Archive > September 2014

ඉතාම පුංචි මාළුවෙක් ඔබ

ඔබ ආදරය එතරම් ඕනෑ නැති කෙනෙක් කුඩා පොකුණක මාළු හතර පස් දෙනෙකු එක්ක කතා කර-නොකර දවස්-මාස-අවුරුදු ඔහේ පීනන කැපී නොපෙනෙන මාළුවෙක් ඔබ වැස්ස-අව්ව-අයිස් සීතල කමක් නෑ කියා ඉවසන තවත් ගංගා-පොකුණු-දිය වැල් කොහේ හෝ ඇතැයි කියා නොසිතන සුරතලයට මාළු ඇති කරන ලොවක් ගැන මාළු කෑම විකුණන කඩයක් ගැන සිහිනෙනෙවත් නොදන්න ඒත් ඔහේ එකම පොකුණක පීනන පෙනුණත් [...]

Continue reading

සතුට ගෝලාකාර විට

සතුට ගෝලාකාර විට නිතර මා පසුකර යන විට සමතලා පෘෂ්ඨයක අන් සියල්ල නිසොල්මනේ තිබෙන

Continue reading

එවේලෙත්-පහුවටත් කඳුළු සලන,එයා

එයා නිතර සිංදු අහන ගස්වලින් කොළ හැළීම ගැන දුක් වෙන පුංචිම පුංචි සුළඟක් ඒත් හමාගෙන යන්නම සිද්ධ වෙන එයා එහේ මෙහේ හැංගිලා තියෙන චිත්‍රපටි බලන එවේලෙත්-පහුවටත් කඳුළු සලන චිත්‍රපටියෙම චරිතයක් ඒත් රඟපාන්නම සිද්ධ වෙන එයා මුහුඳක් ගැන හීන මවන කඳුකරයක බැටළුවන් අතර තනිවුණ හුදෙකලා ගහක් අකමැත්තෙන් වුණත් අන්තිමට, එක තැන පැළ වෙන්න නියම වුණ

Continue reading

චෙරි මල් සුවඳ

ඔබ හිතන්නේ ඒ හදිසි සිප ගැනුමේ අවධානම චෙරි මලක නුවමනා ගැස්ම දම්වැලක් මෙන් දුර යන්න තිබූ වෙන්න පුළුවන් ජවනිකාව මං හිතන්නේ ඔබේ දෙතොලේ සීතල ගැන රළුව තැවරුණු ඇඟිලි තුඩු ගැන දුම් වැටියක් මෙන් උණුසුම ඉපදවීම ගැන අන්තිමටම චෙරි මල් සුවඳ පස්සෙ දවසක අපි දෙන්නම නොකිය හිටිය

Continue reading

තෙතබරිත ඇස්

විසල් ‍දිය රැල්ලකට තෙමුණු මට පෙනෙන තෙක් දිය සුළිය ඇතුළත ඔබ කෙතරම් තෙතබරිතද ඇස් ගිලි ගිලී ඒ ගැඹර දිය උඩම පාවෙන මගේ අත අල්ලන ඔබේ සිත පිහා‍ටුවක්ද නොගිලෙන තරාදියක ලා බර වැඩි පැත්තට සතුට දෙන්නට නොව රළු ඉරි ඇ‍ඳෙන විට ඔබේ හදවත උඩ හීරෙයි දිය ‍රැල්ලේ තෙමුණු මගේ ඇස

Continue reading

පියාපත

බර නැතිව ඒත් යකඩව ඔසවාගෙන උන් පියාපත පියාසැරියට පළමුව හදිසියේ දිරාපත්ව කුඩා අංශු ලෙසින් හමුවුණ විට දැනුණි මට යකඩ බර

Continue reading

ඔබ සතු ඇඟිලි තුඩු

නාදුනන ඇඟිල්ලක් සෙමින් අල්ලන්න පියෝනෝවේ යතුරු තෙරපන්න රෝස පෙත්තක් පොඩි කර බලන්න මට ඕනෑ ඒ ඔබේ සියුම් ඇඟිලි තුඩු දඩබ්බර බළළෙකුගේ හිසක් අත ගාන්න නිදහසේ නටන කෙහෙ‍රැල්ලක් කණ පි‍ටුපසින් හංගන්න වැටෙන්නට ළඟ කඳුළක් හෙමින් නවතන්න මට වුවමණායි ඔබේ ඒ ඇඟිලි තුඩු ඉතාම සීතල විය හැකි මද උණුසුමක් තිබිය හැකි ඔබ සතු ඒ සියුම් ඇඟිලි තුඩු

Continue reading

නටබුන් වූ සිහින

බද ඇලවී හිඳින්නට තැත් කළ මතුපිට සූරන රන් වැලි කැට මඟ හරින්නට පොර බැඳුව බොර පැහැති රළ සමඟ දියඹට යන්න පැතුව සුදු පැහැති රළ සමඟ වෙරළටම ගසාගෙන පැමිණි නටබුන්වු සිහින මේ වැනිය වෙරළක හුදෙකලාව වැතිරෙන සේයාරුවේ අයිතිය Rumesh De Silva ටය.

Continue reading

සෘතු

මේ කුමන සෘතුවදැයි නො අසා,මහත් අවදානමක් ගෙන,බාගෙට පිපුණු කහ රෝස මලක් ඔබට එවන්නට වුවමණා විය. බොහෝ විට මේ ඉතාම ශුෂ්ක කාලයක් විය හැකිය. එසේත් නැත්නම් අයිස් වැහි වැටෙන,හිම විසින් සියල්ල අත්පත් කරගත් කාලයක් වෙන්නට පුළුවන. එහෙත් කුමන සෘතුවක් වුවත් ඉවසන තරමින් ඒ කහ රෝස මල පිපෙමින් තිබෙනු මට පෙනුණි. ක‍ටු සහිත න‍ටු අගට කිසිදු බලපෑමක් [...]

Continue reading

වයස්ගත ගසකට

ඉතාම වයස්ගත ගසකට අලුත් මල් වියනක්ව පෙනී සිටිනු බැරි විට ගස කුමක් කරන්නද අලුත් මල් වියන් මඟහරිනු මිස

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com