Archive > September 2014

මං ආශක්ත වෙලා උන්නෙ මි‍රැන්ඩාට

මං ආශක්ත වෙලා උන්නෙ මි‍රැන්ඩාට. ගැබ්බර මි‍රැන්ඩා පස්සෙ පන්නන්න යෙදුණ රතුපාට, නිල්පාට සර්පයාට. මං කැමති ඩෝසන් ප්‍රීති වචවවලින් අඳින චිත්‍රවලට. නිශ්ශංක ගැන වුණත් කුහුලක් නොතිබුණා නෙවෙයි. ඒත් ඔහු ඒ තරම් අලංකාරෙට පෙනී උන්නෙ නෑ. ඒ ඔක්කොම වහගෙන උසට,මහතට හිටියේ මි‍රැන්ඩා. ඈට වෙලාවකදි අඬන්න කියන කතුවරයා තව ටික මොහොතකින් ඈව නිශ්ශංකගේ දුර්වල පපුවට හේත්තු කරවලා දෙන්නටම [...]

Continue reading

මට පියාපත් වුවමණා බව

මට පියාපත් වුවමණා බවමතක් කෙරෙනලදොත්, ඔබ සොයා ඉගිලෙන බව දැනෙනකන්දක් උඩින් රතුවට ඉර බසිනමේ සිතුවමසේයාරුවක් බවහදිසියේ මතකෙට එන සේයාරුවේ අයිතිය Ims Sathyaprasad ට

Continue reading

සුහානිට

ප්‍රේමය හදිසියේ පහළ වෙතැයි නොසිතාම කාමරයෙන් සාලයට යමින් උන්නෙමි ඔබ මසිත තලන විට ඔහු හදිසියේ පහළ විය අයිස් ගංගාවක මට ගිලෙන්නට අණ කර මට නොතේරෙන වසන්තයක මම නොදන්නා යමක් කරමින් උන්නෙමි ප්‍රේමය හදිසියේ පුපුරා යතැයි නොදැන මගේ හද මස ඉරන්නට ඔබට උවමනා විය අත්හැර දැමුණු සෙල්ලම් බඩුවක්ව සාලයේත්,අපේ කාමරයේත් මා තනිව උන්නෙමි තනිව ආදරය කිරීමේ [...]

Continue reading

පණ ගැන්වූ පැ‍රැණි හදවත

පණ ගන්වා පරණ හදවත පිළිසකර කර කාන්දු වූ තැන් ගැහෙන්නට පටන් ගත්තා පමණි නැවත ඔබ පැමිණ සුරතින්ම ගෙන නොයෙක් මතක වැතිරෙන්නට මගේ හිත උඩ සොයන විට වැඩිපුර ඉඩ වෙහෙසකිනි මහත් ආදරය ගංගාවක් මෙන් දෙකට බෙදී ගිය

Continue reading

මග හැරුණු ඔබ

මග හැරුණු ඔබ සොයාගන්න පරණ සිතියමක් දෙන්න සෘතුවකින් සෘතුවකට මාරු වෙන්න තුනී සළුවකුත් මට දෙන්න සීතල දැනෙන තැන උණුසුමක් වෙන්න ගිනි ගන්නා දුකක් මට දෙන්න

Continue reading

මධ්‍ය ලක්ෂය

මධ්‍ය ලක්ෂය සියලු වැසි දිය විසුරුවන වනාන්තරය ඒ නො ඉවසන හැකි තරම් නියඟයම ඉල්ලන වලාකුළු අතර පවා සටන් ඇවිළෙන වැසි තනිව විසිරෙන මධ්‍ය ලක්ෂය ළඟම ඒ නොතකාම

Continue reading

පාපයද ආලයද

ගිවිසුම් නැති විට පළමු පාපය,සොරකම ඉබේ සිදු වෙන කඩින් කඩ වැසි වැටෙන ඔබ නොදැන මම දියබත් වෙන ඉදහිට කුඩයකට ඉඩ තිබෙන සුසුම් තැවරෙන පාපයට ආලයද ඉදහිට එකතු වන

Continue reading

සිනිඳු කළ හැකිය

ලිහී ඇති විට සයුරත් වැර යොදා බදිනු කෙලෙසද කෙට්‍ටු දිය ‍රැල්ලක් හැපී හැපී වැදී වෙරළේ පරයක් සිනිඳු කළ හැකිය දිදී ආදරයක් හිමාලි එන්.ලියනගේ සමඟ

Continue reading

මචං චිත්‍රපටියේ තිබ්බ ඉතාම කුඩා දේවල්වලටයි මං කැමති -උබෙර්තෝ පසොලිනි

සුදු කමිසයක් සහ ළා දුඹුරු කලිසමක් ඇදගත් මිනිසෙක් කින්ග්ස්බරියේ ලොබිය පුරා ඇවිදිණු දු‍ටු මුත් ඒ උබෙර්තෝ පසොලිනි යැයි නොසිතුවෙමි. එහෙත් මොහොතකින් මා ඔහුගෙන් ඇසූයේ ‘ඔබ උබෙර්තෝ පසොලිනි’ද කියාය. ‘ඔව්.ඔව්.මම තමයි’. ඔහු දෑත දෙපසට විහිදුවමින්,සිනාසෙමින් උදෑසන දහයේ සිට මාව සෙවූ බව කීයෙන් මට කියන්නට තිබුණේ ‘නෑ.එය දහයයි තිහ’ විය යුතු බවයි. චායි බොමින්, උපැස් යුවළ ගලවා [...]

Continue reading

විදුලියක් වදින තෙක් හදවතට

යන්න පෙර පොත් ‍තෝරන්න අපි එකට ලිහී තිබුණා බැ‍ඳෙන්නට අතැගිලි වෙන අතක වහින්නට පෙර අහස සුදු කොපුල් රතු කර තෙමී උන්නා මගේ කඳුළින්ම මම අහම්බෙන් මතක් වෙනකොට කෙටි පණිවිඩ එවා එක දෙක ඔබ අහන්නේ එකම දේ මුළු කාලෙම කවි ලියන්නේ නැද්ද දැන් මං ගැන ලියා ඇතිද වෙන කෙනෙක් ගැන කෙටිම කෙටි කවියක්වත් එතුවක් කාලෙකට මේ [...]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com