන උන් පුදුම මිනිසුන් පින් කියා පව් කිහිපයක් කරන

Continue reading

ලියුමකට කළ හැකි දේ

ලියුමකට මාව විසාල බෝට්‍ටුවක බහා පා කරන්න පුළුවන් විට ලියුමකට මාව ඔන්චිල්ලාවක තබා පද්දන්න පුළුවන් විට කොයි තරම් සැනසීමක්ද හැම අකුරක්ම අදුනන එක මම

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com