හැරී ආපසු යා යුතුද ඒ කුමන දුරකටද මට ඔබව සිඹින්නට නොසිතෙන ඈතකටද මට ප්‍රේමයෙන් පලා යා හැකිද මුනින් අතට හැරවූ වීදුරුවක් මෙන් නිහඬව වතුර බිඳකුදු නො ඉල්ලා පිපාසයෙන් පසුවිය යුතුද මේ මගේ ජීවිතයේ දුෂ්කරම දුර්ගයද ඔබ ලකුණු කළ දේශසීමා සළකුණක් ළඟ නතර වන්නට මට නොහැක ආපසු හැරී යන්නට දිරි නැත මෙරුවෙකු මෙන් දීප්තිමත් දැල්ල හඹා [...]
Archive > September 2014
මා ඉතා සුළු දෙයක්
මා ඉතා සුළු දෙයක් හදිසියේ දුටු මාබල් කැටයක් මට ඔබ පරිපූර්ණ සිතුවමක් වාත්තු කළ පිළිමයක් ඇසිපිය නොහෙළා බලා සිටිය හැකි ඇඟිලි තුඩකින් සියුම් බව බැලිය හැකි අප එකිනෙකා පසුපස ගමන් නොකරන නිතර ගමන් යන මට ඔබ මුණගැසෙන ඔබ යන්තමින් සිනාසෙන කිසි විට මා සමඟ ගමන් නොකරන මම නිතර ඔබේ අත අල්ලාගෙන සිටින ඔබ ඒ නොදැන [...]
මම බියෙනි;ප්‍රේමයෙනි
කෙටි වැසි අතර දීර්ඝව තෙමෙමි දිගු අකුණු ලත් හෙයින් සියල්ල කෙටිව පවසමි මම බියෙනි ප්‍රේමයෙනි
සමරාන : මං අමිලාන
එංගලන්තය කේලාම් කියා පුංචි දූපතේ අපව බිදෙව්වාද රැජිනටත් දෙකක් කතා කර ඇගේ පුතුන් මුණුබුරන්ටත් මං බණින්නද ඉස්සර තිබූ අහසේ ලස්සන චිත්‍ර වලාකුළු වෙන කොහේදෝ හංගගෙන කවි වගේ සියක් දේ වෙනත් අය සොරාගෙන බාගදා ඔබ ලොකු පොතක් ලියනවා ඇති එංගලන්තය ගැන-රැජින ගැන ඈ කෙනෙහිලිකම් කළ ඩයනා ගැන අපි මෙහේ පාවෙවී සොයනවා ඔබ නිතර නන්දනියි නන්දනයි දැන් [...]
මිරැන්ඩාට :
මිරැන්ඩා ජනේලය ළඟ නිල්පාට සර්පයා උගේ හිසේ මෙඩූසා නොබලා කෙලින් ඇස් දිහා ජනේලය වසාපන් මිරැන්ඩා ආදරේමයි උගේ ඇස්වල ලුමිනස් කොළ පාට ඒ උගේ සර්ප ඇස්වල බැදෙන්නෙපා කිසි සිහිනෙක ප්‍රේමයට බෑ ඔබ අවුළුවන්නට ජනේලය වසාපන් මිරැන්ඩා පිළලයක් වගෙයි වැඩෙන්නේ අපි එකිනෙකා තුළ ජීවත් වෙන්න පුළුවන් එක්කෙනෙකුට කැඩපතක් අරගනින් මිරැන්ඩා උගේ හිස සිඳලපන් මිරැන්ඩා
මමත් කැමති එහෙම,පෙම් කවි කියවන්න-අඬන්න;ඉදහිට
‘මං කැමති එහෙම ඇගේ යටතෙම ඉන්න ආදරේ තදින්ම දැනෙන්නෙ එතකොට’ ‘තෙමි තෙමිම මම’ – දමිත් උදයංග දහනායක 13 වැනි කවිය. මට ඔහුව මතක හිටියෙ අහම්බෙන්. ඒත් හරි තදට. ටිකක් රිදෙන විදිහට. පෙම් කවි ඇති කරන රිඳුම් හරිම බයානකයි. මෘදුවට කිණිසි පහර ලැබෙන්නෙ ඒ රිඳුමෙන්. ප්‍රේමය ඔහු උත්ප්රාසයට නංවන්න උත්සාහ නොකර අනෙකාටම දිගින්,දිගටම ආදරය කිරීම කවි [...]
දාමරික බළල්කම
පරණ ගේට්ටු කණුව උඩ අළු පාට පිළිරුව ළා කහ පාට ඇස් දෙකින් මගේ ඇගට ඇසිඩ් හෙළන තද අළු පාට නැට්ට එහෙ මෙහෙ වනා කඩු පහර දහයකින් මාව අඩපණ කරන කන්තෝරු ගොස් එන විට මගේ මුහුණට කෙළ ගසන එයාගේ ඒ දාමරික බළල්කම වීසි කළ නිසා ළමා පූසෙකු වහලට තරවටු කළ නිසා සපත්තුවේ නිදනවාට වැරැදි කිහිපයක් තිබෙනවා [...]
ලොකු ගසකට
අතු පතර ප්‍රමාණෙට පහළට විසුරවගෙන මුල් ක්‍රමානුකූලව පොළොවට යවාගෙන ඔහු හිටියෙ හැම වෙලාවෙම මල් පුබුදමින් ඒවා පරවීම ප්‍රමාද කරවමින් ඉතාම කෙසඟව දුරින් දුරට මුල් තියාගෙන අපි උන්නෙ මල් ගැන සැකෙන් පුබුදම්දෝ කියා අසමින් ඔබ උන්නෙ සිනාසලමින් කිසිත් නොකියමින් අපි දිහාටම ලොකු මල් විසි කරමින් වසක්,දෙවසක් ඇවෑමෙන් ලොකු මල්ය පොඩි මල්ය නොතකමින් මුල් කිහිපයක් ගලවමින් මැළවුණු [...]
බිය නොවී ඉන්න පුළුවන්ද
කිසි විට නොකළ වැඩ මා අතින් සිදු වෙන විට බිය නොවී ඉන්න පුළුවන්ද ඔබ ඉන්නවා මේ පුංචි කාමරය හැම තැනම පොත් අතර හමුවෙනවා කෙටි ලියුම් නිතර