ඔබ නිසා කැළඹෙන තරම

10371917_10152168792751633_4115874574048218318_n

හැරී ආපසු යා යුතුද
ඒ කුමන දුරකටද
මට ඔබව සිඹින්නට නොසිතෙන ඈතකටද

මට ප්‍රේමයෙන් පලා යා හැකිද
මුනින් අතට හැරවූ වීදුරුවක් මෙන්
නිහඬව
වතුර බිඳකුදු නො ඉල්ලා
පිපාසයෙන් පසුවිය යුතුද
මේ මගේ ජීවිතයේ දුෂ්කරම දුර්ගයද
ඔබ ලකුණු කළ දේශසීමා සළකුණක් ළඟ
නතර වන්නට මට නොහැක
ආපසු හැරී යන්නට දිරි නැත

මෙරුවෙකු මෙන්
දීප්තිමත් දැල්ල හඹා යන
දිලිසෙන දෑස පසුපස පියාසර කර
පිලිස්සී යන්නට සිතෙන විට
ඔබ මා නැවත උන් තැනට
ගෙනැත් හැරලවන

මේ අප ලැබූ දේ මෙවර
නැවත වාරයක් ලැබෙනු ඇත
ඒ ඔබ මා කළඹන විදිහ
අප යළිත් හමුනොවනු ඇත
ඒ මා ඔබ නිසා කැළැඹෙන තරම

ප්‍රතිචාර

comments

Powered by Facebook Comments

Trackback URL

One Comment on "ඔබ නිසා කැළඹෙන තරම"

Trackbacks

  1. [...] ඔබ නිසා කැළඹෙන තරම [...]

Hi Stranger, leave a comment:

ALLOWED XHTML TAGS:

<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Subscribe to Comments

Hit Counter provided by professional seo company
twitter-widget.com