වයින් වීදුරු පුරවා ගනී තමන්වම ඉවසිල්ලෙන් සීරුවෙන් අල්ලා ගන්න විටද බරැති පාදම ඉවසති කිතියෙන් අර්ධයක් ඇල කර තමා වෙතට තබන විට දෙතොල එයද ඉවසති විළියෙන් ඒත් ඔබ කලබල හිස් වූ විට නොපිරවෙයි කියා මද සැකයෙන්
Archive > December 2014
ඇයි ඔය තරම් බය
රන්වනින් බැබළෙන්න නොදෙනනිලම එහි පතුරන්න හදනසැඳෑ අහසඇයි ඔය තරම් බයහෙවනැළි වැටෙන ගස්වලට සේයාරුව – රුවන් නෙලූ
කිසිවක් සිදුව නැත
කිසිවක් සිදුව නැත අප ආදරය පවා හුවමාරු කරගෙන නැත හැරෙන්නවත්-නවතින්නවත් වෙහෙසක් වුවමණා නැත දියෙන් කිර වෙන් වන්නා සේ ගසකින් මලක් වැටෙන්නාක් මෙන් ප්‍රේමයම දෙපසකය එතෙක් කිසිවක් සිදුව නැත අපට ආදරය හුවමාරු කරගන්න ලැබී නැත
ඔබේ පෙම්වත්කම
උයන කෙලවර සුසුදු මල් ගස සල්ලාලයෙකු මෙන් සියලු මල් බිම හෙළන කීතු කීතු කරන කෙට්ටු අත් පා විසි කර හතර අත මහත මල් ගස් බයට පත් කරන ඔබේ සල්ලාලකම මා උයනෙන් එළියට විසි කළ ඔබේ පෙම්වත්කම තවත් උයනකට මා ඇරලුව එක
හඹා නො එමි
දිය පිරී තිබිණි මා’තින් බිඳ බිඳ ඉහිරී වියළී ගිය කොතලයකි දැන් ඔබ අත සුවඳ දනවන්නට තවත් නොහැක පිපාසයද සංසිඳී ඇත චණ්ඩව ගැලූ දිය රැළිද සන්සුන්ව නතර වූ දිය බුබුළුද වෙනසක් නොහඟවනු ඇත ප්‍රේමයද-ඇල්මද-ආශාවද එකම තේරුමකින් පහව ගොස් ඇත හඹා නො එමි ඔබද නවතින්න
ඈ
ඈ උත්තුංගවත්,උන්මන්තකවත් මට බලපෑමක් වෙමින් උන්නීය. දාහය දනවන තැන මහත් සීතලක් ඇති කරවන්නත්,සීතල දනවන තැන දාහය ඇති කරවන්නත් වග බලා ගත්තීය. දකුණත ඇඟිල්ලක රන්වන් මුද්දකින් මා වෙනෙකෙකුට බැඳ තබද්දීත් ඒ වගක් නැතිව මා යටත් කර ගත්තීය. මා ඒ වහල්කමට කැමැත්තෙන් පසු වීමි. කෙසඟ උස සිරුර,පිරිපුන් උඩුකය,පිරුණු දෙතොල සපිරි ඒ තුණු සිරුර කෙරෙහි මහත් ලෝභයෙන් යුක්තව […]
ආදරයකට එහෙම වෙන්න පුළුවන්ද
ආදරයකට එහෙම වෙන්න පුළුවන්ද මරණීය වේදනාවක් නොදෙමින් මිය යන්න පුළුවන්ද බලාපොරොත්තුවේ කුඩා සබන් බුබුළත් රිදී මුදුවක මෘදු ප්‍රේම අකුණත් එකවර මැකී යන්න පුළුවන්ද මට ඔබේ අසලම පෝසිලේන් පිළිමයක්ව හිටගෙන ඉන්න පුළුවන් විට ආදරයට එහෙම නොවෙන්න පුළුවන්ද