Archive > October 2014

ප්‍රේමය කියන්නේ

ප්‍රේමය කියන්නේ පිස්තෝලයකට උණ්ඩ නොදමා වෙඩි තබා ගැනීම නොදත් හේතුවකින් මිය යාම

Continue reading

වෙඩි තබන්නත් පෙර

කාලතුවක්කු උණ්ඩයකින් හදවත කීතු කරගෙන වෙහෙස නිවනා අතරතුර මැෂින් තුවක්කුවකි ඔබ ළඟ වෙඩි තබන්නත් පෙර මට රිදෙන

Continue reading

ලාලසාවෙන් ඔබ අවුළුවන වැම්පයර පෙම් කතාව

වර්ජිනියා ප්‍රාන්තයේ මීදුම පිරි නගරය මිස්ටික් ෆෝල්ස්ය. කිලිපොලා යන සීතලටම සරණ පාවා දිය හැකි තරම්ය. දුඹුරු ඇස් ඇති යොවුන් වියේ කෙල්ලකි. පෙම්වතෙකි. මෝටර් රථ අනතුරකින් මවුපියන් අහිමි වීමෙන් පසුව නැන්දනිය සමඟ වෙසෙන මේ තරුණිය එලීනා ගිල්බට්ය. ඇගේ සොහොයුරා ජෙරමි ගිල්බර්ට්ය. සියල්ල සාමාන්‍ය වන්නේ මේ නගරයට වැම්පයරයෙකු පැමිණෙන තෙක්ය. හේ කඩවසම් ස්ටෙෆන් සැල්වටෝර්ය. මෘදු පෙම් වදන්ය. [...]

Continue reading

රතු කොඩියකි ඔබ අත

අනතුරු ඇගවීම් කිහිපයක් මැද අප අතර ප්‍රේමයක් නැති බව මතක් කරන්නට පෙනෙන-නොපෙනෙන ඈතක සිට වනන රතු කොඩියකි ඔබ අත ගැඹර ගිලී මා මිය යනු ඇතැයි සැකයකින් පසු වන සෑම විටම

Continue reading

පෙම් නොකර සිටිය හැක

ටික දිනකට පෙරත් මගේ පෙනහළුවල ආදර හුස්ම තිබුණි හදවතේ බිත්ති මත පවා ගණකමට ඔබේ වචන ඇලවී තිබිණ දුම් බීම නවත්වන්නා සේ මත්පැන් බීම මඟ හරින්නා සේ හදිසියේ සියල්ලෙන් මිදුණේ වෙම් ආදරය එතරම් නරක නැත මට වුණත් තවකෙකුට පෙම් නොකර සිටිය හැක

Continue reading

මුහුදම ඔබේ ඇස් ඇතුළෙ

මුහුදම ඔබේ ඇස් ඇතුළෙ නිල ගලා හැලෙන අබිරහස් බව මාව අත් පා නැති පිළිමයක් කරන මට ඔබ වැළඳගන්නට සිත විතරක් ඉතිරි වෙන සුදු පෙණ කැටි අතර ළතැවෙන ඉතාම චණ්ඩ රළකට වුව හැංගෙන්න හිතෙන මුහුදු නිල උතුරුන ඇස් සමඟ චලිතයක මට අවනත නොවන එකම සිතුවිල්ලක අපි පුපුරා හැලෙන කඳුළු පොකුරක එකිනෙකා ගැන වැළඳ ගන්නට අත්-පා නැති [...]

Continue reading

ඔබ ආසන්නයටවත් පැමිණීම

ප්‍රේමය කියන්නේ දරාගත නොහැකි උෂ්ණත්වයක්ද ප්‍රවේසමින් ලියූ ලියුමකින් පෙම්පතක් වෙන් කර ගන්න ඔබ දැන් දන්නවා නේද සමනලුන්  පමණක් ඉන්න නුවරක මාළුවෙක් වගෙයි මම රෝස මල් විතරක් පිපෙන උයනක ගදපාන මලක් වගෙයි මම ප්‍රේමය කියන්නේ මිනිස් බෝම්බයක් මට පපුවට ආසන්නයෙන් බැදගෙන පිපිරුම් සමඟ ටයිමරය ඔබ ආසන්නයටවත් පැමිණීම වැ‍රැදියි සදාකාලෙටම ඒත් මං ප්‍රේමයෙනි තවම

Continue reading

පොකුරු කතා සංස්කෘතියේ පොදු සිහිනය

රූපය චලනය වීමෙන් ඇති වන ප්‍රමෝදය අති මහත් බව දැනීමෙන් මිනිසා චලන චිත්‍රය පසු පස හඹා යන්නට විය. ඉනුත් රූපවාහිනිය ප්‍රධානය. සිනමා ශාලාවෙන් එළියේ සිටි ප්‍රේක්ෂකයා රූපවාහිනිය වටා රොක් වූයේ නිවසේ සිට බොහෝ දෑ එකවර ග්‍රහණය කර ගැනීමට විය යුතුය. රූපවාහිනී කතා මාලා එනම් සෝප් ඔපෙරා කාණ්ඩයේ කතා මාලා කෙරෙහි පොදු ප්‍රේක්ෂකයා මහත් ඇලීමෙන් පසු [...]

Continue reading

ශෝකයේ තනිකම

සොහොනක පිපිණු අරලියා මලක් මෙන් ශෝකයේ තනිකම ‍රැගෙන නො එන අයට තනි රකින විට පිපීමත් පුංචි වරදක් බව අරලියා මලක් සිතීමෙන් පසු වෙන

Continue reading

අතීතය සමනලුන් නොව

අතීතය සමනලුන් මෙන් අලංකාරයක් නොදැනෙන කරන්ට් වයර මත එල්ලී මියගිය වවුලන් මෙන් කර ගඳක් ගෙන එන

Continue reading

prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com