Archive > August 2014

ප්‍රේමයම සුරාවක් කොට

ප්‍රේමය රා කළ සොළොසක් බී ගත්තෙකි පළමු කළයෙන් සිහියද අන්තිම කළයෙන් බියද සිඳ ගත්තෙකි නාලාගිරි මෙන් නොව කුංචනාදයෙන් තොරවම අනතුරට දිව යන්නෙකි දමනයට කිසිවෙකු නැති තැන මහා ගිරි කුළෙන් බිමට පනින්නෙකි ඒද මිය නොගියොත් මුල සිට එ’ගිර නගින්නෙකි නේක මල් නෙළන්නෙකි රොන්ම නොව සුවඳ පැහැයද බලන්නෙකි අතර මැද තැනිතලාව මැද මංමුලාවැල් සොයන්නෙකි නියගලාද සිඹ බලන්නෙකි […]

Continue reading

පින්තූර

පින්තූර ඇත්තම අය වෙනත් විදිහට පෙන්වන සඳ ඇති අහසත් අඳුරු කරන්නට දන්න හද පැල්ලම් තැනින් තැන තබන ශෝකය සමඟ මිහිර මීවිතක කලතන පින්තූර බොහෝ විට මා තදින් කළඹන

Continue reading

ඔබද පිළිමය

පියවා දෙතොල ඉතා තරයේම අඹා තිබුණි ඔබේ පිළිමය දැක දැක නිතර ඒ විනීත හැසිරීම මිනිස් පැය දෙසීයක් පිළිස්සුනි දියව වැගිරුනි දැන් එතැන ඔබත් නැති විට සිටගෙන සිටිමි කාලයක සිට වැගිරෙන්න නොව ගල් වෙන්න සිතාගෙන පිළිමයකට පිළිම වෙසකින් පෙම් කළවුන් නොදැක

Continue reading

වැටෙන ඔබේ වචන

වියළී ගිය තණකොළ මලක පවා විලවුන් සුවඳ දැනෙයි නම් තෙත මාත්තු කළ කෙස් අගින් පවා ඔබේ වචන වැටෙයි නම් හිස් ලී බංකු කුමක් කරන්නද මගේ ඇස් මට්ටමෙන් මිදී බිම බලාගෙන ගැඹුරට ගිලී ගිය සපත්තු සලකුණු සොයන අතර සිනාවෙනු තහනම් කළ කලාපය සිසාරා ඉතා රළු සුසුම් පා කරනු මිස

Continue reading

උස තැන නොවන විට

මුදුන උස තැන නොවන විට පහළ සිටින මම සහ තවත් අය හිස හරවා අහසට ඔබත් පිළිතුරු නොදන්නා ප්‍රශ්න සුළඟේ වේගයෙන් පා කරනු ඇත ඒ අත නො‍රැදි පාමුල නොවැටෙතැයි සිතනු කුමටද මා එල්ලය බලා වචන විදිමි මුදුන තනිව සිටින ඔබ උකටලීව බිම බලනු ඇත අල්ලා ගන්නට තැත් නොකළ සුළු දෙයක් ඔබේ සමබරතාව පරීක්ෂාවට ලක් කරනු ඇත […]

Continue reading

වම්හ

මිත්‍යාව මතින් වීරත්වයද වෙස් මුහුණු යටින් සාන්තුවරයන්ද ආලෝකය යටට ආහ අපි උනුන් මුහුණු බලමින් කණාමැදිරි එළි පසු පස හඹා යන්නට වම්හ

Continue reading

නිලාකූරක්ය ඔබ

ලුහුබදින විට සැඟවෙන මුදාහළ විට ළතැවෙන නිලාකූරක්ය ඔබ වෙඩි බෙහෙත් අමතක කළ

Continue reading

අපි මැරෙන්නයි රාළේ යන්නේ

අව්ව එනකොට සර්පයෙක් වාගෙම තක්කාලි ගස්වල එතීගෙන රතු බද වහගෙන කොළේකින්,දෙකකින් හිසේ අත් ගහගෙන වැළපෙන්නේ තක්කාලි ‘දැන් මැරෙන්නයි යන්නේ අනේ අපි මැරෙන්නයි රාළේ යන්නේ’ වහ වහා අලුත් ගෙඩි පූදමින් ගහේ උරහිස් දෙකට නවමින් බද දිගේ කෝ‍ටු බන්දමින් වැ‍රැදි වැටහීමෙනි තක්කාලි ගහ අව්ව ආ පසු සර්පයෙකු මෙන් ඇගෙ බදේ එතීගෙන

Continue reading

නිසි තැන ඉල්ලා

ආලෝකය කිසි විට ඇතුළින් නැඟුණේ නොවේ ඉතාමත් අඳුරු හාත්පසකින් පැන නැඟ නිසි තැන ඉල්ල ඉල්ලා සටන් කර ඇතුළතම නතර වූයේ වෙයි ප්‍රේමයද ඇතුළතින් ඇති වූයේ නොවේ බොහෝ අය අතර තැලී පෙළී නොසලකා හැරීමෙන් සීරී ලේ ගැලූ මතුපිටකින් ඉපදුනේ වෙයි කිසි විට ඇතුළතක නො‍රැදෙයි පසුබිමින් මතුව පසුබිමක සැඟව යයි

Continue reading

දුක්බර මනාලියක මෙන්

උදෑසන අහස දුක්බර මනාලියක මෙන් ඒත් හොඳටම ලස්සනට සුදු පාට යන්තම් ඉතිරි කරගෙන කියන්නට දෙයක් හිතේ ඉතිරි කරගෙන ඒත් පොඩ්ඩක් පසුබාගෙන පහළින් ටීවී ඇන්ටෙනා කිහිපයක් ඉස්සීගෙන දුකක් කිව්වොත් අහන්න බලාගෙන සතුටක් නම් කරබාගන්න හිතාගෙන උදෑසන අහස මල් කළඹ ගලෝගෙන ඒත් පොඩියට දුකකුත් රදෝගෙන ඔව්.පෙම්වතා අහිමි වුණු මනාලියක් වාගෙම

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com