Archive > August 2014

හරි සාධාරණ දම්වැල් ප්‍රේමය

දම්වැල් ප්‍රේමය කිසි පුරුකක් හයියට නොබැදෙන මං වීදුරු කුඩු කර ඒ මත ඇවිදින ලේ ගල ගලා තැන තැන ඇවිදින ඔබ ඇල්පෙනෙත්තක් ඇනගෙන මා සොයා එන අයිස් කැට තබ තබා වේදනා සුව කරන ඔබ හදවත නැති කරගෙන සොයා දෙන්නයි ඉල්ලන මං මගේ හදවත ගලවා හිස් තැනේ අලවන ඔබ සිනාසිසී තවමත් මගෙන් දුක නැත්දැයි අසන හරි සාධාරණ […]

Continue reading

නිරායුධ මං ළඟ

කන්දක නිම්නෙක ගඟක් ගළන තැන ඉහළගෙන ගිනි ගන්න කුඩය මම වැස්සකට මිස නවතන්න බැරි මරණය දැක සියලු වැහි බිඳු සඟවන අහස ඔබ නිරායුධ මං ළඟ

Continue reading

අයිස් පරයක්ව

හුදෙකලා මුහුදක අයිස් පරයක්ව මතුවෙන්න දුබල නැව් බද ආදරෙන් මෙන් හැප්පෙන්න දියබත් වෙන්න හැර සිහිවටනයක් අහුලා ගන්න අයිස් පරයක්ව දිගටම ඔබ ඉන්න

Continue reading

නිශ්චිත තැනක්

මට හිටගන්න තැනක් දෙන්න ඔබ කිහිප දෙන අතර නිශ්චිත තැනක් අයිතිවාසිකම් කිසිත් නැතිව නිකන්ම නිකන් ඔහේ හිටගෙන ඉන්න දළු ලා නොවැඩෙන ගහක් වගේ ඔහේ එක තැන හිටගෙන ඉන්න ඕනෑ නම් හෙවණ දෙන්න නිශ්චිත තැනක් දෙන්න ඔහේ හිටගෙන ඉන්න

Continue reading

ඔබේ විනෝදය

ඒක ඔබේ විනෝදය මගේ බැටරි පිච්චීම වම් කණේ මී පැණි ලෑම දකුණු කණේ අගුලු සවි කිරීම මැදියමේ සිහින එවීම එව් සිහින ආයේ ඉල්ලා ගැනීම දැන් මගේ පපුවත් පිච්චෙයි ගෑස්ට්‍රයිටිස් හරි ළාමකයි ඒ වෙලාවට ඒක ඔබේ විනෝදය මගේ ඇස් ළඟ කැරකැවීම සරුංගලයක් වගේ මාව අහසට යැවීම කම්මැලි වෙලාවට ගහක ගැට ගැසීම මං හැම වෙලාවෙම කූරියා ගැහීම […]

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com