Archive > November 2014

ශෝකයය,රෝස මල් පෙතිය

මිරිඟුව මදහසය පතොක් ක‍ටුය තුහිනය ශෝකයය රෝස මල් පෙතිය

Continue reading

ඉරි කමිස

ළා නිල් පාට ඉරි කමිස තෙමි තෙමී වැස්සේ යන විටෙක කවුළුවෙන් හිස නොදා සොයමි කෝ ඔබේ විලවුන් සුවඳ

Continue reading

විලවුන් සුවඳ

කන්පෙති යට විලවුන් සුවඳ සාහසිකද මෙතරම්

Continue reading

පියාපත් ගලවමි

පියාපත් ගලවමි පෙනෙන-නොපෙනෙන තැන නවතිමි ගිරි කුළ මුදුන නැග අත වනන ඔබ දැක තටු නැතැයි සිතමි

Continue reading

ඒ සඳ තනිව ආ ගමනකි

ඒ සඳ තනිව ආ ගමනකි බිල්ඩින් උඩින් අඩ නිදිමතින් යන බව කියා යන්නට නිලට අහසට දොස් කියන්නට පෙර අත් දෙපසට කර තුරුළු වෙන්නට උරහිස පෙන්වන තනිව ගමනක් ආ සඳක් මඟහැර යන්න හිතෙන

Continue reading

එක තැන නතරව

දොර හැර සෙමින් වසා පරිච්ඡේදයක් කාරයෙන් බැස ගිය ඔබේ ශබ්දය පා හඬක් ලෙස යළි එනු ඇසෙන විට මේ විදිහමය හාත්පස පරිසරය එක තැන නතරව.

Continue reading

හැන්දෑව;

හැන්දෑව; බුමුතුරුණක් මෙන් අහසින් බිමට බසින විට කොයිතරම් ලැජ්ජයිද හවසට පිපෙන මල්වලට තමන්ගේම සොබාවික පමාව ගැන

Continue reading

අවාරයට පිපෙන

අවාරයට පිපෙන නෙළන්නට නොදෙන මලක න‍ටුවක ගෑවී සිතම කිති කැවෙන පෙති ලිහෙන මෘදු සුළඟ හමන කුඩා ගෙඋයන තනි තනිව අප ඇවිදින කන් පෙති රිදෙන සිහිනෙකට සියවර පැමිණ යළි සැඟවෙන මලක න‍ටුවක අතරමැද නවතින අවාරයට පිපෙන නෙළන්නට නොදෙන   Heart; tickled with joy Caressed by a stem of a flower Blooms off season Not allowed to […]

Continue reading

නිපාතයක් මෙන්

වෙනත් අය හුස්ම ගන්නා කවි අතර නිපාතයක් මෙන් ගැවසෙමි ඉඳහිට සඳැල්ලෙන් වැටෙමි නිපාතයක් හෙයින් නොරිදෙමි  

Continue reading

කරාබු ╰▶

කුඩා තාරකා හැඩයේ කරාබු. මං ඒවා ගලවලා තිබ්බා. මාස 04කට 05කට කලින්. ආදරේ මගෙන් ගිලිහෙන්න පටන් අරගෙනයි තිබුණේ. මං අදහස් කළේ පරිපූර්ණ ආදරයක්. හදවත තියෙනවයි කියලා අපි විස්වාස කරන ඇතුළාන්තය පුරා විදුලියක් වගේ ගමන් කරන හැඟීමක්. සමහර විට සියුම් රිදීමක්. එහෙම දෙයක් බලාපොරොත්තුවෙන් මං හිටියේ. නැවත වරක් පරිපූර්ණ ආදරේකින් මාව පිරුණම ඒ කරාබු යුගල කනේ […]

Continue reading

prev posts prev posts

Hit Counter provided by professional seo company
twitter-widget.com