රාත්රියට
මුහුද ඇවිදින්න යන බව
සැවොම දන්නා රහසක්ද හිතවත
සිප්පි කටු නිසි තැන්වලට යොමු කරන
කකුළුවන්ය අනිසි ගමනින් ඇවිදින
මට්ටියෙකු-දෙන්නෙකු
ගොඩගලෙන් බිමට වැටෙන විට
ඇසී-නෑසී යන ළතෝනියක් ඇත
ගොඩබිමෙන් එපිටට නොයන
රාත්රියට
මුහුදට සිහිය නැතිවෙන බව දැන
ඇගේ රැළි සොරකම්කරන
කිඳුරියක් සිටිය හැකි බව කියමි මම
ප්රතිචාර
Powered by Facebook Comments
No Comments on "මුහුදට සිහිය නැතිවෙන බව දැන"