අලියා ආවද ?

AdobePhotoshopExpress_016dec23e677447ea26ff625a7659378
මේ ඔක්කෝම සිද්ධි වුණේ හිතනලන්තෙ.හිතනලන්තෙ තියෙන්නෙ අයිස්ලන්තෙට පහළින් ස්විස්ටර්ලන්තෙට ටිකක් ඉහළින්. එහේ වුණේම අස්වාභාවික දේවල්.
'අලියා ආවද? අලියා ආවද?'
මිසිස් සමරසිංහට ඉතිං පිස්සු වගේ අලියා ආවෙ නැති එකට.අනික තැපෑල තඹ පයිසෙකට විස්වාස කරන්න පුළුවන්යෑ.
මේං එව්වා කියන එව්වා,මේං නෑය කියනවා.ඒත් තැපෑලෙදි අලියෙක් නැති වෙන්න විදිහක් නැහැනේ.ඇයි හත්තිලව්වේ ඌ පත සයිස්නේ.
'රුක්මනී....ඔය පියානෝ එක උඩ අස් කරපං'
'මොනවා!!පියානෝ එක උඩ????
නැට්ටෙ බැඳපු රෝස පාට රිබන් එක ගස්සලා බිමට දාන ගමන් රුක්මනී ඇහුවා.
'ඔව්.ඔව්.පියානෝ එක උඩ තමයි.ඇයි මොකෝ ප්‍රශ්නයක්ද?'
රුක්මනී පොඩ්ඩක් විතර පහුබෑවා.ඒත් අමනාපය පෙන්නන්න කු‍ටු කු‍ටු ගගා හිටියා.ඊට පස්සෙ පියානෝ එක උඩින් බිමට බැහැලා සෝනු නිගම්ලගේ ගෙවල් පැත්තට යන්න හැරුණා.
'කොහෙද උඹ යන්නෙ?යන්නෑ සෝනු නිගමලගෙ ගේ හතර මායිමේ.අස් කරපං පියානෝ එක උඩ.අලියා ආවම නිදාගන්නෙ ඒක උඩ.ඇයි උඹලට ඕක මං ආයෙ,ආයෙ කියන්න ඕනද?
රුක්මනීට ඉක්කාවක් හැදුණා.කොට්ට අතින් කට වහගෙන ඉක්කාව නතර කරගන්න හදනකොට තමයි අයිෂ්ලා ආවේ.ඒ ගෑනි තාම හෙළුබැල්ලෙන්.රෝස පාට අඩි උස සපත්තු දෙකයි රෝස පාට හෑන්ඩ්බෑග් එකයි නම් තිබ්බා.අභී හිටියේ කාර් එකේ යතුර කරකවමින්.
සිසීත් කාර් එකේ පිටිපස්සෙ සීට් එකේ හැංගිලා ඉදලා වගේ බිමට බැස්සා.ආ ඒ අස්සෙ ලාන්ද්‍රත් හිටියා මේ දැන් අල්ලපු පත මාළුවෙක් උරහිසේ දෙපැත්තට දාගෙන.
මිස්ට සමරසිංහ සිගරට් එකක් පත්තු කරන් එළියට බැස්සෙ මේ සද්දෙ ඇහිලා.හැම තැනම සත්තු.එයා හැරුණ ගේ දිහාට.
'බිසව!!! මොකද මේ අරුං මුං සත්තු මිදුලෙයි,ගේ අස්සෙයි කරන්නෙ.මේං ගම්මිරිස් කුරුල්ලෙකුත් ඉන්නවා.මොකද අර පියානෝ එක උඩ පූසෙක් නැගගෙන ඒක අතුල්ලන්නේ?
මිසිස් සමරසිංහ ලලිත ගමනින් ටිකක් හයියෙන් ආවා.
'ඇයි ඩාලිං අදනේ අලියා එන්නේ.'
'අලියෙක්?කවුද ගෑනියේ අපිට අලියෙක් එවන්නේ?අනික අපිට අලියෙක් මොකටද?'
'සමෑන්තා මැඩම් තමයි අලියා එවන්නේ.එයා කිව්වා තැපෑලෙ එවන එක ඉක්මන් කියලා.අද තමයි එන්නේ.ෂෝක් නේද ඩාලිං?'
'අලියෙක්?'
'ඔව් මිනිහෝ.අලියෙක්.අර පෙරහරේ යන්නේ.කොටන් අදින්නේ.සත්තු වත්තෙ ඉන්නේ.ආං එයින් අලියෙක්.'
'ඉතිං අපිට මොකටද යකෝ අලියෙක්?අනික ඇත්ත අලියෙක්?'
'ඈහ්!! ඇත්ත අලියෙක්.ඔයාට පිස්සුද සමරේ?ඇත්ත අලි කොහොමද තැපෑලෙ එවන්නේ?'

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

, ,

One Comment on "අලියා ආවද ?"

Trackbacks

  1. [...] අලියා ආවද ? [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com